UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

නවකථාව සහ සමාජය

(1964 දී කෑගල්ලේ පැවති සිංහල සාහිත්‍ය සම්මේලනයේදී හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් විසින් පවත්වන ලද දේශනයයි.) මෙය නාරාවිල පැට්රික් විසින් පිටපත් කර එවන ලදී.

නවකථා යන නමින් මෙකල ව්‍යවහාරයට පත් චරිත නිරූපණාත්මක නිබන්ධන විශේෂය අතීතයෙහි ඒ ඒ පුද්ගලයන්ගේ නන් වැදෑරුම් චරිත හා එකෙකා අතර ඇතිවූ සිද්ධීන් ද ප්‍රකට කරනු පිණිස ‘කථා’ යන නාමයෙන් ව්‍යවහාරව පැවති බව පැරණි පොත පත ගැන විමසා බලන විට පෙනී යයි. එබඳු කථා ඒ ඒ රටවල ගෙතී ඇත්තේ ඔවුන්ගේ ආගමික පිළිගැනීම් හා මහජනයාගේ රුචිය නැමී ඇති සිද්ධීන් ද ආශ්‍රය කොට ගෙන බව කිව හැකිය. පැරණි අවධියේ දඹදිව උගතුන් විසින් ගොතන ලද එවැනි කථා නිර්මාණවාදයට මෙන් ම දේවභක්තියට ද, රජුන් අතර පැවති යුද්ධ කෝලාහලවලට ද, වීරාභිවාදනයට ද, හදිසි භාග්‍යෝදයන්ට ද මුල්තැන දෙමින් සැකසී ඇත. දශකුමාර චරිත, කථාසරිත්සාගර වැනි පොත් ගැන සලකන විට මේ බව පැහැදිලි වෙයි.

ඉතිරිය»

බිනර අව අටවක

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 20 අඟහරුවාදා පූර්ව භාග 6.35 ට ලබයි.
21 වනදා බදාදා පූර්ව භාග 07.30 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම සැප්තැම්බර් 20 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය සැප්තැම්බර් 27 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]