UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇසළ පෝදා පින්කම්

කැලණි රජමහා විහාරයේ ‘වස් ආරාධනා පින්කම’ පෝදා

ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථ ශීලභාවනා සමිතියේ සභාපති සාමවිනිසුරු එම්.ඒ. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් 38 වැනි වරටත් ජූලි මස 06 වැනි ඇසළ පොහෝ දින ප.ව. 6.00 ට කැලණි රජමහා විහාරයේ වස් ආරාධනා පින්කම සිදුකැරේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදානය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ඇසළ පෝදා වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේ ය. පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව ගබ්වෙල වජිර හිමි, 8 – 9 භාවනාව, හක්මන සුමනසිරි හිමි, 9 – 10 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති මොරවක සෝරත නාහිමි, 10 – 11 අභිධර්ම කථාව - අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11 – 11.15 බුද්ධ පූජාව, රොටුඹ නාරද හිමි, කඹුරුගමුවේ සුමේධ හිමි පස්වරු 12.25 – 12.30 පුණ්‍යානුමෝදනාව, 12.30 – 1 පිරිත් සහ තෙරුවන් ගුණ කන්තලේ මධුරදේව හිමි, උඩුදෙණියේ විමලවංස හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව උඩුදුම්බර ලංකානන්ද හිමි, 2 - 3 ධර්ම දේශනාව, මාවරලේ භද්දිය හිමි, 3 – 3.45 විශේෂ අනුශාසනාව අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහා නාහිමි, 4 – 5 වස් ආරාධනාව, 5 – 6 ධම්ම පදය, පානදුරේ පසන්න හිමි, 6 – 6.30 බෝධි පූජාව සහ සිල් පවාරණය (අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද අනුනා හිමිපාණන් වහන්සේට සෙත් පැතීම) මෙහෙය වීම හක්මන සුමනසිරි හිමි.


මහරගම සිරිවජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ඇසළ පෝදා තරුණ සීල සමාදාන වැඩසටහන මෙසේය පෝදා පෙරවරු 6 -7 සිල් සමාදන් කරවීම,අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 8-9 භාවනා වැඩසටහන මෙහෙයවීම වැලිමඩ පසන්නමානස හිමි, 9 -10 -ධර්ම දේශනාව - විනයාචාර්ය දියසෙන්පුර විමල හිමි, 10 -11.15 අසරණ සරණ සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි .

පස්වරු 12.25 - 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව , 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ කැන්දලන්දේ ජිතේන්ද්‍රිය හිමි, 1- 2 ධර්ම සාකච්ඡාව -ඇමරිකාවේ ෆ්ලොරිඩා බෞද්ධ විහාරවාසී ශාස්ත්‍රපති පණ්ඩිත කුරුණෑගොඩ ධම්මාලෝක හිමි, 2 -3 ධර්ම දේශනාව , කුකුල්පනේ සුදස්සි හිමි, 3 -4 විශේෂ දේශනය ආචාර්ය ජයන්ත වත්තෙවිදානගේ මහතා, 4.15 - 5 ධම්මපදය පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5 -6 -ධර්ම දේශනාව පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 6 -6.30 -බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි .


බම්බලපිටියේ සිරි වජිරාරාමය

බම්බලපිටියේ වජිරාරාමයේ ඇසළ පෝදා වැඩසටහන මෙසේයි. පෝදා පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම හා අනුශාසනය තිරිකුණාමලේ ආනන්ද අනුනායක ස්වාමීන් වහන්සේ 8 –9 ධර්ම දේශනය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ 9 – 10 ධර්මානුශාසනය අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහානායක ස්වාමීන් වහන්සේ, 10 – 11 භාවනාව හා අනුශාසනය, ගම්පහ පාසාදික හිමි, 11 – 11.15 බුද්ධ පූජාව, වත්තේගම නිපුණ හිමි, පස්වරු 12.30 – 1 පුණ්‍යානුමෝදනය, 1- 1.45 තේරුවන් ගුණ සජ්ඣායනය කඹුරුගමුවේ මහානාග හිමි, 1-.45 – 2.45 දේශනය, ශල්‍ය වෛද්‍ය විශේෂඥ කනිෂ්ක කරුණාරත්න මහතා, 3 – 4 ධර්මදේශනය බොරැල්ලේ අතුල නාහිමි, 4 – 5 ධර්ම සාකච්ඡාව උස්ගොඩ ධම්මගරු හිමි, 5 – 6 දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ, වත්තේගම නිපුණ ස්වාමීන් වහන්සේ, 6 – 7 වස් ආරාධානාව බෝධි පූජාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමයේ ස්වාමීන් වහන්සේලා.


කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10 , කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාම මහ විහාරස්ථානයේදී ඇසළ පුර පසළොස්වක පොහෝදා විහාරාධිපති හල්පිට හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් ශීල, භාවනා, ධර්ම දේශනා පින්කම් රැසක් පැවැත්වේ.

එදින පෙරවරු 6 - 6.30 සීල සමාදානය හා කෙටි අනුශාසනාව මෙහෙයවීම විහාරාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7- 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි, 8 - 9 රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩසටහන , 9.15 - 10.15 ධර්ම දේශනාව සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ආටිගල සමිතදේව හිමි, 10.15- 11 බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි, 12.30 - 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් 1 -2 විහාරස්ථ උපාසක උපාසිකා සමිති මාසික රැස්වීම . 2.00 - 2.45 භාවනාව මෙහෙයවීම , තලල්ලේ මහින්ද නාහිමි, 2.45- 3.45 ධර්ම දේශනාව කැලණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමි , 4 -5 දහම් දෙසුම ගැට්ටුවානේ සුමේධ හිමි, 5 -6 දහම් දෙසුම වැල්ලවායේ බුද්ධවංශ හිමි , සිල් පවාරණය තලල්ලේ මහින්ද හිමි, 7.00-7.30 මල් පහන් ගිලන්පස සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ ධම්මදේව හිමි, 7.45 - 8.45 දහම් දෙසුම ශාස්ත්‍රපති මාවරලේ භද්දිය හිමි.


සංකල්ප විහාරය

පිළියන්දල , මාකන්දල , සංකල්ප විහාරයේදී ඇසල පුරපසළොස්වක පොහෝදා දවස පුරා සිල් වැඩසටහනක් සංකල්ප විහාරාධිපති හා කැස්බෑව ශාසනාරක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි උග්ගොඩ ධම්මින්ද හිමියන් ගේ අනුශාසනාවෙන් පැවැත්වේ.

මෙම සිල් වැඩසටහන පිටිගල ගුණරතන නාහිමි, මතුරුප්පේ සෝමාලංකාර හිමි, පාමංකඩ ඉන්ද්‍රජෝති හිමි, පිටිගල ඉන්ද්‍රසිරි හිමි, කහපොල නන්දරතන හිමි , නුගේගොඩ පුණ්ණ හිමි, මාවනැල්ලේ පවර හිමි යන හිමිවරුන්ගේ ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් පැවැත්වේ. බී.ජී. පියදාස මහතාගේ ගිහි දේශනයක්ද ඊට ඇතුළත්ය.

මේදින රාත්‍රි 7 ට දින සියයක අසිරිමත් අට විසි ගිලන් පස බුද්ධ පූජා පින්කම් මාලාව ඇරඹේ. ඒ සමඟම වස් ආරාධනා පින්කම මෙදින රාත්‍රි 8 ට කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය මාලගොඩ මහතාගේ සහ වජිරා මාලගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.


වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේ ඇසළ පෝදා සීල සමාදාන වැඩසටහන මෙසේ ය. පෙරවරු 6 – 7 සීල සමාදානය, අනුශාසනාව හා භාවනාව මහරගම මහින්ද හිමි, 8 – 9 ධර්ම දේශනය කඹුරුගමුවේ මහානාග හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව මාදුළුවාවේ සෝභිත හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් සජ්ඣායනය, 1- 2.30 භාවනාව මෙහෙයවීම ගාමිණී පි‍්‍රයන්ත මහතා, 3 – 4 ධම්මපද විවරණය චන්ද්‍රසෝම ගිනිගේ මහතා සහ විශාරද දමයන්ති ජයසූරිය මිය, 4 – 5 වස් ආරාධනාව, 5 – 5.30 බුද්ධ පූජාව හා සිල් පවාරණය.


බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරය

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේ ඇසළ පොහොය නිමිති කරගෙන සීල සමාදානයක් පැවැත්වීමට විහාරාරක්‍ෂ දායක සභාව සහ ආර්ය මහිලා සමිතිය කටයුතු යොදා ඇත.

උදේ 6. 00 ට සීල සමාදානය තෙල්වත්තේ අචලනාග හිමි, 6.30 සම්බුද්ධ පූජාව භාවනාව මෙහෙයවීම ආටිගල අමිතදේව හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරන්, 10.00 ට ධර්ම දේශනාව ශාස්ත්‍රපති යටිහගල විජිතරතන හිමි, 11 සම්බුද්ධ පූජාව, පස්වරු 1.30 ධර්මදේශනාව රාජකීය පණ්ඩිත පිටිගල විජිත හිමි, 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රත්ගම උපනන්ද හිමි, 4.30 ධර්ම සාකච්ඡාව අඹන්පොල ඤාණ තුසිත හිමි, 5.30 ට අටවිසි බුද්ධ පූජාව මෙහෙයවීම දොළොස් බාගේ සාන්තනාග හිමි.


ඌරුවල සභාවේ විහාරයේ දී පැවිදි පින්කමක් පෝදා

නැදුන්ගමුව, ඌරුවල සභාවේ විහාරයේදී විහාරාධිපති මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රී යාගොඩ සීවලී හිමියන්ගේ ආචාර්යත්වයෙන් පස්ගම්මන පඤ්ඤානන්ද නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් කුල දරුවන් දෙදෙනකු ඇසළ පෝදා පෙරවරුවේ සසුන් ගත කැරේ.

සියඹලන්ගමුව, හුලංනුගේ මුහන්දිරම්ලාගේ ජේමිස් ග්‍රෙබියෙල් අප්පුහාමිගේ සහ පෝරත්මුදියන්සේලාගේ සුමනාවතී දම්පතීන්ගේ පුතනුවන් වන අරුණ මධුශංක කුමරුවා සහ සෙල්ල කතරගම දඹේ පාරේ විජේනායක සිරිවර්ධනගේ රත්නසිරි සහ තුබේවන්නිආරච්චිලගේ ලලිතා නිලන්ති දම්පතීන්ගේ පුත්‍ර රවිඳු ශ්‍රීමාල් කුමරුවා මෙසේ ඇසළ පෝදා පෙරවරු 10.16 ට පමණ පැවිදි බිමට පත්කැරේ. විහාරස්ථ ශාසනාරක්‍ෂක සමිතිය, යසෝදරා කුළඟන සමිතිය, ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල හා දායක දායිකා පිරිස එම පින්කමේ දායකත්වය උසුලයි.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේ දී ඇසළ පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 6 – 7 සීල සමාදානය තෙරුවන් වින්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම පනාපිටියේ විජිතනන්ද හිමි, 7.10 – 7.55 භාවනා වැඩසටහන මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි 8 – 9 දහම් දෙසුම පදලංගල ධම්මදේව හිමි 9.30 – 12 අමාදහර ස්වර්ණවාහිනී සජීව වැඩසටහන් සාකච්ඡාවකි. උඩුවේ ධම්මාලෝක හිමි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්.හේරත් මහතා සහ මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා පස්වරු 1 – 2 යුගාසන කවි බණ පන්නල ඤාණාලෝක හිමි සහ මාකඳුරේ පඤ්ඤාසාර හිමි, 2.10 – 3.10 දහම් දෙසුම බණ්ඩාරවෙල මුදිත හිමි, 3.15 – 4.15 දහම් දෙසුම මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, 4.20 – 5.20 දහම් දෙසුම නිග්ගහ ඤාණින්ද හිමි, 5.30 – 7 දහම් දෙසුම පොල්ගහපිටියේ සුගතානන්ද හිමි, 7.15 – 8.15 නව අරහාදී පහන් පූජාව මෙහෙයවීම කේ. පරණවිතාන මහතා.


මාතර තරුණ බෞද්ධ සමිතිය

පෝදා පෙරවරු 6.30 සීල සමාදන් කරවීම, බුද්ධ පූජා වන්දනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත දෙහිගස්පේ සිරිවිමල හිමි, 8.00 බුදු ගුණ වන්දනාව, වලස්ගල පඤ්ඤාසිරි හිමි 9.30 විදර්ශනා මාර්ගය, කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව, 10.30 බුද්ධ පූජා වන්දනාව, යක්කලමුල්ලේ පවර හිමි පස්වරු 1.00 රණවිරුවන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනාව ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි 2.00 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම මාතර සදහම් සිසිල බොදු එකමුතුව සංවිධායක බන්දුල උදයකුමාර මහතා 4.00 ධර්මදේශනය ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි, 5.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාත්මක ධර්ම දේශනය, ශාත්‍රවේදී රොටුඹ සෝමරතන හිමි.


මංගල දම් දෙසුම් පෝදා

අම්බලන්ගොඩ හිරේවත්ත සිරි විජයරාමස්මාරවල සුමන ශාන්ත හා හල්ගම්පිටියේ සුමනකිත්ති යන සාමණේරවරු පසුගියදා පානදුර කළුදෑවල ධර්මාරාමයේ දී අධිසිල් ලැබූහ. මාවරල සුමනශාන්ත හිමිපාණන්ගේ මංගල ධර්ම දේශනය ඇසළ පෝදා පස්වරු 2 ට අම්බලන්ගොඩ හිරේවත්ත සිරි විජයාරාමයේ දී පැවැත්වේ. හල්ගම්පිටියේ සුමනකිත්ති හිමිපාණෝ එදින පස්වරු 3.30 ට සිරිවිජයාරාමයේ දී මංගල ධර්ම දේශනය පවත්වනු ලැබේ.


‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයෙන් ඇසළ ධර්ම ප්‍රදීප

තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් රටට දැයට සෙත් පතා පවත්වනු ලබන ඇසළ ධර්ම ප්‍රදීප වැඩසටහනක් ජූලි 06 වැනි දින පල්ලෙරොට රම්බා රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ. විහාරාධිපති බෙලිගල්ලේ සරණපාල නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් දහම් බැති ගී ගවයන් නිදහස් කිරීම, විශේෂී බුද්ධ පූජා සහ ධර්ම දේශනා පැවැත්වීමට නියමිත අතර දොඩම්පහල රාහුල හිමි, සහ වරායේ සමිත හිමි ධර්ම දේශනා පවත්වනු ලබති. මෙම පින්කම් මාලාව ජූලි 03 දා ආරම්භ විය.

ඇසළ පුර පසළොස්වක පෝය
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 6 වනදා සඳුදා අපරභාග 12.25 ට ලබයි. 7 වනදා අඟහරුවාදා අපරභාග 2.53 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජූලි 6 වනදා සඳුදාය.
මීළඟ පෝය ජූලි 15 වනදා බදාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

First Quarterපුර අටවක

ජූලි 28

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]