UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහජන බැංකුවේ 49 වන සංවත්සරය වෙනුවෙන් රට පුරා ක්‍රියාත්මක කර ඇති ආගමික හා සමාජ සුබසාධන වැඩපිළිවෙළට සමගාමීව මහජන බැංකුවේ ආරම්භක සභාපති වින්සන්ට් සුබසිංහ මහතා අනුස්මරණය කරනු පිණිස ඉදිකරන ලද අනුරාධපුර ලංකාරාම ධර්මශාලා මන්දිරය සඟ සතු කර ඉකුත් දා විවෘත කරන ලදී. අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් එය පැවති අතර, එම අවස්ථාවට ලංකාරාම විහාරාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැළපනාවේ ධම්මජෝති නාහිමියන් ඇතුළු අටමස්ථානයට අයත් විහාරස්ථානවල මහා සංඝයා වහන්සේද සහභාගි වූහ.
මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරි පී.වී.පතිරණ මහතා ධර්මශාලා මන්දිරය විවෘත කරන ලද අවස්ථාව. මහජන කටයුතු හා අලෙවි ප්‍රධානි දීපාල් අබේසේකර, උතුරු මැද කලාප සහකාර සාමාන්‍යාධිකාරි පී.එම්. ධර්මපි‍්‍රය, අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකාර ජී.ඒකනායක, ලංකා බැංකු සේවක සංගමයේ මහජන බැංකු ශාඛාවේ සභාපති ඒ.කේ. බණ්ඩාර යන මහත්වරුද මෙහි වෙති.

ලබන වෙසක් පුර පෝදා සිට 2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නම් කිරීමට ජනපති තීරණය කරයි

ලබන වසරේ (2011) වෙසක් පුර පොහෝ දින සිට 2012 වෙසක් පොහෝ දිනය දක්වා “2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය” ලෙස නම් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කළ බව සම්බුද්ධත්ව ජයන්ති ලේකම් කාර්යාලය පවසයි.

ඉතිරිය»

නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 16 වන දා සඳුදා පූර්ව භාග 12.08 ට ලබයි. 17 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 16 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අගෝස්තු 24 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]