UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අමාදහර වෙසක් සදහම් කලාපයෙන්.....


ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් අමාදහර වෙසක් සදහම් කලාපය ඉකුත් වෙසක් පෝදා සිට තෙදිනක් ලේක්හවුස් මන්දිරය අබියසදී උත්සවාකාරයෙන් පවත්වන ලදී. ඊට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අනුග්‍රහය දැක් වූ අතර විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ස්වාධීන රූපවාහිනි සේවය හා ලක්හඬ ගුවන් විදුලිය මගින් සිදු කැරිණි. අමාදහර වෙසක් සදහම් කලාපය ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් වෙසක් පෝදා ආරම්භ කැරිණි. එහිදී ප්‍රධාන ආරාධිතයා වූ කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යතුමා එම සදහම් කලාපයේ විදුලි ආලෝකය විවෘත කළ අවස්ථාව. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක ග්‍රේන් යං මහතා ද, ස්වාධීන රූපවාහිනි සේවයේ අධ්‍යක්ෂ හෂීම් ඕමාර් මහතා ද ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා ද සේයාරුවේ වෙති.


අමාදහර වෙසක් සදහම් කලාපයේ තෙවන දිනයේදී ප්‍රධාන ආරාධිතයා වූ (ඉකුත් 29 දා) ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා විසින් විදුලි ආලෝකය විවෘත කළ අවස්ථාව. ලේක්හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර, මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක හා සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහත්වරු ද සේයාරුවේ වෙති.


අමා දහර වෙසක් සදහම් කලාපයේ දෙවන දිනය වූ ඉකුත් (28) දා විදුලි ආලෝකය ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහතා විසින් විවෘත කළ අවස්ථාව. එම වෙසක් කලාපයට ප්‍රධාන අනුග්‍රහය දැක්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන අලෙවි නිලධාරී අජන්ත සෙනෙවිරත්න, ලේක්හවුස් මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහත්වරුද සේයාරුවේ වෙති.


ලේක්හවුස් බැති ගී කණ්ඩායම බැති ගී ගායනයේ දී....


දෙවන ස්ථානය දිනා රුපියල් එක්ලක්ෂ පනස්දාහක ත්‍යාගය හිමිකරගත් දර්ශනීය වෙසක් පහන් කූඩුව එය ගනේමුල්ලේ පදිංචි කේ. බී.ඒ. උපුල් කුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලද්දකි.


ප්‍රථම ස්ථානය දිනා රුපියල් ලක්ෂ දෙකක ත්‍යාගය හිමිකරගත් දර්ශණීය වෙසක් පහන් කූඩුව. එය මිරිස්සේ පදිංචි පී.කේ. විමලසේන මහතා විසින් නිර්මාණය කරන ලද්දකි.


තෙවන ස්ථානය දිනාගත්තේ ආඩිඅම්බලම පදිංචි කේ. ඉන්ද්‍රදීප යෝගචන්ද්‍ර මහතා ඉදිරිපත් කළ වෙසක් පහන් කූඩුවයි.

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය ජූනි මස 4 වන දා සිකුරාදා අපරභාග 02.32 ට ලබයි. 5 වන දා සෙනසුරාදා අපරභාග 04.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 04 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය ජූනි 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]