UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

ගම්පහ විජයාරාම මාවතේ අංක 252 4/1 නිවසේ පදිංචි ලක්‍ෂමන් අබේසූරිය යන අය එදිනෙදා කම්කරු ක්‍ෂේත්‍රයේ සේවය කරමින් සිටින පිරිමි දරුවන් තිදෙනෙකුගේ පියෙකි. දරුවන් තිදෙනා පාසල් යන කුඩා අය වන අතර මොහු හෘදයාබාධයකට ලක්ව හදවත් සැත්කම සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහලට යොමු කර ඇත. හෘදයේ නාළ තුනක අවහිරතාවයක් මත මෙම සැත්කම කළ යුතු බවට කොළඹ මහ රෝහලේ හෘද රෝගී අංශයේ වෛද්‍ය විශේෂඥ වී.එස්. හෙට්ටිආරච්චි මහතා ද තීරණය කර ඇත.

ඉතා දිළිඳු අයෙකු වන මොහුට මෙම ශල්‍යකර්මය සඳහා ආර්ථික අතින් ඉතා අපහසු තත්ත්වයක පසුවෙන බැවින් යම් පරිත්‍යාගශීලීන් මූල්‍යමය ආධාරයක් පිරිනමන්නේ නම් ගම්පහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අංක 1 0037 01 54 38 – 5 ගිණුමට බැර කරන මෙන් ඉල්ලීමක් කැරේ.


වකුගඩු ආබාධයෙන් පීඩා විඳින අයකුට “බී පොසිටිව්” වර්ගයේ රුධිරය ඇති අයකුගේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. මෙම රෝගියා මත්පැනින් හා දුම් පානයෙන් ද, මස් මාළු වලින් ද තොර ඉතා ධාර්මික අයෙකි. විධායක රැකියාවක් කළ, අසනීපය නිසා කළින් විශ්‍රාම ගිය අයෙකි. වකුගඩුවක් ලබා දී ඔහුගේ ජීවිතය බේරා ගැනීමට දායක විය හැකි ස්වාමීන් වහන්සේ නමක් හෝ ගිහි පින්වතකු ඉදිරිපත් වන මෙන් බිරිඳ හා පවුලේ අය ඉල්ලීමක් කරති. දුරකථනය 071 4445269, 0722884680 වේ.


දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන රෝගියෙකු සඳහා “බී පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිගමය වේ. එම රෝගියා සුවපත් කරගැනීම සඳහා “බී පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත්නම් 0777806094 හෝ 0773823909 යන දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

වෙසක් පුර අටවක පෝය මැයි මස 1 වනදා සිකුරාදා අපර භාග 3.16 ට ලබයි. මැයි මස 2 වනදා සෙනසුරාදා අපර භාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 1 වනදා සිකුරාදා ය. වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 8 වනදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]