UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ඇල්පිටියේ අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරයේ තෙමහල් ධර්ම මන්දිරයට මුල්ගල තැබීම පසුගියදා සිදු කැරිණි. දකුණු කොරියාවේ යොරේ බෞද්ධ බුද්ධ නිකායේ මහා නායක සොක් ඉන් වොං මහා නාහිමියන් සහ සොල් නගරයේ යක්‍ෂ ෂා මහා විහාරාධිපති හේයන් නා හිමියන් ඇතුළු කොරියානු දූත පිරිස තෙමහල් ධර්ම මන්දිරයට මුල්ගල තැබීමට සූදානම් වූ අවස්ථාව. විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශ්වයේ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක අමුගොඩ සෝමරතන නා හිමියෝ ද, අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරාධිකාරි ශාස්ත්‍රපති අමුගොඩ සෝමානන්ද නාහිමියෝද, කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කේ.කේ.ජී. මෛත්‍රිපාල මහතාද ඡායාරූපයේ වෙති.

අලව්වේ නුගවෙල ශ්‍රී සෝනුත්තර පිරිවෙන් විහාරස්ථානයේ නේවාසික භික්‍ෂූන් වහන්සේ 30 නමක් පමණ දිනපතා උදෑසන හීල් දානය පිණිස නුගවෙල ගමේ නිවෙස්වල පිණ්ඩපාතයේ වැඩම කරති. එසේ නිවෙස්වල පිණ්ඩපාතය සඳහා වැඩම කළ භික්‍ෂූන් වහන්සේ දානය පිළිගෙන ආපසු පිරිවෙන වෙත වැඩම කළ අවස්ථාව. ඡායාරූපය -ඒ කීර්තිසිංහ අලව්ව විශේෂ

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි 21 වනදා ඉරිදා අපර භාග 6.26 ට ලබයි.
22 වන දා සඳුදා අපරභාග 5.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 22 වන දා
 සඳුදාය.
මීළඟ පෝය පෙබරවාරි 28 ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]