UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වෙහෙරහේන රජමහා විහාරය කේන්ද්‍ර කොට මාතර දිසාව පුරා වෙසක් කලාපයක්

මෙවර වෙසක් උත්සවය මාතර දිස්ත්‍රික්කය පුරා වෙසක් කලාපයක් ලෙස නම් කර ශාසනාරක්‍ෂක බල මණ්ඩල 16 තුළ උත්කර්ෂවත් අන්දමින් සැරසීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කොට ඇත.

මාතර වෙහෙරහේන රාජ මහා විහාරය කේන්ද්‍ර කොට මාතර හා අවට බුද්ධාලම්භන පී‍්‍රතිය උපදවන අයුරින් පරිසරය සැරසීම සිදු කරයි. ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා උත්සවය ද වෙසක් සතිය තුළ සිදු වීම විශේෂත්වයකි.

උපසම්පදා ලාභී සාමණේර භික්‍ෂූන් 25 ක් මාතර පරෙයිදූව උපෝසථාගාරයට වැඩමවා ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ මහා නායක රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ග්‍රන්ථ විශාරද පණ්ඩිත අත්තුඩාවේ ශ්‍රී රාහුල මහ නාහිමියන්, අනූනායක පණ්ඩිත කැකුණේවල පියරතන නා හිමියන්, අනුනායක මහාචාර්ය ගතාරේ ධම්මපාල නාහිමියන් ප්‍රධාන කාරක සංඝ සභාව ඉදිරිපිටදී උපසම්පදාව ලබති.

නගරය සැරසීම හා වෙහෙරහේන රාජ මහා විහාරය දක්වා සැරසීම මාතර වෙළඳ සංගමය, මාතර මහ නගර සභාව, මාතර ප්‍රාදේශීය සභාව, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආදී ආයතන වල මෙහෙයවීමෙන් සිදු කෙරේ. වෙසක් පොහෝ දින මහා සීල සමාදාන පින්කම වෙහෙරහේන රාජමහා විහාරයේ දී පැවැත්වෙන අතර ඒ සඳහා ආශි‍්‍රත පාසල් වල සිසුන් දහසක් පමණ ද ගුරුවරුන් හා රාජ්‍ය ආයතන වල නිලධාරීහු සහභාගී කරවා ගැනීමටත් ශීල සමාදානයට සම්බන්ධ වන සිල්වතුනට දන් පැන් පිළිගැන්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙදින ශාසනාරක්‍ෂක බලමණ්ඩලය ලේඛකාධිකාරී හා සභාපති හිමිවරුන් ඇතුළු සියක් නමක් මහා සංඝරත්නය සහභාගී වන සාංඝික දානයකි. දානයට වඩින මහා සංඝරත්නයට පිරිකර පූජාව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙනි.

මාතර දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩල එක් භක්ති ගීත කණ්ඩායම බැගින් ඉදිරිපත් කෙරෙන භක්ති ගීත සංදර්ශනයට සිසුන් 15 බැගින් සහභාගී කර ගනී. වෙහෙරහේන මහා විහාරයේ ධර්ම ශාලාව ඉදිරිපිටදී විශේෂ වේදිකාව භක්ති ගීත සංදර්ශනය පැවැත්වේ. ලියාපදිංචි දහම් පාසල් වලට සහභාගී විය හැකි වෙසක් කූඩු ප්‍රදර්ශනයකි. මැයි මස 05 වන දින වන විට වෙසක් කූඩු නිර්මාණ වෙහෙරහේන විහාරස්ථානයට ඉදිරිපත් කළ යුතු ය. ඒවා ප්‍රධාන පහන් කූඩුව හා පරිවාර පහන් කූඩු වලින් සමන්විත විය යුතු ය.

ප්‍රථම ස්ථානය දිනා ගන්නා වෙසක් පහන් කූඩුවට රු. 15, 000/- ක් ද දෙවන ස්ථානය දිනා ගන්නා කූඩුවට රුපියල් 10, 000/- හා තෙවන ස්ථානය දිනා ගන්නා පහන් කූඩුවට රුපියල් 7500/- බැගින් ත්‍යාග හිමිවේ. මේ හැර සහභාගීත්වයට රුපියල් 5000/- බැගින් ලබා දෙනු ඇත.

හාරදහසක් දෙනාට ප්‍රමාණවත් බත් දන්සැලක් ද පවත්වන අතර දන්සලේ ආහාර පිළියෙල කිරීම මාතර පොලිස් අධිකාරී කාර්යාලයේ අනුග්‍රහයෙන් පොලිසිය විසින් සිදු කරයි. දන්සැල සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මාතර බෝධි ආරක්‍ෂක සභාවෙන් සැපයේ.

වෙසක් පුර අටවක පෝය මැයි මස 1 වනදා සිකුරාදා අපර භාග 3.16 ට ලබයි. මැයි මස 2 වනදා සෙනසුරාදා අපර භාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 1 වනදා සිකුරාදා ය. වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 8 වනදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]