UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

තණමල්විල බෝදාගම තුනේ කණුවෙහි පදිංචි ස්ථිර ආදායම් මගක් නැති, ගොවිතැනින් ජීවත්වන අවුරුදු 9 සහ අවුරුදු 8 ක ගැහැණු ළමයි දෙදෙනෙකුගේ සහ අවුරුදු 2 1/2ක පුතෙක් සිටින තිදරු පියෙක් වන එච්. ජී. පී. කුමාර අබේවික්‍රම 34 වියැති අය වකුගඩු රෝගයකින් පෙලෙන බව කියයි. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි ද කියති.

ඒ සඳහා “ ඕ” පොසිටිව් හෝ “ඕ” නෙගටිව් වර්ගයේ රුධිරය ඇති අයකුගේ සහාය බලාපොරොත්තු වේ. වකුගඩුවක් පිරිනැමීමට හෝ මුදල් ආධාර පිරිනැමීමට කැමති පරිත්‍යාගශීලීන් දුරකථන අංක 0718585153 ට හෝ දුරකථන අංක 0710715974 අංකයට දන්වන ලෙසත් කඩවත ලංකා බැංකුවේ 72464290 යන ගිණුම් අංකයට මුදල් ආධාර බැර කරන ලෙසත් ඉල්ලීමක් කැරේ.


ජාඇල මෙරිල් ෆොන්සේකා මාවතේ 11 / 100 සී. ආර්. බී. දේවදාස ප්‍රනාන්දු මහතා වකුගඩු ආබාධයෙන් පෙළෙන අතර ඔහු වයස අවුරුදු 45 කි. දෙදරු පියෙකි. ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීම සඳහා ඔහුට අවශ්‍ය වී ඇති අතර වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් 011 2239182 හෝ 0758725310 දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ. ජාඇල සෙලාන් බැංකුවේ අංක 0270 – 00736355 – 101 ගිණුමට ආධාර කළ හැකි බවද කියයි.


දිවුලපිටිය, පින්නකැලේවත්ත, අංක 92, නිවසෙහි පදිංචි ඊ. ඒ. නිමල් එදිරිසිංහ මහතා දරුණු වකුගඩු ආබාධයකට ලක්ව සිටින අතර ඉතා ඉක්මනින් ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇතැයි කියති.

ඒ සඳහා ‘ ඒ’ හෝ ‘ ඕ’ වර්ගයේ වකුගඩුවක් දිය හැකි පරිත්‍යාගශීලියකු වේ නම් පහත දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලා සිටියි. තවද ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන බැවින් මුදල් ආධාරයක් කිරීමට කැමති පින්වතකු සිටී නම් දිවුලපිටිය ශාඛාවේ, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අංක 1 – 0096 – 21 – 46142 යන ගිණුමට ආධාර කරන මෙන් ද ඉල්ලීමක් කැරේ.

දුරකථන අංකය :- 031 - 3616570


දැනට මහනුවර රෝහලේ වකුගඩු රෝහල් ඒකකයේ ප්‍රතිකාර ලබන නො. 108 වෑවල, හොරණ පදිංචි මේනකා සමරසේකර මහත්මියට ඉතා ඉක්මනින්ම වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් කිරීමට සිදුව ඇති බැවින් ඒ සඳහා ඕ හෝ ඒ බී රුධිර වර්ගයට අයත් වකුගඩුවක් පරිතාග කිරීමට හැකි අයෙකු වහාම සොයයි. පරිත්‍යාගශීලියෙකු ඉදිරිපත් වන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වලට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කැරේ.

0711089799, 0775828433 දුරකතන අංක වෙතින් විමසිය හැකිය.


මොරටුව සොයිසා මහල් නිවාසයේ පදිංචි 55 වියැති ඒ මනෝරන්ජිදම් මහත්මිය දැනට බරපතළ වකුගඩු ආබාධයකට ලක්ව ලංකා රෝහලේ කාමර අංක 4018 හි ප්‍රතිකාර ලබමින් සිටි එහි වෛද්‍ය සුජිත් සෝම්‍යයා මහතා  (Consultant Nephrologists)  ඇයට වහාම ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව නිර්දේශ කර ඇත.

ඉහත ශල්‍ය කර්මය සඳහා ඕ පොසිටිව් වර්ගයේ ලේ ඇති වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියකු වෙතොත් දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කැරේ.

0713356375 දුරකතනයෙන් විස්තර දැනගත හැකි බවද කියයි.


හෙට්ටිපොල, නාගොල්ලාගම, පහළ පිහිඹිය පදිංචි එස්.එච්. එම්.පියතිස්ස මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙලෙන අතර දැනට ජාතික රෝහලෙහි 49 වාට්ටුවෙහි ප්‍රතිකාර ලබන බව කියයි. බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතකු සිටී නම් පහත දුරකථන අංක අමතන ලෙස ද ඉල්ලීමක් කැරේ.

0714968221 , 0716311935 , 0375750009

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 09 වනදා සිකුරාදා අපර භාග 06.26 ට ලබයි.
10 වනදා සෙනසුරාදා අපරභාග 08.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 18 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]