|  
			 
			ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්
			සුවිශාල මෙහෙයක් 
			ඉටුකැරෙන විහාරස්ථානයක්
			 
			 ඉතාලියේ ෆිරෙන්සි සමාධි බෞද්ධ විහාරස්ථානය ආරම්භ කොට වසර 10 ක් පිරීම 
			නිමිත්තෙන් සුබාශිංසන පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම 
			අතිශයින් සතුටට පත්වෙමි. 
			වර්ෂ 1999 දී ආරම්භ කරන ලද ෆිරෙන්සි සමාධි බෞද්ධ විහාරස්ථානය ඉතාලියේ 
			වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ජාතික ආගමික හා සංස්කෘතික වශයෙන් 
			සුවිශාල මෙහෙයක් ඉටු කරනු ලබන විහාරස්ථානයක් බවට පත් වී තිබීම අතිශයින් 
			ප්‍රශංසනීය වේ. 
			මෙම විහාරස්ථානය ඉතාලි වැසියන් හා ශ්‍රී ලාංකිකයන්ගේ සම්බන්ධීකාරක හා 
			සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් කරලීමට ගෞරවාර්හ දොඩන්දෙණියේ නන්දසිරි 
			ස්වාමින් වහන්සේ සමත් වී තිබීම අප රටට මහත් ගෞරවයකි.  
			එදා සිට අද දක්වා මෙම විහාරස්ථානයෙන් ශ්‍රී ලාංකිකයන් උදෙසා ඉටුකර ඇති 
			අනූපමේය සේවය සතුටින් සිහිපත් කිරීමට කැමැත්තෙමි. මෙබඳු සුවිශාල 
			කාර්යයන් රැසක් ක්‍රියාත්මක කරන ගෞරවාර්හ දොඩන්දෙණියේ නන්දසිරි 
			ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සඳහා කැපවන සියලු දෙනාටත් මාගේ සුබාශිංසනය 
			මෙයින් පිරිනමමි. 
			 
			 
			ශ්‍රී ලංකා ජනාධිපතිමහින්ද රාජපක්ෂ
 
 Our felicitations
			 The Venerable Dodamdeniye Nandasiri Thera (B.A.-M.A.) has performed 
			an exemplary service for the cause of Buddhism in Italy for 10 
			years. He is among the brightest pupils of the late Venerable 
			Rajakeeya Panditha Madelgamuwe Nandasena Nayake Thera, Chief 
			incumbent of the Rajapushparamaya, Mount Lavinia, Sri Lanka. The 
			contributions that the Venerable Nandasiri Thera, has made towards 
			developing the Firenze Samadhi Vihara in Italy and the welfare of 
			Sinhala and Italian Buddhists, deserves our full commendation. Lord 
			Buddha set up the Order of the Sangha to continue his noble services 
			after his passing away. It is heartening to know that his example 
			has been followed for 2500 years by bhikkus of Sri Lanka and other 
			Buddhist countries. It is the continuation of such work by the 
			Buddhist clergy of both Theravada Buddhist Nations like Sri Lanka, 
			Thailand, Myanmar, and Laos and Mahayana Buddhist countries like 
			Japan, China, Tibet, and Mongolia that has helped the progress of 
			the Buddha Sasana to this day. Both the Buddhist clergy and laity 
			need to greatly appreciate the examples set by Indian Emperors like 
			Kalashoka, Dharmashoka, Kanishka and Sri Lankan kings like 
			Dutugemunu, Parakramabahu the first and Parakramabahu the Sixth and 
			Buddhist leaders and scholars, especially the Venerable Maha Sangha, 
			in resolving problems that arose within the Sasana during different 
			periods. 
			Treading the same path the Venerable Dodamdeniye Nandasiri who 
			serves as a young bhikku to Sinhala and Italian Buddhists in that 
			country. While greatly appreciating his work we the Sri Lanka 
			Amarapura Maha Nikaya - Sect give our blessings to his Noble 
			Endeavour and wish that it will yield positive results with the 
			blessings of the Nobel Triple Gems and the unstinted support of the 
			World Buddhist community. 
			 
			Aggamaha Panditha,
			Kotugoda 
			Dhammawasa 
			Anunayaka Thera,The President of Sri Lanka 
			Amarapura Maha Sangha
 Sabhawa (Assembly)
 
 
			අපේක්ෂිත පරමාර්ථ කීපයක් ඉටුවේ
			 
			 ඉතාලියෙහි ෆිරෙන්සි නගරයෙහි සමාධි විහාරයට වසර දහයක් සපිරීම නිමිත්තෙන් 
			සුබාශිංසන පිරිනැමීමට අවස්ථාව ලැබීම පිළිබඳ මහත් සේ සොම්නසට පත්වෙමි. 
			එලෙස මා මහත් සේ සතුටට පත්වන්නේ මා අපේක්ෂා කළ පරමාර්ථ කීපයක් මෙම 
			විහාරස්ථානය වෙතින් ඉටුවීමේ හේතුවෙනි. දෙස් විදෙස් සියල්ලෝ සඳහාම විවෘත 
			විහාරස්ථානයක් වීම. විදේශිකයන් සඳහා ධර්මය බෙදාදීම, ලාංකික දරුවන් සඳහා 
			දහම් පාසලක් ආරම්භ කරලීම ඒ අතරත මා වඩාත් සිත්ගත් අංග වෙති. මෙයට අමතරව 
			මෙම විහාරස්ථානයෙහි නායකත්වය දරණ විහාරාධිපති ශාස්ත්‍රවේදී දොඩන්දෙණියේ 
			නන්දිසිරි මහා ස්ථිවරයන් වහන්සේ ද සුවිශේෂයෙන්ම ධර්ම දූත සේවාව සඳහාම 
			කැපවූවෙකු ලෙස දකිමි. ධර්මදූත සේවාව සඳහා ඇවැසි ව්‍යක්ත, විශාරද, 
			ධර්මධර හා බහුශ්‍රැත බව සමග කැපවීම, ඉවසීම දයාව වැනි ගුණාංගයන්ගෙන් 
			මුන්වහන්සේ සමන්විත බව දනිමි. එසේ හෙයින් විදේශිකයන් අතර වඩාත් 
			ජනපි‍්‍රය වීමට හේතුවක් වනු ඇත. ඉතා කුඩාවට ආරම්භ වී වසර දහයක් වැනි 
			කාලයක් තුල සුවිශාල මෙහෙවරක් සිදුකරන මෙම විහාරස්ථානය තවදුරටත් 
			සම්භාවනාවට පාත්‍රවනු ඇතැයි මා අපේක්ෂා කරන්නෙමි. තවද අප නිකාය මගින්ද 
			විදේශ ධර්ම දූත සේවාවන් පිළිබඳ කටයුතු සිදුකරනු ලබන භික්ෂූන් වහන්සේ 
			පිළිබඳ මහත් අවධානයෙන් පසුවන බව පවසනු කැමැත්තෙමි. ඔවුන්ගේ කැපවීම් හා 
			ක්‍රියාකාරකම් පිළිබඳවද සලකා බලන අතර ඔවුන් දිරිමත් කරලීම සඳහා ද විවිධ 
			ක්‍රියාකාරකම් අනුගමනය කරන්නෙමු. ඉදිරියෙහිදී මෙවන් ධර්මදූත සේවාවන් 
			ඉටුකරනු ලබන භික්ෂූන් දිරි ගැන්වීමට විවිධ ක්‍රියාමාර්ග ගන්නා බවද 
			පවසනු කැමැත්තෙමි. 
			සැමට තෙරුවන් සරණ වේවා! 
			 
			 
			ශ්‍රී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායකඅග්ගමහා සද්ධම්ම ජෝතිකාධජ සාහිත්‍ය චක්‍රවර්ති
 ධර්ම ශාස්ත්‍ර ශිරෝමණි
 වේවැල්දෙණියේ 
			මේධාලංකාර 
			මහ නා හිමි
 
 
 
			 
			උදාර ශාසනික මෙහෙවරක්
			 
			 ශ්‍රී ලංකාවෙන් ලෝකයට දිය හැකි දායාදය බුදු දහමයි. ලෝකයේ පැවැති පැරැණි 
			ආගම් රාශියක් අද ලෝකයෙන් ඉවත්ව ඇත. දියුණු වන ලෝකයත් සමග බොහෝ ආගම් වලට 
			පැවැත්මක් නැත. සත්‍යය සොයා යන ලෝකයට දියහැකි උතුම්ම දායාදය බුදු 
			දහමයි. බුදු දහම පිළිබඳව මහත්වූ උද්‍යෝගයක් ලොව පුරා දකින්නට ඇත. ලෝකයේ 
			බොහෝ රටවල විශ්වවිද්‍යාලවල දර්ශනයක් ලෙස බුදු දහම උගන්වයි. වසර දහස් 
			ගණනක් පිරිසුදු ථෙරවාදි බුදු දහම ආරක්ෂිතව ඇති එකම රට ශ්‍රී ලංකාවයි. 
			ලොවටම දැනෙන දහම් පිපාසය සන්සිඳවීමට හැකි එකම රට වන්නේද ශ්‍රී ලංකාවයි. 
			ශ්‍රී ලංකාවේ භික්ෂූණ් වහන්සේලා ධර්මදූතයන් ලෙස ලොව පුරා වැඩමවමින් 
			ථෙරවාදී බුදු දහම ලොවට බෙදා දෙයි. රත්මලාන රාජපුෂ්පාරාමයේ වැඩසිටි 
			දොඩම්දෙණියේ නන්දසිරි හිමියන් ඉතාලියට වැඩමවා ඉතාලියේ ෆිරෙන්සි නගරයේ 
			සමාධි විහාරයේ වැඩ සිටිමින් ඉතාලියේ විවිධ රැකියාවල නිරතව සිටින ශ්‍රී 
			ලාංකිකයන්ටත්, ඉතාලි ජාතිකයන්ටත් ඉතා මැනවින් ධර්මය බෙදා දෙයි. මෙම 
			විහාරය ආරම්භ කොට දස වසරකි. ගෙවුණු දස වසර තුළ මෙම විහාරයෙන් සිදු වූ 
			ආගමික මෙහෙවර ඉතා අගය කළ යුතු බවත් එම සේවය රටටම මහත් ගෞරවයක් බවත් 
			සඳහන් කරමි. 
			 
			කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිමාදුළුවාවේ සෝභිත හිමි
 
 
			 
			 
			දහම් පිපාසිත යුරෝපා ජාතීන්ට
			තරමක හෝ සහනයක් සැලසීම පරමාර්ථය යි
			 
			 බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව පිපාසයෙන් පෙළෙන යුරෝපා ජාතීන්ට 
			තරමක හෝ සහනයක් සලසා දීමේ පරමාර්ථයෙන් මෙයට වසර දහයකට පෙර ආරම්භ කළ 
			ඉතාලියේ ෆිරෙන්සි නගරයේ සමාධි විහාරයේ කටයුතු පිළිබඳව මම අතිශය සතුටට 
			පත්වෙමි. 
			විහාරස්ථානයකින් බලාපොරොත්තු වුන සේවා ඒ අයුරින්ම ඉටු කිරීමට අවස්ථාව 
			සැලසෙන්නේ වැඩ සිටින භික්ෂූන් වහන්සේ සහ දායක සභාව අතර පවතින සමීප 
			සම්බන්ධතාවය මතයි. අද මිල කළ නොහැකි සේවාවක් මෙම සමාධි විහාරය තුළින් 
			සිදුවන බව අත්දැකීමෙන් මට ප්‍රකාශ කළ හැක. ඒ අනුව ප්‍රකාශවන්නේ ගිහි 
			පැවිදි දෙපාර්ශ්වය අතර මනා සම්බන්ධතාවයක් පවතින බවයි.  
			වර්තමාන විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය දොඩන්දෙණියේ නන්දසිරි ස්වාමීන් 
			වහන්සේ ක්‍රියාකාරී තරුණ භික්ෂුවරයෙක් ලෙස තම අනන්‍යතාවය රැක ගනිමින් 
			තමා වෙත පැවරී ඇති කටයුතු මැනවින් මේ වනවිට සම්පූර්ණ කරමින් සිටී. 
			ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතවන භික්ෂූන් වහන්සේ විශේෂයෙන්ම භික්ෂු 
			ආකල්පවලින් යුක්ත විය යුතුය. දැන උගත්කම් ඇති කරගත යුතුය. චාම් 
			නිරහන්කාර විය යුතුය. ඒ ආකාරයෙන් සලකා බැලීමේදී පෙනී යන්නේ තරුණ 
			භික්ෂුවරයෙක් වුවත් අප නන්දිසිරි ස්වාමීන් වහන්සේ මේ සියලු සුදුසුකම් 
			සපුරා තිබෙන බවයි. ඒ නිසාම කාගේත් සිත් දිනාගන මෙම සේවාව සිදුකිරීමට 
			අවස්ථාව ලැබී ඇති බව කිව හැකිය. 
			2008 වර්ෂයේ සමාධි විහාරය මධ්‍යස්ථාන කරගෙන පැවැත් වූ කඨින චීවර පින්කම 
			යුරෝපයේ බෞද්ධ ජනතාවගේ පමණක් නොව අන්‍ය ලබ්ධිකයන්ගේද සිත් පහන් කරවීමට 
			හේතු විය.  
			විද්‍යුත් මාධ්‍ය උපයෝගි කර ගනිමින් ලොවටම සමීපවිය හැකි ආකාරයෙන් එම 
			පින්කම් සංවිධානය කර තිබුණි. 
			ඉතාලියේ ෆිරෙන්සි නගරයේ පන්සියයක් පමණ ජනතාවගේ් සහභාගිත්වයෙන් කඨින 
			චීවරය රැගත් පෙරහර නගරයේ වීථි සංචාරය කිරීම මහත් අසිරියකි. පෙරහරකට 
			අවශ්‍ය බොහෝ අංග ඊට එකතු වී තිබීමද විශේෂයෙකි. මෙම සමාධි විහාරය මගින් 
			සිදු කළ සමාජ සත්කාර අතරින් ත්සුනාමි ව්‍යසනයෙන් පීඩාවිඳී ලාංකිකයන් 
			වෙනුවෙන් හික්කඩුව ප්‍රදේශයේ ගෙවල් තනා දෙමින් අවශ්‍ය උපකරණ සපයා 
			දෙමින් කළ සේවාව අමතක කළ නොහැකිය. 
			ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය විද්‍යා විශාරද පණ්ඩිත අති 
			පූජ්‍ය මාදෙල්ගමුවේ නන්දසේන නායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවරයෙක් ලෙස 
			සසුනට ඇතුළත් වූ නන්දසිරි පොඩි හාමුදුරුවන් කොළඹ මරදානේ ශ්‍රී ලංකා 
			විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් 
			ශාස්ත්‍රවේදී උපාධිය හිමිකරගෙන රජයේ ගුරුපත්වීමක්ද දරමින් සිටියදී 
			ඉතාලියේ මෙම සමාධි විහාරයට වැඩම කළේ නන්සේන ගුරුදේවයන් වහන්සේටත් ගෞරව 
			ලැබෙන සේය.  
			මහත් අපහසුතාවය මැද වුවත් තමන්ගෙන් ඉටුවිය යුතුකම් කරන්නට නන්දිසිරි 
			ස්වාමීන් වහන්සේ සමත් වී සිටීම පිළිබඳව මා සතුටුවන අතර උන්වහන්සේට 
			මීටත් වඩා ශක්තිමත්ව එම සේවා සිදුකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි මම 
			ආශිර්වාද කරමි. මෙම සමාධි විහාරයේ අධිපති නන්දසිරි ස්වාමීන් වහන්සේටත්, 
			දායක සභාවටත් මෙම විහාරය ආරම්භකොට වසර දහය සම්පූර්ණවීම නිමිත්තෙන් 
			පවත්වන විවිධ පින්කම් අවස්ථාවේ පුණ්‍යානුමෝදනා පැවැත්වීමට මම 
			කැමැත්තෙමි. අපවත් වී වදාළ ගුරුදේවෝත්තම මාදෙල්ගමුවේ නන්දසේන නායක 
			ස්වාමීන් වහන්සේ ශාස්ත්‍රපති අපරැක්කේ සුමංගල ස්වාමීන් වහන්සේ 
			පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරන අතර ගල්කිස්සේ රාජපුෂ්පරාමාධිපති ගෞරව 
			ශාස්ත්‍රවේදී මාදෙල්ගමුවේ නන්දවංශ ස්වාමීන් වහන්නේ වෙනුවෙන්ද ඔබ සැමට 
			ගෞරවය සහ පුණ්‍යානුමෝදනාව හිමිකරමි. ඔබ සැමට තෙරුවන් සරණයි! 
			 
			අධ්‍යාපන අමාත්‍යංශ උපදේශකනැදගමුවේ 
			විජය මෛත්‍රී හිමි
 
 
			 
			මහත් වෙනසක් සිදු විය
			 
			 ෆිරෙන්සි, සමාධි විහාරයේ දස වසරක ආගමික සහ සාමාජික සේවා ගමන් මගේ් 2000 
			වර්ෂයේ මාර්තු 11 දින සිට වසර නමය හමාරක් පුරා එහි ක්‍රියාකාරීත්වයට 
			දායකවීමට ලැබීම මාගේ පැවිදි ජීවිතයේ මා ලැබූ භාග්‍යයක් කොට සලකමි. 
			යුරෝපයේ ප්‍රථම ධර්ම ප්‍රචාරක කටයුත්ත සඳහා සමාධි විහාරයට මාව යොමු කළ 
			අගුළුගහ වංශනන්ද හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ආගමික සහ සාමාජික 
			කර්තව්‍යය බලාපොරොත්තු වූවාටත් වඩා ඉටුකරන්නට හැකි වූයේ විහාරයේ දායක 
			දායිකාවන්ගේ නොමඳ සහයෝගය නිසාවෙනි. ෆිරෙන්සි නගරයේ ලාංකික ජන ජවිතය දස 
			වසරකට පෙර පැවැති තත්ත්වය හා සංසන්ඳනාත්මකව බලන කළ මහත් වෙනසකට භාජනය 
			වූයේ අප විහාරය නිසාවෙනැයි තර්කයකින් තොරවම සෑම දෙනාම පිළිගන්නා 
			කරුණකි. වාර්ෂිකව පවත්වනු ලබන සෑම පින්කමකින් ද මෙරට හැදී වැඩෙන දූ 
			දරුවන් සඳහා සිංහල භාෂා පාසලින් හා ඉතාලියේ රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය 
			කරමින් ඉටු කෙරෙන මෙහෙය තුළින් ලාංකීය සලකුණ අර්ථවත් කරමින් අප 
			මව්බිමටද සේවයක් ලෙස ශිෂ්‍යත්ව ප්‍රදාන දුප්පත් ජනතාවට උපකාර කිරීම 
			මෙන්ම රණවිරුවන් සඳහා ද කුදුමහත් යුතුකම් ඉටු කරලීමු. 
			මෙවන් ක්‍රියාත්මකවීම් ඉටුකළේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ය. විශේෂයෙන් කුලී 
			පදනම මත ක්‍රියාත්මක වන අප විහාරය ස්ථිර භූ®මියක ස්ථාවර පිහිටුවීමේ 
			වෑයම, ෆිරෙන්සි වැනි නගරයක මහත් දුෂ්කර කටයුත්තක් වුවත් එම වෑයම කෙසේ 
			හෝ ජයගත යුතු වන්නේ අපගේ සත්කාර්යයන් වඩා හොඳින් ඉදිරියට ගෙනයාමට 
			හැකිවන නිසාවෙනි. එම කටයුතු සමාධි විහාරය හරහා ඉදිරියටත් කරගෙන යාමට 
			ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමු. අප විහාරයේ ලේකම්තුමාගේ ලිපියට ඓතිහාසික 
			කරුණු ඇතුළත් වන හෙයින් මාගේ ලිපියට නම් ගම් ඇතුළත් නොවුවත් මේතාක් මෙම 
			කටයුතු වලදී මාව යොමුකළ අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
			මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත මාදෙල්ගමුවේ නන්දසේන නා හිමියන්ද, මාගේ ගමේ 
			පන්සලේ ඇහැලේපොළ අතුලඤාණ ලොකු හාමුදුරුවන් හා මට උපකාර කළ හැම 
			දෙනාටමත්, විශේෂයෙන් මෙම නගරයේ දී අපගේ සත්කාර්යයන් උදෙසා ආරම්භයේ සිට 
			ශ්‍රමය දහඩිය කැපකළ, අපේ පන්සල, අපේ හාමුදුරුවෝ යන මෛත්‍රී හැඟීමෙන් 
			කටයුතු කරන දායක කාරකාදීන් ලූක්කා, ප්‍රාතෝ, ඇරෙස්සෝ නගරවල දායක 
			කාරකාදීන් හා අපහට නිරන්තර උපකාරයන් ලබාදෙන ෆිරෙන්සි නගර සභාවේ 
			නගරාධිපතිතුමන් ඇතුළු හැම දෙනාට සහ ෆිරෙන්සි නගරයේ ස්වේඡා සංවිධාන 
			ඇතුළු හැම දෙනාටම හෘදයාංගම පුන්‍යානුමෝදනා ස්තුතිය පුදකර සිටිමි. 
			 
			විහාරාධිපති 
			දොඩන්දෙණියේ 
			නන්දිසිරි හිමි 
 Centre for missionary activities
			 It gives me a very great pleasure to send my 
			greetings on the occasion of the 10th anniversary celebration of 
			Samadhi Viharaya at Firenze, Italy. Once I was lucky enough to visit 
			this vihara and to experience a rare kind of genuine hospitality 
			extended by the Head of the institute, Venerable Dodandeniye 
			Nandasiri Thera, a Sri Lankan Young Buddhist monk. During my short 
			stay there, I could witness for myself the high degree of his 
			dedication in propagating Buddhist teachings and promoting the 
			well-being of his followers. 
			The Centre under his direction has organised and carried out a 
			number of religious, cultural and educational activities. In 
			addition to daily practising programs, periodical and annual 
			functions, it conducts several religious and language schools in the 
			province of Firenze. The Samadhi Vihara also serves as a free 
			tourist information office for visiting Sri Lankans and others by 
			helping them in matters such as accommodation and travelling to 
			tourist spots in Italy. It is, therefore, correct to state that the 
			Samadhi Vihara deserves to be considered a free cultural embassy 
			representing Sri Lanka in Italy. I, as the General Secretary of the 
			Ramanna chapter of Buddhist Sangha in Sri Lanka, strongly wish that 
			Venerable Dodandeniye Nandasiri Thera may achieve all of his good 
			ambitions and that the Samadhi Vihara may become a world-famous 
			Centre for missionary and humanitarian activities. 
			Venerable Prof. Waragoda Pemaratana TheraSri Wardhanaramaya, Weragala, Dehimaduwa,
 Mawanella, Sri Lanka.
 
 
			 
			දෙරටේ වැසියන් අතර
			සම්බන්ධීකාරක මධ්‍යස්ථානයක්
			 
			 ඉතාලියේ ෆිරෙන්සි සමාධි විහාරස්ථානයට දස වසරක් පිරීම නිමිත්තෙන් 
			සංවිධානය කරනු ලැබූ උත්සවය වෙනුවෙන් සුබාශිංසන පණිවිඩයක් නිකුත් කිරීමට 
			හැකිවීම පිළිබඳව මම අතිශයින්ම සතුටු වෙමි. 1999 වර්ෂයේ මැද භාගයේ පමණ 
			දායකයන් කිහිපදෙනෙකුගෙන් ආරම්භ කරන ලද සමාධි විහාරස්ථානය ශ්‍රී ලාංකික 
			බෞද්ධයන්ගේ පමණක් නොව ඉතාලි ජාතිකයන්ගේ පවා ගෞරවාදරයට පාත්‍ර වී ඇත්තේ 
			බුදු දහමින් ලබන අවබෝධය හා ශික්‍ෂණය මෙම විහාරස්ථානයෙන් ඔවුන්ට ලැබෙන 
			නිසාය. එලෙසම ඉතාලියේ හැදී වැඩෙන ශ්‍රී ලාංකික දූ පුතුන්ගේ සිංහල භාෂා 
			ඥානය දියුණු කිරීමට හා සංස්කෘතික හැදියාවන් පුහුණු කිරීමට සමාධි 
			විහාරස්ථානයෙන් සපයන දායකත්වය විශේෂයෙන් අගය කළ යුතු අතර මෙම 
			විහාරස්ථානය ඉතාලි වැසියන් හා ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රධානතම 
			සම්බන්ධීකාරක මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීමද ප්‍රශංසනීයය. මෙම 
			උත්සවය සංවිධානය කිරීමට දායක වූ සියලුදෙනා වෙත මාගේ උණුසුම් සුබ පැතුම් 
			පිළිගන්වන අතර සමාධි විහාරස්ථානයෙන් සිදුකෙරෙන සියලු ආගමික හා 
			සංස්කෘතික කටයුතු තවදුරටත් ඉදිරියට ගෙනයන්නට අවැසි ශක්තිය හා ධෛර්යය 
			නිබඳව ලැබේවා යිද පතමි. 
			ඉතාලියේ
			ශ්‍රී ලංකා තානාපතිහේමන්ත වර්ණකුලසූරිය
 
  |