UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් පුර පසළොස්වක 2011.12.10

සැදැහැති සිත ගෙනෙන සෙත

තෙරුවන් විෂයෙහි සැදැහැති බොදුනුවා දක්වනුයේ මහත් ගෞරවයකි. ප්‍රසාදයකි. සැබැවින්ම බෞද්ධ වූ අපට තෙරුවන හැර අන් පිහිටක් අන් සරණක් තවත් නැත.

බොදුනුවා මෙලොවට බිහිවීමට පෙර සිටම එනම් මවු කුසයෙහි සිටම තෙරුවනෙහි ආශිර්වාදය රැකවරණය සලසා ගැනීම අපගේ බෞද්ධ සංස්කෘතියට අදාළ උදාර සිරිතකි.

වෙසෙසින්ම අපගේ ජීවිතයෙහි සෑම විශේෂ මොහොතකම තෙරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනෙනුයේ ද ඒ තෙරුවන කෙරෙහි ඇති මහත් වූ ශ්‍රද්ධාව හා ගෞරවය නිසාමය.

ජීවිතය හැකිතාක් තුනුරුවන් වෙතට යොමු කිරීමෙන් නැඹුරු කර ගැනීමෙන් වෙන සුවය සැනසීම අපමණ බව අප අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

අප්‍රමාණ කාලයක් සසර පුරා සැරිසරණ සත්වයා වාසනාවකට මෙන් මිනිස් ලොව උපත ලබයි. එසේ මිනිස් ලොව ලද උපත මඟින් කළ යුතු ක්‍රියා අතර ගුණ දහමට නැඹුරුව පිනට දහමට යොමු වී තෙරුවන කෙරෙහි ප්‍රසාදයෙන්, ගෞරවයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

ඊට හේතුව නම් සසරපුරා ගමන් කරන සත්වයාගේ සුගතියට, යහපතට, හේතුවන, උපකාරවන ක්‍රියාදාමය මෙහෙයවන්නා තමාම වන හෙයිනි.

ජීවිතයක යහපත හෝ අයහපත උදාකර ගනුයේ තමා විසින්මය.

ශ්‍රද්ධාව පවතින සිත පිනට යොමුවීම නොවැළැක්විය හැකිය. එහෙත් ඇතැම් අයකුට ඒ සැදැහැ සිත ඇති කර ගැනීමට අපොහොසත් වුවහොත් එහි ඵල විඳිය යුත්තේ ද ඔහු විසින්මය.

ගතට සිතට සහනය උදාකර ගැනීමට නම් අපහසුතා ඉවතලා හැකිතාක් තම සිතිවිලි යහපත වෙතම යොමුකරවිය යුතු ය. නැඹුරු කරවිය යුතු ය.

උතුම් තෙරුවන් ලොව පහළ වූයේ ඔබ අප වෙනුවෙන්ම ය. පරතෙරක් නොපෙනෙන සසර ගමනේ ඒ තෙරුවන සරණ ගොස් කටුක වූ සසර කතරෙන් එතෙර වීමට ඇති එකම මඟ තෙරුවන කෙරෙහි විශ්වාසයෙන්, ගෞරවයෙන්, ප්‍රසාදයෙන් කටයුතු කිරීමය.

තෙරුවන් වැඩ සිටින විහාරස්ථානය වෙත හැකිතාක් යොමුවීමෙන් සිතට ගලා එන අනේක විධ වූ කරදර බාධක දුරු වී සහනය උදා වෙයි.

සැදැහැසිත ගෙනෙන සෙත අපමණ බව කිව යුතු නොවේ.

හැම ක්‍රියාවකටම ඒ සිතම මුල් වෙයි. සිතිවිලි ක්‍රියාවට නැඟීමට ඒ සිතම පෙරටු වෙයි.

එබැවින් යහපත් වූ සිත හැම විට තමාට මෙන්ම සමාජයට ද උදාර වූ යහපතම උදාකර දෙයි.

අනවශ්‍ය දේ සිතින් බැහැර කර සිත සැහැල්ලුවට පත් කර ගත් විට සිතෙහි මෙන්ම ගතෙහිද නිරෝගී බව සුරැකේ. විඩාව මහන්සිය දුරු කර ගැනීමට හැමවිටම සිත තෙරුවන විෂයෙහිම පිදිය යුතුව ඇත.

යහපතට යොමු වන සිත සැදැහැසිතින් පිනට යොමු වෙයි. සැනසීම උදාකර ගත හැකි වටිනා මිනිස් දිවියකින් පසුතැවීමක් උදාකර ගන්නේ කුමටද?

සිරි සඟමිත් මහරහත් උත්තමාවියගේ අසිරිමත් ලංකා ගමනයත්, ජයසිරිමහ බෝ සමිඳුන් වැඩම කරවීමත් මෙරට බොදුනුවාගේ සිත් බුද්ධාලම්භන පී‍්‍රතියට යොමු කරවූ අනුස්මරණීය ඓතිහාසික අවස්ථාවකි.

ඒ සදානුස්මරණීය මතකය මෙනෙහි කරන ඓතිහාසික දිනය උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයි.

එබැවින් එවන් අසිරිමත් ඓතිහාසික දිනයෙක බොදු හදවත් තව තවත් තෙරුවන් වෙත පිදිය යුතු වේ. ඒ අපේ ඓතිහාසික වූ බොදු උරුමය වන හෙයිනි.

බොදු හැදියාවෙන් ඔපවත් වූ අප මෙවන් ඓතිහාසික මොහොතක ශ්‍රද්ධාව වර්ධනය කර ගනිමින් තෙරුවන් කෙරෙහි අන් කවරදාටත් වඩා යොමුවීමට, නැඹුරුවීමට, අදිටන් කර ගනිමු.

ඒ අදිටන සිරි සඟමිත් මහරහත් තෙරණිය මෙරටට වැඩම වූ ඓතිහාසික ජයසිරි මහ බෝ සමිඳුන් වෙත ද පිදෙන පූජෝපහාරයක් කර ගනිමු.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 09 වනදා සිකුරාදා අපර භාග 06.26 ට ලබයි.
10 වනදා සෙනසුරාදා අපරභාග 08.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 18 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]