UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්මා සම්බුද්ධ ගුණය

පංච විධ ඤෙය්‍ය මණ්ඩලය, එනම් සංඛාර, විකාර, ලක්ඛණ, පඤ්ඤත්ති, නිබ්බාණ ස්වයංභූඥානයෙන් පරෝපකාර රහිතව සර්වප්‍රකාරයෙන්ම අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක. සියලු කෙලෙස් මරුන් පරදා බුද්ධගයා බෝධි මණ්ඩලයේදී දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග යන චතුරාය¸ සත්‍ය ධර්මයන් ආය¸ අෂ්ඨාංගික මාර්ගයෙන්, මැදුම් පිළිවෙතින් අවබෝධකර උතුම් වූ නිර්වාණ ධාතුවට පැමිණි උත්තමයින් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සම්මා සම්බුද්ධ සද්ධම්ම
සම්මා සම්බුද්ධ දේශන
සම්මා සම්බුද්ධ ඤෙය්‍යස්ස
සම්මා සම්බුද්ධ තේ නමෝ

පින්වත්නි,

සසර නමැති ගෙය ගොඩනගන්නාවූ තෘෂ්ණාව නමැති වඩුවා සොයාගත නොහැකිව අනන්ත කාලයක් සසරේ ඇවිද බුද්ධගයා බෝධි මණ්ඩලයේදී එම තෘෂ්ණාව නමැති වඩුවා සමග කළ සංග්‍රාමයෙන් ජය ලබා සසර ගමන නමැති ගෙය සම්පූර්‍ණයෙන් විනාශකර, තෘෂ්ණාව නමැති වඩුවාගෙන් සම්පූර්‍ණයෙන් අත්මිදී නිර්වාණය නමැති උතුම් ක්‍ෂේම භූ®මියට පැමිණි උත්තමයන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.

අතීත, අනාගත, වර්තමාන යන තුන් කාලයටම අයත් සියලුම ධර්මයන් පරෝපකාර රහිතව ස්වයංභූඥානයෙන් අවබෝධ කළ උත්තමයන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.

භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විශිෂ්ඨ ඥානයෙන් දතයුතු සත්‍ය ධර්මයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ බැවින්ද, රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධය දුක්ඛ සත්‍යය යයි පිරිසිඳ අවබෝධ කළ හෙයින්ද, ජාති දුකය, ජරාදුකය, මරණදුකය, ශෝකදුකය, පරිදේවදුකය, දුක්ඛදුකය, දෝමනස්ස දුකය, උපායාසදුකය, අප්‍රිය සම්පයෝග දුකය, ප්‍රිය විප්පයෝග දුකය, කැමැති දෙය නොලැබීම දුකය, පඤ්ච උපාදානස්කන්ධය දුකය යනුවෙන් දුක්ඛ සත්‍යය පිරිසිඳ අවබෝධ කළ උත්තමයාණන් වහන්සේ සම්මාසම්බුද්ධ නම් වන සේක.

සම්මා සම්බුදු පියාණන් වහන්සේ දුක ඇති වීමට හේතුව කුමක්දැයි ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කළ සේක. දුක ඉපදීමට හේතුවන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ත්‍රිවිධ තෘෂ්ණාව බව අවබෝධ කළ සේක. සමුදය සත්‍යය නම් වූ එය විශිෂ්ඨ ඥානයෙන් අවබෝධ කර එය ප්‍රහාණය කළ උත්තමයාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක. දුක නැති කිරීම නම්වූ නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්‍ෂ කළ සේක. අවිද්‍යාව, තෘෂ්ණාව දෙකෙහි පවතිනාතාක් දුක නැති කිරීම නොහැකිබව අවබෝධ කළ බුදුපියාණන් වහන්සේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙහි නොපැවැත්ම නම්වූ නිර්වාණ ධාතුව නිරෝධ සත්‍යය වශයෙන් ප්‍රත්‍යක්‍ෂ කළ සේක. එම නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්‍ෂ කළ උත්තමයන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.

නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්‍ෂ කළ බුදු පියාණන් වහන්සේ එය අවබෝධ කර ගැනීම සඳහා වැඩිය යුතුවූ ආය¸ අෂ්ඨාංගික මාර්‍ගය මාර්‍ග සත්‍යයයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ඨාංගික මාර්‍ගය භාවනාවක් වශයෙන් වඩා උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කළ උත්තමයින් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.

පංච විධ ඤෙය්‍ය මණ්ඩලය, එනම් සංඛාර, විකාර, ලක්ඛණ, පඤ්ඤත්ති, නිබ්බාණ ස්වයංභූඥානයෙන් පරෝපකාර රහිතව සර්වප්‍රකාරයෙන්ම අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

සියලු කෙලෙස් මරුන් පරදා බුද්ධගයා බෝධි මණ්ඩලයේදී දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග යන චතුරාය¸ සත්‍ය ධර්මයන් ආය¸ අෂ්ඨාංගික මාර්ගයෙන්, මැදුම් පිළිවෙතින් අවබෝධකර උතුම් වූ නිර්වාණ ධාතුවට පැමිණි උත්තමයින් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.

බෝධි වෘක්‍ෂ මූලයේදී චක්ඛුං උදපාදි, ඤාණංඋදපාදි, පඤ්ඤාඋදපාදි, විජ්ජාඋදපාදි, ආලෝකෝඋදපාදි යන පංච ධර්මයන් ලැබීමෙන් අත්ථ, ධම්ම, නිරුත්ති, පටිභාන, යන චතුපටිසම්භිදා ඤාණලාභිව පෙර නොඇසූ විරූ සිවුසස් දහම් තමන් වහන්සේ විසින්ම අවබෝධ කළ බැවින් ඒ භාග්‍යවතුන්වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.චතුරාය¸ සත්‍යය නම් වූ ලෝකයේ උතුම්ම ආය¸ සත්‍යයන් හතර සත්‍ය ඤාණ කෘත ඤාණ,කෘත ඤාණ නම් පරිවර්ත තුනකින් යුතුවද ආකාර දොලසකින් යුතුවද අවබෝධ කර වදාළ නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක.

ඨානා ඨානා ඥානය (ස්ථාන අස්ථාන දන්නා නුවණ) කම්ම විපාක ඥානය, සබ්බත්ත ගාමිණී පටිපදා ඥානය, නානා ධාතු ලෝකධාතු ඥානය, නානාධිමුත්ති ඥානය, ඉÁද්‍රිය පරෝපරිය ඥානය, ධ්‍යාන සංඛක්ලේශාදී ඥානය, පුබ්බේනිවාසානුස්සති ඥානය, දිබ්බචක්ඛු ඥානය, ආසවක්ෂය ඥානය යන දසබල ඥාන තමන් වහන්සේ විසින්ම අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

දීපංකර බුදු පියාණන් වහන්සේගේ පාදමූලයේ විවරණ ලබා “ඒකාන්තයෙන්ම මම බුද්ධ රාජ්‍යයට පැමිණ දුක් විඳින, සියලු සත්ත්වයා දුකින් එතෙර කරමි” යි යන දැඩි ආධිෂ්ඨානයෙන් යුතුව දස පාරමි, දස උප පාරමි, දස පරමත්ථපාරමී යන පාරමී තිහක් පුරා සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන්ගෙන්ද, තෙසැත්තෑ ඤාණයන්ගෙන්ද අෂ්ඨ විද්‍යාවන්ගෙන්ද, සමන්නාගත සියලු සතුනට අනන්තවූ කරුණා මෛත්‍රිය පෑ නිදුකාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.

සබ්බාභිඟු සබ්බ විදුහමස්මි
සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ
සබ්බඤ්ජහෝ තණ්හක්ඛයේ විමුත්තෝ
සයං අභිඤ්ඤාය කමුද්දි සෙය්‍යං

මම සියලු දෙය අභිබවා සිටියෙමි. දැනගතයුතු සියල්ල දැනගතිමි. සියලු ධර්මයෙහි නොඇලුනෙමි. සියලු කෙලෙස් වලින් මිදුනෙමි. තණ්හාව ක්‍ෂයකර නිවන අරමුණු කිරීමෙන් කෙළෙසුන්ගෙන් මිදුනෙමි. මම වෙන කවරෙකුගෙන් උපදෙස් ලබන්නද?

නමේ ආචරියෝ අත්ථි
සදිසෝ මේ නවිජ්ජති
සදේවකස්මිං ලෝකස්මිං
නත්ථිමේ පටි පුග්ගලෝ

මට මේ ධර්මයෙහිලා ආචාර්ය්‍යවරයෙක් නැත.මට සමාන කෙනෙක්ද නැත. දෙවියන් සහිත ලෝකයෙහි මට සමාන පුද්ගලයෙක් නැත.

හංහි අරහං ලෝකේ
අහං සත්තා අනුත්තරෝ
ඒකොම්හි සම්මා සම්බුද්ධෝ
සිතිභූතෝස්මි නිබ්බුතෝ

ලෝකයෙහි මම රහතන් වහන්සේ කෙනෙක් වෙමි. මම අනුත්තරවූ ශාස්තෘන් වහන්සේ වෙමි. ලෝකයේ එකම සම්මා සම්බුදුවරයාණන් වෙමි. කෙලෙස් ගිනි නිවාදමා සිසිල් වූවෙමි. ඒනිසා මම නිවුණේ වෙමි.මේ නයින්ද බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක. මහ සමුදුර පරයන අනන්ත කරුණා මෙත් ගුණ පිරි සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා!

ඔබ සැමට තෙරුවන් සරණයි

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි 21 වනදා ඉරිදා අපර භාග 6.26 ට ලබයි.
22 වන දා සඳුදා අපරභාග 5.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 22 වන දා
 සඳුදාය.
මීළඟ පෝය පෙබරවාරි 28 ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]