UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

චීන බෞද්ධ සත්‍ය කතා

අප්‍රසන්න කෲර කතාවක්

චීන බෞද්ධ සත්‍යකතා අතරට ඉතාම අප්‍රසන්න කෲර කතාවකුත් අපි අද එකතු කරමු. ඈත අතීතයේ ජීවත්වූ එක්තරා උසස් රාජ්‍ය නිලධාරියකුගේ ප්‍රණීතම ආහාරය වුණේ පාත්තයින්ගේ පාද සහ එළුවන්ගේ හදවතත් අක්මාවත් පිසගෙන අනුභව කිරීමයි. මේ දෙකම එම නිලධාරියා ආහාරයට ගැනීමේ විශේෂත්වය වුණේ මේ සතුන් පණ පිටින්ම සිටිය දී ඒ දේවල් ඉතා කෲර හා අමානුෂික ලෙස ඒ ඒ සතුන්ගෙන් උදුරා ගැනීමයි.

පාත්තයින්ගේ පාද අනුභව කිරීමට ඔහුට අවශ්‍ය වූ විට ඔහු කරන්නේ විශාල යකඩ තාච්චියක් ලිප මත තබා තාච්චියට සමීපවන ලෙස පණ පිටින් පාත්තයා බෙල්ලෙන් බැඳ කොක්කක එල්ලීමයි. තාච්චියට යටින් ලිපේ ගිනි දල්වා තාච්චියේ අධික ගිනි රශ්මියෙන් පීඩා විඳින පාත්තයා දඟලමින් කෑ ගසන ආකාරය ඔහු පී‍්‍රතියෙන් බලා සිටී. පීඩාවෙන් මර හඬ නගන පාත්තයාගේ හැඩීම ගැන කිසිදු තැකීමක් හෝ අනුකම්පාවක් හෝ ඔහුට නැත. යකඩ භාජනයට වදින ගිනි රශ්මියේ තාපය නිසා ඊට සමීපව ඉහළින් එල්ලා සිටින පාත්තයාගේ පාද ඉදිමෙයි. රශ්මිය නිසා පාද වලට ලේ පිරෙයි. ආහාර ප්‍රණීත වන්නේ ඇතුලේ ගිනි රශ්මියට කැකෑරෙන එම ලේ නිසාය. දඟලා කෑගසා පිළිස්සී පාත්තයා අවසාන හුස්ම හෙළයි. ආහාරයක් සඳහා කරන මේ අති භයානක හිංසාකාරී අමානුෂික ක්‍රියාව කොතරම් කෲරද කොතරම් පාපකාරීද?

මෙම නිලධාරියාගේ ඊළඟ ප්‍රණීත ආහාරය එළුවන්ගේ හදවත් සහ අක්මාව සතා පණ පිටින්ම සිටියදී උදුරා ගෙන පිස අනුභව කිරීමය. එම කාර්යය ඔහු කරන්නේ කණුවක බඳින ලද එළුවා ගෝ ඝාතකයින් ලවා පණ පිටින් ම හම ගස්වා මරහඬ නගද්දීම ඉරණම් කටු අතරින් හදවත සහ අක්මාව එළියට ඇද ගැනීමට සැලැස්වීමය. මේ දැඩි වේදනාකාරි හිංසාව නිසා පීඩාවෙන් එළුවා අවසන් හුස්ම හෙළයි. මේ අන්දමට මෙම නිලධාරියා පාත්තයින් හා එළුවන් විශාල සංඛ්‍යාවකට මේ මහා සාපරාධී හිංසාවෙන් පීඩා කොට මරා අනුභව කොට ඇත. අරක්කැමියෝ ඒවා පිස මත්පැන් සමග දෙති.

මේ නිලධාරියාගේ කෲර වැඩපිළිවෙළ ගැන ඇසූ සාන්තුවරයෙක් මෙම සාපරාධී ක්‍රියාව ඉතා අශෝභන, අනාගතයේදී යම් දිනක තමාට මහත් සේ දුක් ඇති කරන පාපකාරී ක්‍රියාවක් නිසා එය නතර කරන මෙන් අවවාද කෙළේය. එම අවවාද තරයේ ප්‍රතික්ෂේප කළ නිලධාරියා එම උපදේශකවරයාට නින්දා සහගත ලෙස බැණ වැදී තර්ජනය කෙළේය.

‘ඔබේ ඔය අසාධාරණය නිසා අහිංසක සතුන්ට කරන පාපකාරී පීඩාව නිසාම ඔබ ඔබේ ශරීරය පුරා ඇතිවන විෂ ගෙඩිවල වේ දනාවෙන් මිය යන්නේය’ කියමින් සාන්තුවරයා ඔහුගෙන් ඉවත්ව ගියේ ය. මේ ප්‍රකාශය නිසා වඩාත් කිපුණු නිලධාරියා මහ හඬින් බැණ වදිමින් ඔහුට පරිභව කෙළේය. ගතවූයේ සුළු කාලයකි. රාජ්‍ය නිලධාරියාගේ ශරීරය පුරාම විෂගෙඩි මතු වී පැසවා ගඳ ගසන්නට විය. ඒවා සුවපත් කිරීමට බොහෝ වෛද්‍යවරු උත්සාහ කළ මුත් නොහැකි විය. දුගඳ නිසා ඔහුට සාත්තු කිරීමට පවා කිසිවකු ළං නොවීය. අවසානයේදී කිසිදු ප්‍රතිකාරයක් නැතිව මුළු ශරීරයම එකම වණයක් ලෙස පිළිකුල් ව ඔහු මිය ගියේ ය. තමාකළ පව් මේ ආත්මයේදී ම පළදුන් බව ඔහුගේ අසල්වාසීහු කීවෝය. (  LOVE OF LIFE අනුග්‍රහයෙනි)

 

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදා අපරභාග 03.21 ට ලබයි.
02 වනදා බදාදා අපර භාග 12.59 දක්වා පෝය පවතී සිල්සමාදන්වීම දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 09 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]