UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වැලිතර ශ්‍රී ඥානවිමලතිස්ස මහ නා හිමි ගුණ සමරුව 5 දා

ශ්‍රී ලංකා අමරපුර මහ නිකාය පිහිටුවා වදාළ අතිපූජ්‍ය වැලිතර ශ්‍රී ඤාණවිමලතිස්ස මහනායක මාහිමිපාණන් වහන්සේ අපවත් වී වසර 175 ක් සපිරීම සාසනාලයෙන් යුතුව අනුස්මරණය කිරීමේ පුණ්‍යමහෝත්සවය මැයි මස 05 වන අඟහරුවාදා සවස 2.45 ට අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

ගුණානුස්මරණ දේශනය අමරපුර නිකායේ ආරම්භය ව්‍යාප්තිය හා ශාසනික සේවාව “ යන මැයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් පවත්වනු ලබයි.

වැලිතර ශ්‍රී ඤාණවිමල තිස්ස මාහිමි ගුණ සමරු පදනම සංවිධානය කරන මෙම පූජෝත්සවයේදී රුපියල් 5 ක වටිනාකමින් යුත් මාහිමිපාණන් වහන්සේගේ ගුණ සමරු මුද්දරය හා මුල් දින කවරය නිකුත් කිරීම ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශයේ මෙහෙයවීමෙන් සිදු කෙරේ.

මහානාහිමිපාණන් වහන්සේ ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාරය පුද කිරීම ගුණසමරු කලාපය පිළිගැන්වීම සිදු කිරීමෙන් පසු පූජෝත්සවයට පැමිණි පිරිස පංච ශීලයේ පිහිටුවීම අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ශ්‍රී ඤාණිස්සර මාහිමිපාණන් වහන්සේ විසින් ද පිළිගැනීමේ කතාව ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් ද පවත්වනු ලබයි.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ මුලසුනේ දෙසුම පවත්වන අතර උත්සවයේ අරමුණ පැහැදිලි කිරීම ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරි අතිපූජ්‍ය බ්‍රහ්මණවත්තේ සීවලී අනුනාහිමිපාණන් වහන්සේ විසින් සිදුකරනු ලබයි.

ප්‍රධාන දේශකයා හඳුන්වා දීම විශ්‍රාමලත් නීතිපති ජනාධිපති නීතිඥ සී.ආර්. ද සිල්වා මහතා සිදුකරන අතර ස්තුති කතාව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු පිළිබඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සිදුකරනු ලබයි.

බලපිටිය මහකරාවේ දී 1766 දී උපත ලද ශ්‍රී ඤාණවිමල හිමිපාණන් මහනුවර මල්වතු විහාරයේ දී වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන් වෙතින් පැවිදි බව ලබා 1801 දී බුරුමයේ අමරපුර දී උපසම්පදාව ලැබූහ. පසුව පහත රට උපසම්පදා කර්මය ආරම්භ කර 1806 දී අමරපුර නිකාය පිහිටුවා වදාළහ. උන්වහන්සේ 1833 ජූලි මස 08 වන දින අපවත් වූ සේක.

වෙසක් පුර අටවක පෝය මැයි මස 1 වනදා සිකුරාදා අපර භාග 3.16 ට ලබයි. මැයි මස 2 වනදා සෙනසුරාදා අපර භාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 1 වනදා සිකුරාදා ය. වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 8 වනදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]