| ස්කොට්ලන්තයේ බෞද්ධ විහාරයේ අධිපති 
						රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කඹුරාපොළ සිරිරේවත හිමියන්ට, 
						කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමගී‍්‍ර මහා සංඝ සභාව පිරිනැමුණු 
						ලෝකසමය සභාගවාරි ශ්‍රී සෝභිත යන ගෞරවනාමය සහිත මහා 
						බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය 
						මහනායක බෙල්ලන ශ්‍රී ඤාණවිමල හිමියන් වෙතින් කෝට්ටේ රජ මහා 
						විහාරයේ පැවැති උත්සවයේ දී සිරිරේවත හිමියන් ලබාගත් අයුරු 
						වම් පස ඡායාරූපයෙන් දැක්වේ. මෙහිදී මහා භාරකාර සරත් 
						සෙනවිරත්න මහතා විසින්, විජිනිපත පිළිගැන්වූ අයුරු දෙවන 
						ඡායාරූපයෙන් දැක්වේ. ඡායාරූපය - නන්ද ඒකනායක කෝට්ටේ මධ්‍යම සමූහ
 |