UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මොනරාගල, මාරිඅරාව තෙල්දෙනියේ පදිංචි රංජිත් ජයසේකර මහතාට “ඕ පොසිටිව් වර්ගයේ,” වකුගඩුවක් අවශ්‍යව ඇති බැවින් ඒ මහතාට එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කරන අයකු හෝ හිමිනමක් වෙතොත් වැඩිදුර විස්තර 055 3564344 දුරකථන අංකය ඔස්සේ ලබාගත හැකි බව කියයි.


ඉහළ කොරටුව, උඩුපීල්ලේගොඩ, හක්මන පදිංචි ඩී.එච්.සුනිල් මහතා (අවුරුදු 50) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි කියති. ඔහු දියණයන් තිදෙනෙකුගේ පියෙකු වන අතර මෙම දරුවන්ට රැකවරණය සලසන්නේ ද මොහු විසිනි. සුනිල් මහතා මුලින්ම රැකියාව ලෙස පෞද්ගලික කොන්දොස්තරවරයෙකු ලෙස රැකියාව කර ඇත. ඉන් ඉවත්ව පතල් කර්මාන්තය ආශි‍්‍රතව රැකියාව කරන අතරතුර දියනෑමට යෑමේ දී ඉතා අවාසනාවන්ත ලෙස කිඹුලෙකුට ගොදුරු වී ඇත. කිඹුලා සමග පැවති දරුණු පොර බැදීමකින් කිඹුලා ඔහුගේ එක් අතක් කඩාගෙන ගොස් තිබේ. ජීවත් වීමේ සටන එයින්ද අත් නොහළ මොහු ලොතරැයි විකිණීම රැකියාව වශයෙන් කරගෙන යන ලදී. අතේ තුවාලයට බෙහෙත් කරන අතරතුර දරුණු වකුගඩු රෝගයට ගොදුරු විය. ඔහුගේ බෙහෙත් සඳහා විශාල මුදලක් වැය වන අතර “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍යව ඇති බැවින් ඔහුගේ දියණියගේ ගිණුම් අංකය ලංකා බැංකුව, හක්මන ශාඛාව ඩී. ඩබ්ලිව්. ජයනි චතුරිකා 4495289 යන ගිනුම් අංකයට ආධාර මුදල් යොමුකළ හැකිය. වැඩි විස්තර සඳහා පහත දුරකතන අංකයන්ට අමතා තොරතුරු දැන ගත හැකිය. 071 – 7700974, 071 6301094, 071 5625021,


පූගොඩ, කුමාරිමුල්ල, අංක 116 පදිංචි කේ.ඒ. දයාවතී කොඩිකාර මහත්මියගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති අතර ඇයගේ ජීවිතය බේරා ගැනීමට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇතැයි කියති. එනිසා ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමති පින්වතෙක් හෝ හිමිනමක් සිටී නම් පහත සඳහන් දුරකථන අංකයනට දන්වා සිටින මෙන් ඉල්ලීමක්කැරේ. 0112404819, 0777 629201, 0777 608640 එම සැත්කමට අධික මුදලක් වැයවන නිසා මුදලින් ආධාර කළ හැකි පින්වතුන් පහත සඳහන් ගිණුම් අංකයට යොමුකරන මෙන්ද ඉල්ලීමක් කැරේ. ලංකා බැංකුව පූගොඩ ශාඛාවේ ගි.අං. 2917449


රෝකලනඩ් පාර, මාගල්කන්ද, මග්ගොන පදිංචි එන්.ජේ. එදිරිසිංහ මහතාගේ වකුගඩු දෙකම නරක් වී ඇති බැවින් ඒ සඳහා වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ මහා රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා විසින් නිර්දේශ කර ඇතැයි කියති. ඒ සඳහා “බී පොසිටිව්” වර්ගයේ හෝ “ඕ පොසිටිව්” වර්ගේ වකුගඩුවක් ලබා දීමට කැමැති පරිත්‍යාගශීලියකු වෙතොත් 071 5172458 යන දුරකතන අංකය වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


වකුගඩු ආබාධයෙන් පෙළෙන රත්මලාන ශ්‍රී ධර්මාරාම පාරේ 36 /3 හි පදිංචි කේ.අසංක දිල්ෂාන් සිල්වා (26) මහතාට ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීම සඳහා අවශ්‍යව බව කියයි. ඔහු සුවපත් කිරීමට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් 0725848510 දුරකතනයෙන් විමසන ලෙස ඉල්ලීමක් කැරේ.

 

වප් අව අටවක පෝය

වප් අවඅටවක පෝය ඔක්තෝබර් 19 වන දා බදාදා අපරභාග 08.55 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.45 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 20 වනදා බ්‍රහස්පතින්දායි

මීළඟ පෝය ඔක්තෝබර් 26 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]