UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘බෞද්ධයා’ රූපවාහිනියේ දෙවර්ෂ පුර්ණයට ‘සද්ධර්ම වර්ෂා’


බෞද්ධයා රූපවාහිනිය දෙවර්ෂයකට පෙර ඇරැඹුණු දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත චීනයේ මහ නා හිමියන් විසින් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පිරිනැමූ අවස්ථාව. දරණාගම කුසලධම්ම හිමියෝද හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා ද සේයාරුවේ වෙති.

රට එක් සේසත් කළ ශ්‍රීමත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ප්‍රධාන ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇතුළු සියලු රණවිරුවන්ට සෙත් පැතීමත්, සූකර උණ , ඩෙංගු උණ ආදි රෝග පීඩා දුරුවී රටට සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන බෞද්ධ රූපවාහිනී සේවයේ දෙවර්ෂ පුර්ණය වෙනුවෙන් ජුනි 05 වන දින සිට 2011 සම්බුද්ධ ජයන්තිය දක්වාම සෑම මසකම සතර පෝයට බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල සූත්‍ර පිටකය , අභිධර්ම පිටකය මුළු මනින්ම සුපේෂල ශික්ෂාකාමි මහ සඟරුවන විසින් සජ්ඣායනා කොට විද්වත් ගිහි පැවිදි මණ්ඩලයක් මගින් සූත්‍ර සාකච්ඡා කරනු ලබයි. මේ මහා පුණ්‍ය උත්සවය මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහනාහිමියන් වහන්සේගේ හා මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත නියන්ගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.එම පුණ්‍ය උත්සවයේදී සත්කෝරළයේ මහා දිසාවේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය කාක්කපල්ලියේ අනුරුද්ධ නාහිමිපාණන් වහන්සේ මෙහිදී සූත්‍ර පිඨකයේ සාකච්ඡාව මෙහෙයවති .

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහනාහිමි, රාමඤ්ඤ මහා නිකායේ මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර මහා නාහිමි, සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහානාහිමි, විද්‍යෝදය පරිවේනාධිපති ආචාර්ය බලංගොඩ සෝභිත නාහිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමි , ත්‍රිපිටකාචාර්ය දිවියගහ යසස්සී නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය සහභාගි වීමට නියමිතය. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ඇතුළු අධිකරණයේ විද්වතුන් රැසක් හා කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවීමට නියමිතය.

මෙහිදි මවුබිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට සෙත් පැතීම, ආරක්ෂක ලේකම්තුමා ප්‍රධාන ආරක්‍ෂක ප්‍රධානීන්ට සෙත් පැතීම, හිටපු අගවිනිසුරුතුමන්ට සෙත්පාර්ථනා කිරීමද මෙයට සමගාමීව පැවැත්වේ.

 

ඇසළ පුර පසළොස්වක පෝය
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 6 වනදා සඳුදා අපරභාග 12.25 ට ලබයි. 7 වනදා අඟහරුවාදා අපරභාග 2.53 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජූලි 6 වනදා සඳුදාය.
මීළඟ පෝය ජූලි 15 වනදා බදාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

First Quarterපුර අටවක

ජූලි 28

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]