UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

1986 –2001 මැදවච්චිය, කැබිතිගොල්ලෑව, රාජාංගනය හා රබෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ප්‍රාදේශීය ලේකම් ලෙස අමිල සේවයක් කළ ආනන්ද ඒකනායක මහතා මේ වන විට වකුගඩු රෝගියකු බවට පත්ව ඇතැයි කියති. මේ වන විට ඔහුගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා සතියකට දෙවරක් රුධිර කාන්දු කරණය කිරීමට සිදුව ඇති බැවින් වකුගඩු බද්ධ කිරීම සඳහා “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කෙරේ. දුරකථන අංක – 071 – 8118656, 0770326066 වලින් වැඩි විස්තර දැනගත හැකි බවද කියයි. එසේම මේ වන විට ඒ මහතා වයස අවු. 60 විය පසුකර ඇති හෙයින් පෞද්ගලික රෝහලකින් එය සිදු කිරීම සඳහා විශාල මුදලක් වැය වන බව එම ආයතන වලින් විමසීමේ දී දැනගන්නට ලැබී ඇති බවද කියයි. එම ශල්‍යකර්මය සඳහා ආධාර කිරීමට කැමති අය අනුරාධපුර ලංකා බැංකුවේ අංක 7278037 දරන ගිණුමට මුදල් ආධාර බැර කරන ලෙසද ඒ මහතාගේ දියණියවන වසන්ති ඒකනායක මහත්මිය සඳහන් කරයි.
 


 

අනුරාධපුර තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 383 ග්‍රාම නිලධාරී වසමේ අංක 101 යාය 6 කටියාව නිවසේ පදිංචි ඩී.ජී. සිරිමාන්න මහතා (අවු. 52) දෙදරු පියෙක් බව කියයි.

අනුරාධපුර මහ රෝහලෙන් දැනට වසර 3 ක පමණ කාලය සිට ප්‍රතිකාර ලබන අතර ඔහුගේ රෝගී තත්ත්වය මේ වන විට උස්සන වී ඇති බැවින් ඔහුට වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයි කියති. ඒ මහතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා පරිත්‍යාගශීලියකු වෙත් නම් පහත සඳහන් ලිපිනයට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කැරේ.

ආර්. හේමාලි ඉන්දිකා රණසිංහ,
අංක 18 බී,
යාය 05
කටියාව ලිපිනය වන අතර, 071 3536348, 0254902915 දුරකථන අංක වේ.

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 5 වන දා සිකුරාදා අපර භාග 5.23 ට ලබයි. 6 වන දා සෙනසුරාදා අපරභාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 05 වන දා සිකුරාදා ය.

මී ළඟ පෝය පෙබරවාරි 13 වන දා සෙනසුරාදා ය..


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]