UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ධම්මචක්කපවත්තන සූත්‍ර සජ්ඣායනය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය මූර්තිමත් වනුයේ බුදුන් වහන්සේගේ මංගල ධර්ම දේශනයෙනි. ඇසළ පෝය දින දඹදිව ඉසිපතන මිගදායේදී සිදුවූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවත් සමඟ ධර්මය ලොව පහළවීම සංඝ සමාජය ලොව පහළවීම, නිනව්වක් නැතිව සසර හා බද්ධව පැවති ජනතාවට විමුක්තිය ලැබීම හා සසරින් ඉවත්වීමට අවස්ථාව සැලසීම, බෞද්ධ සංස්කෘතියේ ආරම්භය ආදී සුවිශේෂි සංසිද්ධීන්ගේ ආරම්භය සිදුවිය. වෙසක් උත්සවය යම් තරමකට බෞද්ධ ජනතාවට වැදගත් වන්නේ ද, ඒ හා සමානවම ඊට නොදෙවෙනිව ඇසළ පෝය දිනය ද ඉහත සංසිද්ධීන් නිසා වැදගත් වන්නේය.

ඇසළ පෝය සම්බන්ධයෙන් දක්නට ඇති එම සුවිශේෂිත්වය පිළිබඳව සැලකිල්ලට ගනිමින් බෞද්ධ ජනතාව අතර ඇසළ පෝය පිළිබඳව සුවිශේෂි අවබෝධයක් ඇති කිරීම සඳහා රාජ්‍ය සේවා බෞද්ධ සංගමය දැනට වර්ෂ කිහිපයක සිට මෙරට ප්‍රසිද්ධ විහාරස්ථානයකදී ඇසළ පෝය දින පස්වරු 6.30 – 7.30 දක්වා ධම්මචක්කප්පවත්තන සූත්‍රය සජ්ඣායනය කරනු ලබන අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිටි එෆ්. එම් සේවය ඔස්සේ සජීවීව ලොව පුරා විසුරුවා හැරීම සිදුකරනු ලැබේ.

එම අවස්ථාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් මගින් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බෞද්ධ සමායෝජක නිලධාරි මගින් සියලුම විහාරස්ථාන හරහා බෞද්ධ ජනතාව දැනුවත් කිරීම සිදු කරනු ලැබේ.

සමස්ත බෞද්ධ ප්‍රජාවම එම වැඩ සටහන පිළිබඳව දැනුවත් කර ඇසළ පෝය දින පස්වරු 6.30 – 7.30 දක්වා ධම්මචක්කප්පවත්තන සූත්‍රය සජ්ඣායනය සිදුවන අවස්ථාවේදී තමන්ගේ හඬින් සජ්ඣායනය හා සම්බන්ධ කරවීම රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ අරමුණයි. මෙවර ධම්මචක්කප්පවත්තන සූත්‍ර සජ්ඣායන වැඩ සටහන කැලණිය රජමහා විහාරස්ථානයේ දී ඇසළ පෝය දින පස්වරු 6.30 – 7.30 දක්වා සිදු කෙරේ.

බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 24 වන දා ඉරිදා අපර භාග 07.53 ට ලබයි.
25 වන දා සඳුදා අපරභාග 09.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 25 වන දා සඳුදා ය.
මීළඟ පෝය
මැයි මස 02 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]