UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පාලි භාෂාව


සිංහල භාෂාවෙන් පාලි භාෂාවටත් පාලි භාෂාවෙන් සිංහල භාෂාවටත් වචන සහ වාක්‍ය පරිවර්තනය කරන ආකාරය පහත දැක්වෙයි. මෙම වන වචන කටපාඩම් කරන්න.

මග්ග - මාර්ගය
පුත්ත – පුත්‍රයා
කුමාර – කුමාරයා
වාණිජ - වෙළෙන්දා
චොර - සොරා
මිත්ත – මිත්‍රයා
දාස - දාසයා
භූපාල – රජ
කස්සක - ගොවියා
ලෙඛක – ලියන්නා
දෙව - දෙවියා
වානර – වඳුරා
විහාර – විහාරය
දීප – දීපය
මඤ්ච – ඇඳ
ආහාර – ආහාරය
සීහ - සිංහයා
මිග - මුවා
අස්ස - අශ්වයා
ගොන - ගෝනා
සුනඛ – බල්ලා
වරාහ – ඌරා
සකුණ – පක්‍ෂියා
අජ - එළුවා
කාක – කාක්කා
හත්ථ – අත
පාද – පය
කාය – කය
ආකාස - අහස
ලොක - ලෝකය
ආලෝක – එළිය
තර – නරයා
රුක්ඛ – ගස
චන්ද -සඳ

පහත සඳහන් අභ්‍යස්වලට සිංහල තේරුම් දෙන්න. සිංහල තේරුම් එකකට වැඩි නම් ඒ සියල්ල බුද්ධ ශබ්දයේ වර නැගෙන ආකාරයෙන් සපයන්න.

1. මනුස්සානං -
2. පුරිසෙ -
3. හත්ථං -
4.පාදමහි -
5.කායෙන -
6. බුදෙධසු -
7. ධම්මං -
8. සංඝමහා -
9. සුරියෙ -
10. භික්‍ඛුසස -
11. ආකාසෙන -
12. භූපාලෙභි -
13. දෙවා -
14. ගාමඝමා -
15. චන්දං -
16. ගොනා -
17. සීහානං -
18. අසෙසා -
19. සකුණා -
20. මඤචසමිං -

පාලි වචනයක අග ඕ හඬ යෙදුනොත් ප්‍රථමා විභක්ති ඒක වචනය කොට සිතා සිංහල තේරුම ‘තෙම’ කියාදිය යුතු අතර පාලි වචනයක ආ හඬයෙදේ නම් ප්‍රථමා බහු වචනය බවත් තු.මූ. යන සිංහල තේරුම දිය යුතුයි.

බුදෙධා - ඔ. තෙම (බුදුරජ තෙම)
බුද්ධා ආ තුමු (බුදුරජහු තුමු)
මේ අයුරින් දුතියා එක වචනයේ අං හඬද
දුතියා බහු වචනයේ එ හඬද
තතියා ඒකවචනයේ එන හඬද
තතියා බහු වචනයේ එහි එහි හඬද
කරණ එක වචනයේ එන හඬද
කරණ බහු වචනයේ එහි එහි හඬද
චතුත්ථ එක වචනයේ ආය සස හඬද
චතුත්ථි බහු වචනයේ ආනං යන හඬද
පංචමී එක වචනයේ අ මහා යස්මා හඬද
පංචමී බහු වචනයේ එහි එහි හඬද
ඡට්ඨි එක වචනයේ එ සමිං මහි හඬද
බහු වචනයේ ඵසු හඬද යෙදේ.

පහත සඳහන් ආකාරයෙන් මෙම ඔ.ආ. අ. එ එන එහි එහි ආය සස, ආනං. ආ. මහා සමා එ සමිං මහි ඵසු යන ප්‍රත්‍යයන්ගේ සිංහල තේරුම් අවබෝධ කරගත යුතු යි.
සිංහල නගන්න.
1. පුරිසසස ගොනො
2. මනුසසානං හත්ථා
3. ආකාසමහි සකුණා
4. බුද්ධස්ස ධමෙමා
5. මඤෙචසු මනුසසා
. අසසානං පාදා
7. රුකෙඛ සකුණො
8. පාසානමහි ගොනෝ
9. ලොකසමිං මනුස්සා
10. භූපාලසස දීපා
මෙ වාක්‍යයෙන් සිංහලට නගා අභ්‍යාස හුරු පුරුදු වන්න. මෙහි පස් වැනි වාක්‍ය කණ්ඩය බලන්න. ‘මඤෙසු’ කියා සත්තමී විභක්ති බහු වචනයෙන් සටහන්ව ඇත. මින් පැහැදිලි වන්නේ ‘වල’ යන තේරුමයි. එසේ නම් ඇඳන්වල කියාගත යුතු ය. ආධාර විභක්තිය නිතරම සත්තම් විභක්තියෙන් සිටී. පාසා නමහි, ලොකසමිං යන අට සහ නවය බලන්න. ගලෙහි ලොකයෙහි යන අදහස ගෙනදෙයි.

 

වෙසක් පුර අටවක පෝය මැයි මස 1 වනදා සිකුරාදා අපර භාග 3.16 ට ලබයි. මැයි මස 2 වනදා සෙනසුරාදා අපර භාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 1 වනදා සිකුරාදා ය. වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 8 වනදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]