UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි හිමියෝ නායක පදවි ලබති

අනුරාධපුර සිරි සඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, කම්මට්ඨාන විශාරද , ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආගමික හා සමාජයීය සේවාවන් කෙරෙහි ප්‍රසාදයට පත් මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ, ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් උන්වහන්සේ වෙත “ ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විශාරද ධර්මප්‍රභ ධීරානන්දාභිධාන “ ගෞරව නාම සම්මුතිය සහිතව “ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක “ හා “රජරට පාර්ශ්වයේ උපාධ්‍යාය “ පදවිය පිරිනමා ඇත.

එම අක්ත පත්‍ර ප්‍රදානය හා කාරක සංඝ සභාව වෙත ප්‍රසාද පූජා පැවැත්වීම අපේ‍්‍රල් මස 30 වන දින සවස 1.30 ට ගම්පහ පහළගම විද්‍යාරවින්ද පිරිවෙන් විහාරස්ථානයේදී ගිහිපැවිදි ප්‍රභූ පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබිණි.

සද්ධා රංසි නාහිමියන් මැයි මස 02 වෙනි දින පස්වරු 1 ට අනුරාධපුර විජයපුර සිරි විජය විදර්ශනා පිරිවනේ සිට අනුරාධපුර ඉසුරුමුණිය ඔරලෝසු කණුව වටරවුම වෙත රිය පෙරහරකින් වැඩමවා ගෙන එනු ලැබේ. එතැන් සිට පෙරහරකින් අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානය වෙත වැඩමවාගෙන ඒමද එදින පස්වරු 2.45 ට උත්සව සභාවක්ද පැවැත්වේ. පස්වරු 6.00 ට අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ ගිලන්පස පූජාව සිදු කෙරේ. රාත්‍රී 9.00 ට සැමට සෙත්පතා සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනය ඇරඹේ. පසු දින දවල් ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සපරිෂ්කාර සංඝ ගත දක්‍ෂිණාව සිදුකෙරේ.

යාගොඩ ධර්මප්‍රභ, මතුගම ධීරානන්ද යන නාහිමිවරුන්ගේ ශිෂ්‍ය රත්නයක් වන සද්ධාරංසි නාහිමියෝ අනුරාධපුර දිසාවේ විහාරස්ථාන 08 ක අධිපතිත්වය දරන අතර ශිෂ්‍ය පිරිස 50 කට අධිකය.

වෙසක් පුර අටවක පෝය මැයි මස 1 වනදා සිකුරාදා අපර භාග 3.16 ට ලබයි. මැයි මස 2 වනදා සෙනසුරාදා අපර භාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 1 වනදා සිකුරාදා ය. වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 8 වනදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]