UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

විද්‍යාවාස පිරිවෙනේ පින්කම්

මීරිගම, මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේ 126 වැනි වරට සිදුකැරෙන කඨින මහා පූජෝත්සවය සහ විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයෙහි, විහාරාධිපති හා පරිවේණාධිපති ධූරයන් හොබවා අපවත් වී වදාළ, නිතලව ශ්‍රී ඤාණේශ්වර නාහිමි, පිදුමේ රතන නාහිමි, නුගදෙණියේ ධම්මානන්ද නා හිමි, මකුලෑවේ විජය නාහිමි යන ස්වාමීන් වහන්සේලාගේ ගුණානුස්මරණ පින්කම් ද ඔක්තෝබර් මස 08, 09, 10, 11, 12 යන දිනයන් හි විද්‍යාවාස පිරිවෙනේ දී පැවැත්වේ.

ඉතිරිය»

සම්බුදු සසුනේ චිරස්ථිතියට ඉවහල් වන වැඩසටහන් ඉදිරිපත් කර තිබීම ඉතා වැදගත්

සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම උදෙසා ඉදිරිපත් කරන ලද විසි වැදෑරුම් වැඩපිළිවෙළ යටතේ් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා බෙහෙවින් ඉවහල් වන වැඩසටහන් දෙකක් ඉදිරිපත් කර තිබීම ඉතා වැදගත්. බුද්ධ ශාසන පනත් කෙටුම්පත හා නිකාය කතිකාවක් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සම්මත කරවා ගැනීම කඩිනම් කරවා ගැනීමත් බෞද්ධයන් වෙනත් ලබ්ධිවලට හරවා ගැනීමේ ක්‍රියාදාමය වළකාලීම සඳහා නෛතික ආවරණ තහවුරු කිරීමත් මේ වැඩපිළිවෙළ අතර වැදගත් වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

බුදු නුවණින් දුටු සේක

කරුවල රාත්‍රියක විදින ලද හී තලයක් යම් සේ නොපෙනේද එසේම පාපි පුද්ගලයා ලඟ සිටියත් බුදුනෙතට ඔහුව නොපෙනේ. ධර්මාවබෝධයක් ලැබීමට නොහැකි බැවිනුත් මෝහයෙන් මුලාවූවකු බැවිනුත්, ඔහු යහමගට ගැනීමට නොහැකි බැවිනුත් බුදුනුවණ ඔහු වෙත යොමු නොවන්නේමය. ජේතවනාරාමය පෙනී පෙනී සිටියද චුන්දසූකරික ලඟ බුදුමඟයාමට හේතු සම්පත් නැති බැවින්ද සසර පුරා ගෙන ආ පාපකර්මයන්ගෙන් ඔහු යටපත් කර ඇති බැවින්ද බුදු නුවණට ඔහු හමුවූයේ නැත. අනන්ත වූ කරුණාවෙන් තුන්ලොවක් සනසා වදාළ මහා කාරුණිකයාණන් වහන්සේගේ බුදුනෙතටවත් පාපි පුද්ගලයා දිස්වන්නේ නැහැ. අපි කරනා කුසලා කුසලකර්ම දම්වැලේ පුරුක් මෙන් භවයෙන් භවය බැදීගෙන අප සමග පැමිණෙනවා. අප සසර පුරාගෙන යන්නේ අප කරන කුසල් අකුසල් පමණයි.

ඉතිරිය»

කොටියාගල චන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඌව බින්තැන්න මඩකලපුව තෙපළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීමේ මහෝත්සවය

මොනරාගල, විහාරමුල්ල, මුප්පනේ රාජ මහා විහාරය, කොටියාගල වත්තේගම රාජමහා විහාරය ආදී අෂ්ට මහා විහාරාධිපති මො/ සිරිසුමන මහ පිරිවෙනේ පරිවේණාධිපති ශාස්ත්‍රවේදී කොටියාගල චන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට “ සද්ධර්ම කීර්ති ශ්‍රී සරණංකර” ගෞරව නාමය සහිත මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ඌව බින්තැන්න, මඩකලපුව තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ මහෝත්සවය මෙම 27 වනදා මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී සහ අභිනව නාහිමියන් පිළිගැනීමේ මහෝත්සවය 29 වන දා විහාරමුල්ල මුප්පනේ රාජ මහා විහාරස්ථානයේදී පැවැත්වේ

ඉතිරිය»

බෙල්ලන්විල රජ මහා විහාරයේ බිතු සිතුවමක්
 කොළඹ දිස්ත්‍රික්කයේ බෙල්ලන්විල රජ මහා විහාරයේ නව බිතු සිතුවම් නිර්මාණය කර ඇත්තේ ලංකාවේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වූ සෝමබන්ධු විද්‍යාපති විසිනි. සුවිශේෂී එම බිතු සිතුවම් පෙළෙහි ඇති බුදුරජාණන් වහන්සේ මුචලින්ද නාග දරණය යට සවෙනි සතිය ගත කරන අයුරු පෙන්නුම් කරන සිතුවමකි
ඡායාරූපය - ජනක  වෙත්තසිංහ

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 26 වන දා සඳුදා අපර භාග 08.22 ට ලබයි. 27 වන දා අඟහරුවාදා අපරභාග 04.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]