UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දයාවංශ ජයකොඩි නවකතා අත්පිටපත් තරගය - 2010

ජයග්‍රාහී නවකතාවට රුපියල් පනස් දහසක්

සිංහල සාහිත්‍යයේ ප්‍රගමනය උදෙසා උසස් තත්ත්වයේ නවකතා බිහි කිරීම, හරවත් නවකතා පරිශීලනය කිරීමේ අවස්ථාව පාඨකයින්ට ලබාදීම, ඒ සඳහා නිර්මාණකරුවන් උනන්දු කරවීම මෙන්ම කුසලතාපූර්ණ ආධුනික නවකතාකරුවන් රටට හඳුන්වාදීම අරමුණු කර ගනිමින් දයාවංශ ජයකොඩි සහ සමාගම ආරම්භ කළ නවකතා අත්පිටපත් තරගය 2010 වසරේ ද පැවැත්වේ. ජයග්‍රාහී හොඳම නවකතාව සඳහා මුදලින් රුපියල් පනස් දහසක් (රු.50,000/-) ත්‍යාගයක් සමඟ දයාවංශ ජයකොඩි සම්මානය සහ සහතිකයක් ප්‍රදානය කෙරේ. නවකතා රචනයේ දක්‍ෂතා ඇති ඕනෑම අයෙකුට සමාජ ප්‍රගමනයට දායක වන ආකාරයේ ඕනෑම තේමාවක් යටතේ නිර්මාණය කළ ස්වතන්ත්‍ර නවකතාවක් මේ සඳහා ඉදිරිපත් කළ හැකිය. එක් තරගකරුවකුට නිර්මාණ එකක් හෝ කිහිපයක් තරගයට යොමු කළ හැකි අතර අවම වචන ප්‍රමාණය වචන පනස් දහසකට (50,000) නොඅඩු විය යුතුය.

සම්මත අක්ෂර වින්‍යාසයට හා ව්‍යාකරණ රටාවට අනුකූලව A - 4  ප්‍රමාණයේ කඩදාසිවල තනි පැත්තේ පමණක් පැහැදිලි අත් අකුරින් ලියා හෝ යතුරු ලියනය කළ නිර්මාණය එක පිටපතකින් එවිය යුතු අතර තරගය සඳහා ඉදිරිපත් කරන අත්පිටපතේ කිසිදු ස්ථානයක තරගකරුගේ නම හෝ හඳුනාගත හැකි විශේෂ සලකුණක් සටහන් කර නොතිබිය යුතුය. මූලික අවශ්‍යතා සපුරා ඇති අත්පිටපත් තරගය සඳහා තෝරා ගන්නා අතර ඒ බව අදාල තරගකරුවන්ට දැනුම් දෙනු ලැබේ. තමන්ගේ තොරතුරු සඳහන් අයදුම් පත්‍රයක් අත්පිටපත සමග අමුණා එවිය යුතුය. නිර්මාණ භාර ගන්නා අවසාන දිනය 2010 දෙසැම්බර් 31 වැනිදා වන අතර සෑම අත්පිටපතක්ම එදිනට පෙර කොළඹ 10, මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ පිහිටි දයාවංශ ජයකොඩි සහ සමාගම වෙත තැපැල් මගින් හෝ පැමිණ භාරදීම කළ හැකිය. තරගය පිළිබඳ අවසන් තීරණය දයාවංශ ජයකොඩි සහ සමාගම සතුය.

නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 16 වන දා සඳුදා පූර්ව භාග 12.08 ට ලබයි. 17 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 16 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අගෝස්තු 24 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]