UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අස්ගිරි මහ නා හිමියෝ ජන්ම සමරුව දා ආසිරි ලබති
 

අනතුරුව අනුරාධපුර රුවන්වැලි චෛත්‍යරාමය අබියසට ඇලි ඇතුන් උඩරට සංස්කෘතිකාංග කොඩි, සේසත් සමග මහ නාහිමි ප්‍රධාන මහා සංඝ රත්නය පෙරහරින් වැඩම කරවන ලදී. රුවන්වැලි මහ සෑ රදුන්ගේ පේසා වළල්ල වටා නෙළුම් මල් කෝටියක් තැන්පත් කර අලංකාර විදුලි බුබුළු දෙලක්ෂයක් පමණින් සැරසු චෛත්‍යරාජයාණන් ගේ ආලෝක පූජාව උන්වහන්සේ විසින් ඒකාලෝක කරන ලදී.

ස්‍යාමෝපාලි වංශික මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහා නායක අග්ගමහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල උඩුගම බුද්ධරක්ඛිත මහ නාහිමියන්ගේ අසූවන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට සෙත්පැතීමේ ආශිර්වාද පින්කමක් අනුරාධපුර ජය ශ්‍රී‍්‍රමහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහ සෑ රදුන් අසලදී ඉකුත් 4 දා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේ අසල වර්ණවත් පුෂ්පවලින් සරසා අටපිරිකර, සිවුරු, ගිලන්පස පූජා කර සෙත් පිරිත් සජ්ඣායනා කරමින් උන්වහන්සේට ආශිර්වාද කරමින් රටට ජනතාවටද එදින සෙත් ප්‍රාර්ථනා කැරිණි.

අනතුරුව අනුරාධපුර රුවන්වැලි චෛත්‍යරාමය අබියසට ඇලි ඇතුන් උඩරට සංස්කෘතිකාංග කොඩි, සේසත් සමග මහ නාහිමි ප්‍රධාන මහා සංඝ රත්නය පෙරහරින් වැඩම කරවන ලදී. රුවන්වැලි මහ සෑ රදුන්ගේ පේසා වළල්ල වටා නෙළුම් මල් කෝටියක් තැන්පත් කර අලංකාර විදුලි බුබුළු දෙලක්ෂයක් පමණින් සැරසු චෛත්‍යරාජයාණන් ගේ ආලෝක පූජාව උන්වහන්සේ විසින් ඒකාලෝක කරන ලදී. චතුමධුර සහිත ගිලන්පස පූජා කරමින් එහිදී ආගමික වතාවත් පවත්වා සෙත්පතා මහ පිරිත් සජ්ඣායනය පවත්වන ලදී.


ශ්‍රී‍්‍ර මහා බෝධින් වහන්සේ අබියසදි

එම අතිඋත්කර්ෂවත් පින්කම අමතා උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා මෙසේ කීය.

අපේ රටේ බෞද්ධ ජනතාව වෙනුවෙන් අතිමහත් සේවාවක් කළ අපේ රටේ පමණක් නොව ලෝකවාසී බෞද්ධ ජනතාවගේ හදවත් දිනාගත් මහා නායක ස්වාමීන් වහන්සේට වසර 80 ක් සපිරෙන මේ අවස්ථාවේදී උන්වහන්සේ වෙනුවෙන් ආශිර්වාද පින්කමක් රජරට පුරවරයේදී පැවැත්වීමටත්, ඒ සඳහා සහභාගී වීමට ලැබීමත් මහත් භාග්‍යයක් සේ සලකනවා. රජරට පුරවරයට මෙම අවස්ථාව ලැබීම පිළිබඳව රජරට ජනතාව සතුටු වෙනවා.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස මහා විශාල පුණ්‍ය කර්මයක් සිදුකළා. අප සියලු දෙනා උන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා.

රුවන්වැලි චෛත්‍යය අබියසට පැමිණිලා දහස් ගණනක් ජනතාව මහා සංඝරත්නය ඒකරාශි වී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සිදු කරනවා. අලංකාර විදුලි බුබුළු ආලෝක පූජාව, නෙළුම් මල් කෝටියක් පූජා කිරීම සිදුවූවා.

මේ පින්කම අංග සම්පූර්ණයි. අද ආශිර්වාද වර්ෂාවක්ද රජරටට ඇද හැලුනා. රජරට වියලි භාවය නැතිකළා. මහා උෂ්ණත්වයක් තිබුණ මෙම ප්‍රදේශය දහම් සිසිලෙන් මෙන්ම වර්ෂාව නිසාද සිසිල් වුණා. එය හාස්කමක් ලෙස සලකනවා. උන්වහන්සේට ස්වභාව ධර්මයා විසින්ද ආශිර්වාද කළායැයි අප හිතනවා.

ඔබ වහන්සේ සිදුකර ඇති සේවාව පිළිබඳව මේ හැම කරුණකින්ම සිතා ගන්න පුළුවන්. ඔබ වහන්සේ පිළිබඳව මහත් ගෞරවයක් හැගීමක් භක්තියක් තිබෙනවා. එනිසා අද දවසේ මේ ආශිර්වාද කරන්න දීර්ඝායුෂ පතන්න අපට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා පමණක් නොව ඔබ වහන්සේ මුළු මහත් රජරට ජනතාව වෙනුවෙන් මේ අවස්ථාවේදී රජරටට වැඩම කිරීම පිළිබඳව අප ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. එය අපට මහත් ආඩම්බරයක්. ඔබ වහන්සේට හැම විටදීම උදව් කරනව.


ශ්‍රී මහා බෝධින්වහන්සේ අසල සමූහ ඡායාරූපයට පෙනී සිටිමින්

අනුනා හිමියන් වැඩම කිරීමත් ප්‍රභූන් රාශියක් සහභාගි වීමත් මහා සංඝ රත්නය විශාල පිරිසක් සහභාගී වීමත් රජරටට මහත් වාසනාවක්. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ මෙම උත්සවය වෙනුවෙන් මහත් කැපකිරීමක් සිදුකළා. මහත් වෙහෙසක් දැරුවා.

මේ අලංකාර උත්සව අවස්ථාවේදී රජරට ජනතාව වෙනුවෙන් මුළු රටවාසී ජනතාව වෙනුවෙන් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරන බවද ප්‍රධාන අමාත්‍යවරයා කීය. අගවිනිසුරුතුමා, පොලිස්පතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් සේවා වල නිලධාරීන් එම පින්කම සංවිධානය කර තිබුණි.


රුවන්වැලි චෛත්‍යය වෙත වැඩම කළ අවස්ථාව

එම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනාහිමි, අටමස්ථානාධිපති පණ්ඩිත පල්ලේගම සිරිනිවාස නාහිමි, රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි, අනුරාධපුර අටමස්ථාන විහාරාධිපති ස්වාමීන් වහන්සේලා, අනුරාධපුර ජයන්ති විහාරාධිපති මල්වතු පාර්ශවයේ මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි, අස්ගිරි විහාරීය කාරක සංඝ සභාවේ මංගල නා හිමි, එහි ලේඛකාධිකාරී නාහිමි, අස්ගිරි පරිවෙනාධිපති හිමි, උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල්, දිසානායක, අගවිනිසුරු සරත් එන්. ද. සිල්වා මහතා උතුරුමැද පළාත් ආඥාපති සනත් කරුණාරත්න, නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන පතිරණ, බාලසුරිය, මැදිවක යන මහත්වරුන් සිල්මෑණිවරුන් කොළඹ නගර සභා නාගරික කොමසාරිස්තුමිය, දළදා මාලිගාවේ කෝරාල , උතුරුමැද, පළාත් නියෝජ්‍ය පොලිස්පති තුමා, ජයන්ත හෙට්ටිආරච්චි පියතුමා, ජීවක එදිරිසිංහ, උතුරුමැද පළාත් සභා ලේකම් ආනන්ද කුලරත්න යන මහත්ම මහත්මීන් සමග දහස් සංඛ්‍යාත මහා සංඝරත්නය බැතිමතුන් විශාල පිරිසක් එම උදාර පින්කම සඳහා සහභාගි වූහ. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි චෛත්‍ය අතර මාර්ගය කහවතින් සුදුවතින් බැබලුන එකම වියනක් ලෙසින් දිස්විය.

 

 

 

වෙසක් පුර අටවක පෝය මැයි මස 1 වනදා සිකුරාදා අපර භාග 3.16 ට ලබයි. මැයි මස 2 වනදා සෙනසුරාදා අපර භාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 1 වනදා සිකුරාදා ය. වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 8 වනදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]