UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 4 වන කොටස

(17) ඉධ තප්පති පෙච්ච තප්පති - පාපකාරි උභයත්ථ තප්පති
පාපං මෙ කතන්ති තප්පති – භීයෝ තප්පති දුග්ගතිං ගතො

පව් කරන තැනැත්තෝ - කළ වැරැදි ගැන සිතා - මෙලොව පරලොව දෙකේ - නිසැකව ම පසු තැවෙති. කල්ප ගණනක් පුරා නිමක් නැති දුක්දෙවන - දුගතියට ගිය පසුව වඩාමත් පසු තැවෙති.

(18) ඉධ නන්දති, පෙච්ච නන්දති - කතපුඤේඤා උභයත්ථ නන්දති
පුඤ්ඤං මෙ කතන්ති නන්දති - භීයෝ නන්දති සුග්ගතිං ගතො

පින් කරන තැන්ත්තෝ - කෙරුණු පින් ගැන සිතා - මෙලොව පරලොව දෙකේ -නිසැකව ම සතුටු වෙති. කෙරුනු පින් අනුහසින් - සුගතිගාමී වෙමින් - මහා සැප ලබන විට - බොහෝ සේ සතුටු වෙති.

(19) බහුම්’පි චේ සහිතං භාසමානො
න තක්කරො හොති නරො පමත්තො
ගොපො ව ගාවො ගණයං පරෙසං
න භාගවා සාමඤ්ඤස්ස හොති .

කුසලයට පමා වන - මහණ තෙම හැමවිටම - තමන් පිළිපදින් නැති - බණ අනුන් වෙත දෙසයි. ඔහු කිසිම මග පලක් - ලබා ගන්නේ නොවේ. අනුන්ගේ කිරි හරක් – බලන කොල්ලෙකු වැන්න...

(20) අප’පම් ‘ පි චෙ සහිතං භාසමානො
ධම්මස්සහොති අනුධම්මචාරි
රාගං ච දෝසං ච පහාය මොහං
සම්මප්පජානො සුවිමුත්ත චිත්තො
අනුපාදියානො ඉධ වා හුරංවා
ස භාගවා සාමඤ්ඤස්ස හොතීති

කුසලයට පමා නැති - මහණතෙම හැමවිටම - තමන් පිළිපදින බණ - අනෙක් අයට ද දෙසයි. රාගයෙන් දෝෂයෙන් මෝහයෙන් මිදෙන ඔහු - ලෝකයට බැඳීමක් - නැතිව සුවසේ වෙසෙයි. දිනෙක ඔහු නිසැකව ම - සදාකාලික සුවැ’ති – අජර වූ අමර වූ – නිවන ලැබ ගන්නේ ය...

හිතවතුනි, ඇතැම් අය - තමන් ගුණවත් නොවී - මහ ගුණවතුන් විලස - ලෝකයට බණ කියති. එවැන්නෝ යම් දිනෙක - ජයක්, සතුටක් නොලැබ - සිතාගත නොහැකි සේ - දුකට පත්වන්නෝ ය. නුවණ ඇති ඇතැම් අය - තමන් ගුණවත් වෙමින් - නිහතමානි විලස - ලෝකයට ඔවා දෙති. එවැන්නෝ නිසැකව ම - මේ ලොව දිනන්නෝය . අමර වූ ලොව්තුරා සැප ලබා ගන්නෝ ය. මතු සම්බන්ධයි

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය
ජනවාරි 14 වනදා
බ්‍රහස්පතින්දා පූර්ව
භාග 10.12 ට ලබයි.
15 වනදා සිකුරාදා අපර
භාග 12.41 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
14 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ජනවාරි
23 වනදා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]