UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පෙතියාගොඩ විහාරයේ විවෘත කිරීම් රැසක් 18 දා

කැලණිය, පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේ අභිනව අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ හා රන්වැට සහිත බෝධි ප්‍රාකාරය, ප්‍රතිසංස්කරණය කරන ලද පැරැණි විහාරය සංඝාවාසය සහිත දාන ශාලාව, මල් ආසනය දොළොස් මහේ පහන්, ගම්භාර දේවාලය, අලුතින් නිම කරන ලද ජල සැපයුම් පද්ධතිය විවෘත කිරීම මෙම 18 දා පස්වරු 3.30 ට ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම සද්ධර්මකීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහනා හිමියන්ගේ මූලිකත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල, රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර දේශමාන්‍ය එච්.කේ. ධර්මදාස, දේශමාන්‍ය ඩී.නීල් සුරවීර යන මහත්වරුන්ගේ හා මනෝජා සුරවීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකැරේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, කොටුවිල විමලකිත්ති නාහිමි අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත නාහිමි, ගලබොඩ ඤාණිස්සර නාහිමි, මාදුළුවාවේ සෝභිත හිමි, මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි, පෙතියාගොඩ දේවානන්ද නාහිමි, හබරකඩ සෝභිත නාහිමි, නාගරික හා පූජා භූමි සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කම්කරු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරු ජයසූරිය, සරණ ගුණවර්ධන යන මහත්වරු සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන රෙහෙනසිරි වරාගොඩ, නීතීඥ සිසිර ජයකොඩි, ශාලිත විජේසුන්දර, රුවන් විජේවර්ධන, යූ.ජෝර්ජ් පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර, පෑලියගොඩ නගරාධිපති ඩී.නිහාල් ආනන්ද, බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සම්පත් , කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලංකා විජිත කුමාර යන මහත්වරු ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් එම අවස්ථාවට සහභාගිවීමට නියමිත ය.

අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි මස 15 වන දා සඳුදා අපර භාග 3.12 ට ලබයි. 16 වනදා අඟහරුවාදා අපරභාග 3.57 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි මස 15 වනදා සඳුදාය.

මී ළඟ පෝය ජුනි 22 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]