UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම ඇසළ පෙරහර

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර ජූලි මස 22 දින ඇරඹෙයි.

ඇසළ පෙරහර වෙනුවෙන් කප්සිටුවීම රුහුණු කතරගම මහාදේවාලයේ කපු මහත්වරුන් විසින් ජුනි මස 08 දින සුබ නැකැත් හා පෞරාණික චාරිත්‍රානුකූලව කතරගම මහාදේවාලයේදී සිදුකැරිණි.

පෞරාණික චාරිත්‍ර පුද සිරිත් වලට මුල් තැනක් දෙමින් උඩරට පහතරට මෙන්ම ලංකාවේ විවිධ කලායතනවල නැටුම් කණ්ඩායම් මෙන්ම රුහුණු ප්‍රදේශයට ආවේණික නැටුම් වලින්ද අලි ඇතුන්ගෙන්ද යුතුව ඉතාමත් අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කටයුතු යොදා ඇත.

ජූලි මස 22 දින ඇසළ පෙරහර ඇරඹෙයි. අගෝස්තු මස 02 දින ගිනිපෑගීම සිදුකෙරේ. අගෝස්තු මස 05 දින අවසාන රන්දෝලි මහා පෙරහර පැවැත්වෙන අතර අගෝස්තු 06 දින මැණික් ගඟේ දිය කැපීමෙන් පෙරහර කටයුතු අවසන් වෙයි.

උතුරු නැගෙනහිර ප්‍රදේශ ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් නිසා මෙවර ඇසළ පෙරහර සඳහා ලක්‍ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන් පැමිණෙතැයි අපේක්‍ෂා කෙරේ. වෙන වර්ෂ වලට වඩා කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැලසීමට විශේෂ වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක කෙරෙන බව කතරගම ඇසළ පෙරහර කඳවුර භාර නිලධාරි බදුල්ල දිසා ලේකම් රෝහණී කීර්ති දිසානායක මහතා කීය.

ඇසළ පෙරහර සමයේ කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කතරගම ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නාගරික සංවර්ධන අධිකාරිය භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා කතරගම පොලීසිය කටයුතු සැලසුම් කර ඇත.

 

ඇසළ පුර පසළොස්වක පෝය
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 6 වනදා සඳුදා අපරභාග 12.25 ට ලබයි. 7 වනදා අඟහරුවාදා අපරභාග 2.53 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජූලි 6 වනදා සඳුදාය.
මීළඟ පෝය ජූලි 15 වනදා බදාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

First Quarterපුර අටවක

ජූලි 28

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]