UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සංඝරාජ පෙරහර ඇසළ පෝදා

වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමි අනුස්මරණය කරමින් මල්වතු මහා විහාරයීය සංඝරාජගුණානුස්මරණ සමිතිය මඟින් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන සංඝරාජ මාහිමිගේ ප්‍රතිමාව වැඩමවාගත් සංඝරාජ මහ පෙරහර ඇසළ පුර පසළොස්වක පෝය දින අත්‍යාලංකාරයෙන් පැවැත්වීමට මහෝපාධ්‍යාය අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් යුත් සංඝරාජ ගුණානුස්මරණ සමිතිය විධි විධාන යොදා ඇත.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්ගේ ආසිරි වාදයෙන් පැවැත්වෙන සංඝරාජ පෙරහර ආරම්භ කිරීමට පළමුව මල්වතු මහා විහාරයීය උපෝෂථාගාරය අබියසදී සංඝරාජ ගුණ සමරු උත්සවයක් ද පැවැත්වේ. සවස 02.30 ට මල්වතු මහා විහාරයෙන් පිටත්වන සංඝරාජ පෙරහර මහනුවර වීදි සංචාරය කර සවස මල්වතු මහා විහාරයෙන් ගෙවදී. මහනුවර බෞද්ධ සමිති නියෝජිතයින්ගේ ද සංඝරාජ ගුණානුස්මරණ සමිතියේ සහ සංඝරාජ දහම් පාසලේ හා දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් පෙරහර ආරම්භ කිරීමට පළමුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරු ප්‍රධාන ආරාධිත අමුත්තන් සංඝරාජ මාහිමි ප්‍රතිමාවට පුෂ්ප පූජෝපහාර දක්වනු ඇත.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 25 වනදා පූර්ව භාග 05.12 ට ලබයි.
26 වනදා සඳුදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය
අගෝස්තු 03 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]