| සදහම් දැනුම
			 වහුමුවේ විජයවංස නා හිමි 
			 
			ප්‍රශ්නයශ්‍රී ලංකා ශාසනික ඉතිහාසයේ මුල්ම ආරාම පූජාව වශයෙන් සැලකෙන්නේ කුමන 
			අවස්ථාවක් ද? එහි සහභාගීත්වය සහ මූලිකත්වය පිළිබඳ පැහැදිලි කරන්න.
 
			පිළිතුරමිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනයෙන් දෙවන දින උදෑසන මහ රහතන් 
			වහන්සේ හමු වූ දෙවනපෑතිස් මහරජතුමා ස්වාමීනී! ආරාම සංඝයාට කැපදැයි 
			ඇසීය.
 
			බිම්සර මහරජුගේ වෙළුවනාරාම පූජා කිරීමේ පුවත ගැන සඳහන් කළ මහරහතන් 
			වහන්සේ ආරාම පූජා පිළිගැනීම භික්‍ෂූන්ට කැපයයි වදාළහ. සතුටට පත් රජතුමා 
			මහමෙවුනා උයන සඟ සතු කොට පූජා කළහ. සිරිලක සිදු වූ පළමු ආරාම පූජාව ද 
			එයම විය. 
 
			 
			ප්‍රශ්නයශ්‍රී ලංකාවේ පිහිටුවන ලද මුල්ම පිරිවෙන් අධ්‍යාපන ආයතන දෙක මොනවාද? 
			එහි නිර්මාතෘවරුන් වහන්සේගේ නම කුමක්ද?
  
			පිළිතුරඅතිපූජ්ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ විසින් විද්‍යොදය 
			පිරිවෙන බු.ව. 2416 දී ද ශ්‍රී බු.ව. 2418 දී රත්මලානේ ශ්‍රී ධර්මාලෝක 
			නාහිමියන් වහන්සේ විසින් විද්‍යාලංකාර පිරිවෙන ද පිහිටුවන ලදී.
 
			 
 
			ප්රශ්නයසැවැත් නුවර සිටු කුලයක උපන් සිටු දියණියකි. මනහර රූ සිරින් හෙබි ඇය 
			සොළොස් වියට පත් වූ විට ඇය පතා දඹදිව රජ සිටුවරු හසුන් පත් එවූහ. හසුන් 
			පත් දුටු පියසිටුවරයා මෙසේ සිතයි. මාදුව මෙතෙක් දෙන සතුටු කළ නොහැකි ය. 
			එහෙයින් ඇය උපායකින් ගැලවීමට දියණිය කැඳවා පැවිදි වනු රිසිදැයි ඇසීය. 
			ඇයද එයට බෙහෙවින් කැමැති වූවා ය. මේ තැනැත්තිය කවුද?
 
			පිළිතුරනිලුපුල් ගැබ්වන් සිව් පැහැ (ඡවි වර්ණ) ඇති බැවින් ඕ උත්පලවර්ණ නම් 
			වූවා ය. සම්බුද්ධ ශාසනයෙහි ද්විතීය ශ්‍රාවිකාව වූ ඇය සෘද්ධිමත් 
			භික්‍ෂූණීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූහ.
 
 
			 
			ප්රශ්නයසිරි ලක්දිව භික්‍ෂුණී ශාසනයෙහි ආරම්භක සාමාජිකයන් වීමේ භාග්‍යය ලැබුවේ 
			කවුද?
 
			පිළිතුරඅනුලාදේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් සංඝමිත්තා මහ රහත් මෙහෙණිය අතින් 
			පැවිදි වූවා ය.
 
 
			 
			ප්‍රශ්නයශ්‍රී මහා බෝධි ආගමනය සටහන් වන මහා බෝධි වංශයෙහි පහත සඳහන් වැකි 
			කිහිපයක් මඟින් අනුරාධපුර මහා විහාරය විස්තර කොට ඇත. “මෙසේ ගොඩනැඟිලි 
			රැසකින් මහත් බවට පැමිණි මහා විහාරය එපරිද්දෙන්ම ‘සිංහ වික්‍රීඩිත’ කොට 
			කරවූ බවත් මහතෙරවරුන්ගේ වාසයට යෝග්‍ය වූ බැවින් මහා විහාර නම් වූ බවත් 
			සඳහන් වන්නේ.
 
			මෙහි සඳහන් “සිංහ වික්‍රිඩිත කොට” යන්න පැහැදිලි කරන්න. 
			පිළිතුරමහාබෝධි වංශයෙහි ම එය මෙසේ විස්තර කොට ඇත.
 
			“යම් සේ සිංහයාගේ වාළධී කෙළවර (වලිගය) වැදගත් තැන බෝධි ගෙයද දකුණු පස 
			පිහිටි තැන නාග ඵණාකාර වූ මහා ප්‍රාසාදය වේද වම් පස පිහිටි තැන 
			සන්නිපාත ශාලාවේද නාභි ස්ථානයෙහි ධාතුගෙයවේද වමලයෙහි රාශි මාලකය වේද 
			දකුණත පිහිටි තැන භෝජන ශාලාව වේද වම් අත පිහිටි තැන බුබ්බුලාකාර ව 
			රත්මාලී චෛත්‍ය වේද ගී‍්‍රවය පිහිටි තැන කණඨ නම් පුෂ්කරණිය වේද කර 
			පෙරළා දකුණැලයෙන් බලන්නහුගේ දුෂ්ඨිය හුනු තැන මහ පිළිම ගෙය වේද? 
			යනුවෙන් අනුරාධපුර පූජනීය පෙදෙසේ ගොඩනැඟිලි සැලැසුම්කොට තිබූ ආකාරය 
			පැහැදිලි කර ඇත. 
 
			 
			ප්රශ්නයකාලාශෝක රජතුමාගේ සහාය ඇතිව මාස අටක් පුරා දඹදිව වාලුකාරාමයෙහි දී සිදු 
			වූ විශේෂ ශාසනික සිදුවීම කුමක්ද?
 
			පිළිතුරබුද්ධ පරිනිර්වාණයෙන් සියක් අවුරුදු ගත වූ විට වජ්ජිරට විශාලා මහනුවර 
			වාලුකාරාමයෙහි දෙවන ධර්ම සංගායනාව සිදු කැරිණි. මෙම සංගායනාවෙහිදී 
			මුලසුන රේවත මහ තෙරුන් වහන්සේ ඉසුලූ අතර සබ්බ කාමී මහ රහතන් වහන්සේ 
			සංගායනාවෙහි ප්‍රධාන ස්ථානය ඉසුලූහ.
 
 
			 
			ප්රශ්නයදශබලධාරී බුදු ගුණ මවාපාමින් ධාතු සේන, මහරජතුමා විසින් කරවන ලද ලෝක 
			ප්‍රකට ප්‍රතිමාව කුමක්ද?
 
			පිළිතුරඅවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ
 
 
			 
			ප්රශ්නයසප්ත ආර්ය ධන අතරෙන් ශ්‍රද්ධා ධනය නම් කුමක්ද?
 
			පිළිතුරතෙරුවන් පිළිබඳ පවතින විශ්වාසයයි.
 
 
			 
			ප්රශ්නයමරණය සිදුවන මොහොතේ ඇතිවන සිතුවිල්ල නැත්නම් චේතනාව මතු භවයෙහි දී 
			ප්‍රතිසන්ධි ඇති කිරීමට හේතු වෙයි. මේ කර්මය හෙවත් ප්‍රතිසන්ධි චිත්තය 
			හඳුන් වන්නේ කුමන නමකින් ද?
 
			පිළිතුරආසන්න කර්මය නමින් විස්තර කැරේ.
 
 
			 
			ප්රශ්නයයො ධම්මං පස්සති සො මංපස්සති යමෙක් ධර්මය දකීද? හෙතෙම මා දකී. 
			බුදුරජාණන් වහන්සේගේ රූපයට ලොල් වූ එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් මුල් 
			කොට මෙම දේශනාව කළසේක. එම ශ්‍රාවකයාණන් වහන්සේගේ නම කුමක්ද?
 
			පිළිතුරවක්කලි හාමුදුරුවන් වහන්සේ.
 
 
			 
			ප්රශ්නයක්රි.ව. පස්වන සියවසේ ලක්දිවයිනට වැඩම කළ බුද්ධඝෝෂ හිමිපාණන් 
			වහන්සේගෙන් සිදු වූ මෙහෙවර කුමක්ද?
 
			පිළිතුරහෙළ අටුවා, පාලි භාෂාවට පරිවර්තනය කිරීමය.
 
 
			 
			ප්රශ්නයඑක් සත්‍ය ගවේෂක තරුණයෙක් සඳහා බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුරකි මේ. 
			සියලුම සත්වයෝ කර්මය තමාගේ ධනය කොට සිටිති. කර්මය දායාද කොට කර්මය හේතු 
			කොට කර්මය ක්‍රතියා කොට කර්මය පිළිසරණ කොට වසති.
 
			සත්වයන් උස් පහත් වශයෙන් බෙදන්නේ කර්මයයි. මෙම සත්‍ය ගවේෂක තරුණයා 
			කවුද? ඔහු බුදුරජාණන් වහන්සේ වෙතින් ඇසූ ප්‍රශ්නය කුමක්ද? 
			පිළිතුරස්වාමීනී මිනිසුන් අතර පවත්නා විවරණය කිරීමට අපහසු අසමානත්වයට හේතුව 
			කුමක්දැයි සුබ නම් වූ සත්‍ය ගවේෂක තරුණයෙකි.
 
 
			 
			ප්‍රශ්නය පෙළ දහමට අනුව ස්වර්ණමය ගුණාංග හතරක් එකට ගත්විට පාලියෙන් බ්‍රහ්ම 
			විහාර (බඹ විහරණ) වශයෙන් හැඳින්වේ. “උතුම් හැසිරීම්” දිව්‍යමය ගුණාංග 
			හෝ සාධු චර්යා ලෙස ඊට හැඳින්වීමක් කළ හැක. මේ ගුණාංග මොනවාද?
 
			පිළිතුරමෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා
 
 
			 
			ප්රශ්නයමෙම දේශනා පාඨය ඔබට නිතර අසන්නට ලැබෙන්නකි.
 
			අද්ධුවං ජීවිතං - ජීවිතය අනියතයමරණං නියතං - මරණය නියතය
 මරණ පරියොසානං මෙ ජීවිතං
 
			මගේ ජීවිතය මරණයෙන් කෙළවර වේ. මෙහි සඳහන් ‘මරණය’ පිළිබඳව ධර්මානුකූල 
			හැඳින්වීමක් කරන්න. 
			පිළිතුර පෙළ දහමට අනුව මරණය නම් එක් පුද්ගල පැවැත්මක නාම රූප පැවැත්ම නැවත්මය. 
			ආයු හෙවත් ජීවිතින්ද්‍රිය ඌෂ්ණය (උස්මා) සිත (විඤ්ඤාණ) යන මේවා නැතිව 
			යාමය.
 
 
			 
			ප්රශ්නයවළගම්බා රජතුමා විසින් ඉපැරැණි චිත්‍ර සහ බුද්ධ ප්‍රතිමා ඇතුළත් කරමින් 
			මාතලේ දිස්ත්‍රික්කයේ තනවන ලද ලෝකප්‍රකට ලෙන් විහාරය කුමක්ද?
 
			පිළිතුරරංගිරි දඹුළු රජමහ විහාරය
 
			 
			  |