UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් බුදුසරණ පුවත්පත, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් පවත්වන

රචනා - කථික තරග

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ඓතිහාසික මිහින්තලා පුදබිමේ වාර්ෂිකව පවත්වන මිහින්තලා ආලෝක පූජාව 47 වන වරටත් මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් ලබන ජුනි මස 6, 7, හා 8 යන දිනහන්හි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. ආලෝක පූජා පුණ්‍යෙීත්සවයට අමතරව ශීල, සමාදානයත්, රචනා හා කථික තරගයත් මෙවරද පැවැත්වේ.

“බුදුසරණ” පත්‍රයේ සංවිධායකත්වයෙන් දිනපතා පාසල් සිසුන් හා දහම් පාසල් සිසුන් සඳහා දීප ව්‍යාප්ත රචනා තරගයක් හා උතුරු මැද පළාතේ දිනපතා පාසල් හා දහම් පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා කථික තරගයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දීප ව්‍යාප්ත රචනා තරගය

දිනපතා පාසල් හා දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වන දීපව්‍යාප්ත රචනා තරගයේ මාතෘකා පහත පළවෙයි

(1) ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාත්මික සංකේතය මිහින්තලා පුදබිම යි
(2) නූතන විද්‍යාවේ ජයග්‍රහණ බුදු දහමේ පැවැත්මට අභියෝගයක් ද?
(3) ජාතික පුනර්ජීවනය උදෙසා අනගාරික ධර්මපාල තුමා ඉටු කළ සේවය
(4) බුදු දහමෙහි ඇතුළත් දේශපාලන චින්තනය කුමක් ද?

මේ මාතෘකා හතරෙන් තමන් කැමති මාතෘකාවක් තෝරාගත හැකිය. තරගය සඳහා ඉදිරිපත් කරන රචනය තරගකරුගේම නිර්මාණයක් විය යුතුය. එය මෙයට පෙර පළ වූ හෝ පරිවර්තනයක් හෝ නොවිය යුතුය.

එක් මාතෘකාවක් යටතේ එක් අයෙකුට ඉදිරිපත් කළ හැකි වන්නේ එක රචනාවක් පමණි. එම රචනා වචන 1500 කට වැඩි නොවිය යුතු අතර, කොළයේ එක් පැත්තේ පමණක් ලියා හෝ ටයිප් කර මැයි මස 15 වන දිනට පෙර එවිය යුතුය.

එක් කූපනයකින් එවිය හැකි වන්නේ එක් රචනාවක් පමණි. මේ රචනා එවිය යුත්තේ පහත සඳහන් ලිපිනයටය.

“බුදුසරණ” රචනා තරගය, බුදුසරණ කර්තෘ, ලේක්හවුස්, කොළඹ 10.

කථික තරගය

කථික තරගය උතුරුමැද පළාතේ දිනපතා පාසල් හා දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් සීමාවේ. එම අවස්ථාවේ දී ලබාදෙන මාතෘකා අනුව මෙම කථික තරග මිහින්තලයේදී මැයි 23 වනදා පැවැත්වේ. මේ මාතෘකා දහම් කරුණුවලට පමණක් සීමා නොවේ. කථික තරගය කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ වශයෙන් අංශ දෙකකි. ඒ අනුව පාසල්වල 6 වැනි වසරේ සිට 9 වසර දක්වා පංතිවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කනිෂ්ඨ තරගයටත් 10 වසරේ සිට 13 වසර දක්වා පංතිවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජ්‍යෙෂ්ඨ අංශයේ තරගය සඳහාත් ඉදිරිපත් විය හැකිය. කථික තරගය සඳහා ඇතුළත්වීමට ද පහත ඇති කූපනය පුරවා එවිය යුතුය.

ත්‍යාග හා සහතික

තරග ජයග්‍රහකයන්ට ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් පියසේන නිශ්ශංක අනුස්මරණ සම්මානය, ඩී.ආර්. විජේවර්ධන අනුස්මරණ සම්මානය හා බුදුසරණ සම්මානය ප්‍රදානය කෙරේ. එයට අමතරව ජයගන්නා මුල් තිදෙනාට පිළිවෙළින් රු. 10,000/-, 7,500/-, 5,000/- වශයෙන් ජාතික ඉතිකිරිකිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් මුදලින් ත්‍යාග ද වටිනා සහතික ද පිරිනැමේ. හතර වන ස්ථානයේ සිට දස වන ස්ථානය දක්වා රු. 1000/- බැගින් පිරිනැමේ. කථික තරගයටද එපරිදි ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීම පොසොන් පොහෝදා මිහින්තලේ දී සිදුවේ. රචනා තරගයට හා කථික තරගයට එකම අයෙකුට වුවත් ඉදිරිපත් විය හැකිය. එහෙත් වෙන වෙනම කූපන් පත් එවිය යුතුය. මෙම තරග සිංහල මාධ්‍යයෙන් පැවැත්වේ.

කථික තරගය සඳහා ඇතුළත් වීමට කැමති සිසුන් මැයි මස 20 වන දිනට පෙර පහත ඇති කූපනය පුරවා එවිය යුතුය. කවරයේ වම්පස උඩ කෙළවරේ “කථික තරගය“ යනුවෙන් ලියා බුදුසරණ කර්තෘ, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට එවිය යුතුය. ඉල්ලුම්පත්‍ර ලේක්හවුස් අනුරාධපුර ශාඛා කාර්යාලයටද භාරදිය හැකිය.


පොසොන් රචනා / කථික තරගයට ඇතුළත්වීමේ ඉල්ලුම් පත්‍රයයි - 2009

නම : .................................................................................................................................................................................

ලිපිනය හා ..................................................................................................................................................................................

දුරකථන අංකය : ..................................................................................................................................................................................

රචනා තරගයට / කථික තරගයට මම ඉදිරිපත් වෙමි (මේ රචනාව මාගේම නිර්මාණයකි)

කථික තරගයේ අංශය : කනිෂ්ඨ / ජ්‍යෙෂ්ඨ

අධ්‍යාපනය ලබන වසර : ..................................................................................................................................................................................

අධ්‍යාපනය ලබන පාසලේ නම හා ලිපිනය / දහම් පාසලේ නම හා ලිපිනය :

..........................................................................................................................................................................................................................................................

..........................................................................................................................................................................................................................................................


........................................................

අයදුම්කරුගේ අත්සන

මෙම ශිෂ්‍යා / ශිෂ්‍යාව ඉහත සඳහන් පාසලේ / දහම් පාසලේ .................................................. වසරේ අධ්‍යාපනය ලබයි.

මුද්‍රාව :

දිනය : ......................................................

............................................................................................

විදුහල්පති / ප්‍රධානාචාර්ය අත්සන

වෙසක් පුර අටවක පෝය මැයි මස 1 වනදා සිකුරාදා අපර භාග 3.16 ට ලබයි. මැයි මස 2 වනදා සෙනසුරාදා අපර භාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 1 වනදා සිකුරාදා ය. වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 8 වනදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]