| බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප) 
	
		| බොදු පුවත් (ඡායාරූප)
				
					
						| 
						 |  
						| බණ පුටුවේ කළ සිතුවම
 අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ චිත්‍ර කලා විෂය භාර 
						ආචාර්යවරයා වන සුනිල් ජයන්ත ඒකනායක මහතා විසින් සිතුවම් කළ 
						විශේෂ ධර්මාසනය ශ්‍රී දළදා මැඳුරට පූජා කිරීම සඳහා 
						ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පල්ලෙකැලේ ජාත්‍යන්තර 
						බෞද්ධ මධ්‍යස්ථානයේදී පසුගිය ජූලි 23 වන දා පිළිගැන් වූ 
						අවස්ථාව ඡායාරූපයෙන් (දකුණපස) දැක්වේ. බුරුත දැවයෙන් කළ 
						පැරැණි ධර්මාසනයක් වන මෙය, තෙල්සායම් භාවිතා කොට නෙළුම්මල 
						පදනම් කරගත් බෞද්ධ සිතුවම් රටාවකින් නිම කිරීම සඳහා සුනිල් 
						ජයන්ත ඒකනායක මහතාට වසර දෙකක් ගත වී තිබේ.
 |  
						| 
						 |  
						| ස්කොට්ලන්තයේ බෞද්ධ විහාරයේ අධිපති 
						රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කඹුරාපොළ සිරිරේවත හිමියන්ට, 
						කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමගී‍්‍ර මහා සංඝ සභාව පිරිනැමුණු 
						ලෝකසමය සභාගවාරි ශ්‍රී සෝභිත යන ගෞරවනාමය සහිත මහා 
						බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය 
						මහනායක බෙල්ලන ශ්‍රී ඤාණවිමල හිමියන් වෙතින් කෝට්ටේ රජ මහා 
						විහාරයේ පැවැති උත්සවයේ දී සිරිරේවත හිමියන් ලබාගත් අයුරු 
						වම් පස ඡායාරූපයෙන් දැක්වේ. මෙහිදී මහා භාරකාර සරත් 
						සෙනවිරත්න මහතා විසින්, විජිනිපත පිළිගැන්වූ අයුරු දෙවන 
						ඡායාරූපයෙන් දැක්වේ. ඡායාරූපය - නන්ද ඒකනායක කෝට්ටේ මධ්‍යම සමූහ
 |  
						| 
						 |  
						| ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වැඩ වසන 
						සියලු භික්‍ෂූන් වහන්සේ වස් විසුවේ ධර්ම විජය විහාරස්ථ 
						උපෝසථාගාරයේ දී පොහොය කිරීමෙන් අනතුරුවය. විහාරාධීපති 
						ආචාර්ය වල්පොල පියනන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි ආචාර්ය 
						අහංගම ධම්මාරාම නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශවාසී 
						සියලු භික්‍ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන්, මෙවර පොහොය කර්මය 
						සිදුකෙරිණි. ආචාර්ය උඩගම සුමංගල හිමියන් විසින් 
						ප්‍රාතිමෝක්‍ෂ දේශනය සිදුකරන ලදී. |  |  | 
					
						|  |  
						| 
	
		
			| 
	
		| 
					
					බිනර පුර පසළොස්වක පෝය 
					බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 03 වන දා 
					බ්‍රහස්පතින්දා අපර භාග 07.54 ට ලබයි.4 වන දා සිකුරාදා අපර භාග 
					09.31 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම සැප්තැම්බර් 4 වන දා සිකුරාදා ය.
 
					
					මීළඟ පෝය සැප්තැම්බර් 12 වන දා සෙනසුරාදා ය. |  
		| 
 |  
		|  |  |  |  
						|  |  |