UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අම්බලන්ගොඩ කලුවඩුමුල්ල ශ්‍රී විජයාරාමයේ බෝධීන් වහන්සේ
වසර 300 කට ආසන්න ඉතිහාසයක් ඇති අම්බලන්ගොඩ කලුවඩුමුල්ල ශ්‍රී විජයාරාමය බිහිවුයේ 1728 වසරේදී පමණ ය. මෙම පැරැණි විහාරය
ප්‍රතිනිර්මාණය වුයේ එහි වත්මන් විහාරාධිපති ආචාර්ය විලේගොඩ අරියදේව හිමියන්ගේ නව සංකල්පනාවක් අනුව මෑතකදීය. සම්ප්‍රදායික විහාර ආකෘතිය වෙනස් කරමින් මෙහි සිදුකර ඇති නිර්මාණ නිසා ශ්‍රී විජයාරාමය වර්තමාන ලාංකේය විහාර කර්මාන්තයට නව අත්දැකීමක් එක් කරයි. මෙහි දැක්වෙන පැරැණි බෝධීන් වහන්සේ වටා ඉදිකර ඇති පාත්‍රයක හැඩය සහිත බෝධි ඝරය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳ පුරාවෘත්තය නැවත සිහිපත් කරවයි. මෙවැනි සුවිශේෂී නිර්මාණයක් දැනට ලංකාවේ වෙනත් කිසිදු විහාර භූමියකදී දැක ගැනීමට නුපුළුවන. ජායාරූපය - ජනක වෙත්තසිංහ

යටියන්තොට ශ්‍රී නන්දාරාමය

රාජසිංහ රජ සමය හා සීතාවක රාජධානිය මායිම් කරන තුන්කෝරළය සිංහල වංශ කතාවේ සුවිශේෂී ස්ථානයක් ගනියි. බෞද්ධ පුනරුදයේ අරුනලු දකින සමයක මෙම ඓතිහාසික භූමිය ඒකාලෝක කළ ධර්ම කේන්ද්‍රස්ථානයක් වන්නේ බුද්ධ වර්ෂ 2433 දී ඉදි වූ යටියන්තොට ශ්‍රී නන්දාරාම විහාරස්ථානයයි.

ඉතිරිය»

ඇසළ පුර පසළොස්වක පෝය
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 6 වනදා සඳුදා අපරභාග 12.25 ට ලබයි. 7 වනදා අඟහරුවාදා අපරභාග 2.53 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජූලි 6 වනදා සඳුදාය.
මීළඟ පෝය ජූලි 15 වනදා බදාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

First Quarterපුර අටවක

ජූලි 28

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]