UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

‘දිනමිණ’ වෙසක් කලාපය සහ ‘ඩේලිනිව්ස් ‘ ‘බුද්ධ ප්‍රදීප’ සඟරාව එළි දැක්වීමේ උත්සවය ඉකුත්දා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේදී සිදු කැරිණි.
එහිදී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් වෙත ‘දිනමිණ’ වෙසක් කලාපය සහ ඩේලිනිව්ස් ‘බුද්ධප්‍රදීප ‘ මුල් පිටපත් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්ම කුමාර මහතා විසින් පිළිගන්වන ලදී. එම අවස්ථාවට මහාචාර්ය ධම්මවිහාරි හිමි, අරම ධම්මතිලක නාහිමි, මාවරලේ භද්දිය හිමි ඇතුළු මහ සඟරුවන ද ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අධ්‍යක්ෂවරුන් වන නිහාල් රත්නායක, නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර , උපුල් දිසානායක, සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන , සාමාන්‍යාධිකාරි අභය අමරදාස , මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, දිනමිණ ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර , ඩේලිනිව්ස් ප්‍රධාන කර්තෘ ජයතිලක ද සිල්වා, සිළුමිණ කර්තෘ කරුණාදාස සූරියආරච්චි , තිනකරන් කර්තෘ සිවසුබ්‍රමනියම් යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ
සේයාරුව :- කුමාර ප්‍රනාන්දු
සමන් ශ්‍රී වෙදගේ

රණවිරුවන්ට සෙත්පතා පිරිත් දෙසුමක්

උත්තරීතර කාර්යයක් ඉටු කරමින් දිවි හිමියෙන් කැප වී සිටින අපේ වීරෝදාර රණවිරුවන්ට සෙත්පතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය සංවිධානය කළ පරිත්‍රාණ ධර්ම දේශනයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පිරිත් දේශනාවට තුන් දහසක් පමණ මහ සඟරුවන සහභාගි වූහ.

ඉතිරිය»

වෙසක් අව අටවක පෝය

මැයි මස 16 වන දා සෙනසුරාදා අපරභාග 11.56 ට ලබයි. 18 වනදා සඳුදා පූර්ව භාග 1.45 දක්වා පෝය පවතී. සිල් සමා දන්වීම මැයි මස 17 වනදා ඉරිදා ය. මීළඟ පෝය මැයි මස 24 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

Full Moonපසෙලාස්වක

ජුනි 07

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]