UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

දෙණියායේ කොටපොළ ඓතිහාසික ගැටබරු රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත බෙරලපනාතර චන්දවිමල හිමියන් වෙත, ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වය මගින් “ ධර්ම කීර්ති ශ්‍රී රතනපාල “ ගෞරව නාම සම්මුතිය සහිත දක්‍ෂිණ ලංකාවේ ද්විතීය සංඝ නායක පදවිය පිරිනමා ඇත. පසුගිය (මැයි) 26 වන දා මහනුවර මල්වතු මහා විහාරස්ථ පෞරාණික රාජ පූජිත උපෝසථාගාරයේ දී පැවැති පුණ්‍ය මහෝත්සවයේදී ඒ පිළිබඳ අක්ත පත්‍රය මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානා හිමියන් වෙතින් චන්දවිමල නාහිමියන් ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්වේ. නියංගොඩ විජිතසිරි අනුනා හිමිපාණෝ ද සේයාරුවේ වෙති.

මියගිය රණවිරුවන්ට සෙත්පතා බෝධිපූජාවක් සහ අටපිරිකර සියයක් මහා සංඝරත්නයට පූජාකිරීමේ පින්කමක් කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණි. එහිදී කැලණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ අංශයේ කථිකාචාර්ය මාකොල මංගල හිමියන් විසින් අනුශාසනාවක් පැවැත් වූ අයුරු . කැලණිය රජ මහා විහාරාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි හැදල පුරාණ විහාරාධිපති නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද වේ. කම්කරු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතාද මෙම පින්කමට සහභාගි වූහ. ඡායාරූපය :- සුදත් මලවීර

 

අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි මස 15 වන දා සඳුදා අපර භාග 3.12 ට ලබයි. 16 වනදා අඟහරුවාදා අපරභාග 3.57 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි මස 15 වනදා සඳුදාය.

මී ළඟ පෝය ජුනි 22 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]