UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල

වෘත්තගන්ධි ශෛලියෙන් සන්න සපයා ඇති මේ ධම්මපද සැහැල්ල එදිනෙදා දිවියට ධම්මපදය සමීප කිරීමට ගත් උත්සාහයකි. ධම්මපදයේ ඇතුළත් ගාථා 423 අනුව මෙහි අනු අංක යොදා ඇත.

යමක වර්ගය

1. මනෝ පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා
තතො නං දුක්ඛ මන්වෙති
චක්කංච වහතො පදං

හැමවිටම හැම දෙයට - සිත පෙරටු වන්නේ ය - සිත නිසා හැමවිට ම – හැම දෙයම වන්නේ ය./ නරක් වූ සිතින් අප – කරන දේ කියන දේ - හේතුවෙන් පාපයක් – අපගෙන් කෙරෙන්නේ ය/ඒ පාපයෙන් අපට – ලැබෙන දුක් විපාකය – ගැල් සකක් පරිද්දෙන් – අප ලුහු බඳින්නේ ය./ ගොනා පසුපසින් එන – ගැල් සකක් පරිද්දෙන් - සසර වසනා තුරා - දුක හඹා එන්නේය.....ය....

2. මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පසන්නෙන
භාසතිවා කරොති වා
තතො නං සුඛ මන්වේති
ඡායාව අනපායිනී

හැමවිටම හැම දෙයට, සිත පෙරටු වන්නේ ය. හොඳ සිතක් ඇතිව අප, කරන දේ කියන දේ, හේතුවෙන් ලොකු පිනක්, අපට අත්වන්නේ ය. ඒ පිනෙන් උරුම වන, උතුම් සැප විපාකය, අපේ සෙවනැල්ල මෙන්, අප සමග එන්නේය. නිවන් දක්නාතුරා, අප සමඟ හැසිරෙමින් අපට සැපයක් වෙමින් අප සනසවන්නේ....ය....

හිතවතුනි, අප නිතර, කියන දේ කරන දේ, සියල්ලට අපේ සිත, මුල්ව පවතින්නේ ය. නරක සිතකින් කරන, කියන දේ සියල්ලෙන් පව් ම සිදු වන්නේ ය. දුක් ගලා එන්නේ ය. සොඳුරු සිතකින් කරන කියන දේ සියල්ලෙන් පින් ම සිදු වන්නේ ය. සැප ගලා එන්නේ ය. සසර වසනා තුරා සැප විඳිනු කැමති නම් තුන් දොරින් සංවරව සිටිය යුතු වන්නේ....ය...

3. අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යේ තං උපනය්හන්ති
වෙරං තෙසං න සම්මති

අසවලා බැන්නේ ය, මට පහර දුන්නේ ය, පරාජය කෙරුවේය, මගේ දේ ගත්තේ ය, යනාදිය සිතනවිට, ක්‍රෝධ ඇති වන්නේ ය. වෛරයේ ගිනිදැල්ල, නොනිමි ඇවිලෙන්නේ....ය...

4. අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං න උපනය්හන්ති
වෙරං තෙසූපසම්මති

අසවලා බැන්නේ ය. මට පහර දුන්නේය, පරාජය කෙරුවේ ය. මගේ දේ ගත්තේ ය. යනාදිය සිත සිතා ක්‍රෝධ නොකරන විටක, වෛරයක් ඇති නොවී හදවත නිවෙන්නේ...ය...

හිතවතුනි, අප මෙලොව, ජීවිතය ගෙවන විට, නොයෙක් ආකාරයේ, ගැටුම් ඇති වන්නේ ය. ඒ ගැටුම් පිළිබඳව, නුවණැතිව සලකමින් සිත කිලිටි නොවන්නට, වගබලා ගත යුතු ය. එවිට අපගේ හිතේ, රළු ගතිය අඩුවලා, සාමකාමී සිතුම් හුරු පුරුදු වන්නේ ය. මේ පුරුද්දෙන ඔබේ සිත දියුණු වන්නේ ය. ඔබ උතුම් කෙනෙකු ලෙස ලොවේ බැබලෙන්නේ....ය...

5. නහි වෙරෙන වෙරානි
සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ච සම්මන්ති
එස ධම්මො සනන්තනො

වෛරයෙන් වෛරයක්, සංසිඳෙන්නේ ම නෑ, වෛර සංසිඳෙන්නේ, වෛර නොකිරීමෙනුයි, මේක මේ ලෝකයේ පවත්නා නීතියකි. කිසිම දවසක දී මෙය වෙනස් වන්නේ නොවේ....

 

උඳුවප් අමාවක පෝය
 
දෙසැම්බර් 15 වන දා අඟහරුවාදා අපරභාග 04.10 ට ලබයි.
16 වන බදාදා අපර භාග 05.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 15 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා ය.
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]