UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අඹාලේගල ශ්‍රී පුඤ්ඤරතනාරාමයේ උතුම් පින්කමක්

තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ පරම අභිලාශය වූයේ සසර දුක්විඳින අනන්තා පරිමාණ සත්වයන් එම සසර දුකින් එතෙර කරවීම ය. උන්වහන්සේගේ එම පරමාර්ථය සපුරාලනු වස් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිසක් ඇති කළහ. එම පිරිස අතරින් ශාසන භාරධාරිත්වයේ ප්‍රධානත්වය දැරුවෝ භික්ෂූන් වහන්සේ ය. වර්තමානයේ ද එම කාර්ය භාරයේ වැඩි කොටසක් භික්ෂූන් වහන්සේ මත ම පැවරී ඇත.

අභිනව බෝධි ප්‍රාකාරය

වත්මන් ලෝකයේ ඇති අභියෝගයන් ජයගෙන තථාගත අපේක්ෂාව සපුරාලීමෙහි ප්‍රතිබල සම්පන්න තරුණ ක්‍රියාශූ®ර යතිවරයාණන් වහන්සේ නමක් ලෙස මාතර -කෝට්ටේගොඩ බෙලිදෙණියේ ශ්‍රී ථූපාරාමාධිපති බද්දේගම පුඤ්ඤරතන නාහිමියන් හැඳින්විය හැකි ය. කුඩා වියේ ම ප්‍රව්‍රජ්‍යා භූමියට පත් පුඤ්ඤරතන නාහිමියන්ගේ ආචාර්යයන් වහන්සේ ගාලු ගඟබඩ පත්තුවේ ප්‍රධාන සංඝ නායක , ශ්‍රී පූර්වාරාමාධිපති බද්දේගම පේමරතන හිමිපාණන් වහන්සේ ය. මේ රටේ සංඝ නේතෘන් වහන්සේ නමක් වන බෙලිදෙණියේ සිරිධම්ම අනුනාහිමිපාණන් වහන්සේගේ ආභාෂය ලැබීමට ද මුන්වහන්සේ වාසනාවත් වූහ.

බද්දේගම ශ්‍රී අමරවංස මහා පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලත් පුඤ්ඤරතන සාමණේරයන් වහන්සේ, 1989 උපසම්පදා භූමියට පත්වූහ. අනතුරුව ශාසන මෙහෙවරට යොමු වුණ පුඤ්ඤරතන හිමියෝ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අඹාලේගල ග්‍රාමසේවා වසමෙහි ශ්‍රී පුඤ්ඤරතනාරාම විහාරස්ථානය ආරම්භකොට වෙහෙර විහාරාංගයන් සපුරමින් ගමට පළාතට විශාල ආගමික සේවාවක් සිදුකරමින් වැඩවෙසෙති.

ඒ අතර උන් වහන්සේ ප්‍රංශය, ඉතාලිය, ස්වීඩනය, ජර්මනිය, සිංගප්පූරුව , මැලේසියාව , ඉන්දියාව ආදි රට රාජ්‍යයන්හි ධර්මදූත සේවාවෙහි ද නිරත වී ඇත. තම ජාතික ආගමික කාර්ය භාරයන් ශක්තිමත් ව පවත්වාගෙන යාම සඳහා ශිෂ්‍ය හිමිවරුන් දහ නමක් තනා ඇති පුඤ්ඤරතන නාහිමියන් එයින් තෙනමක් උපාධිධාරි භික්ෂූන් බවට පත්කිරීමට සමත්ව ඇත.

ශ්‍රී පුඤ්ඤරතනාරාම විහාරස්ථානයට , අඩුවක්ව පැවැති බෝධි ප්‍රාකාරයක් තැනීමට භාරගත් කොළඹ වත්තල පදිංචි සුජීව සූරියආරච්චි මහතා සහ තරංගි සූරියආරච්චි මහත්මිය රුපියල් දොළොස් ලක්ෂයක් වැය කොට පස් මසක් වැනි කෙටි කලකින් එම කාර්යය නිමාවට පත් කොට ඇත. එම අලංකාර බෝධි ප්‍රාකාරය විවෘත කිරීම සුජීව සුරියආරච්චි මහතාගේ 38 වන ජන්ම දිනය යෙදී තිබූ 2009 ජනවාරි 29 වැනි දිනට යොදාගෙන තිබිණි.

මෙම උතුම් ශාසනික කටයුත්තෙහි යෙදුණ සුජීව සූරියආරච්චි මහතාට සහ මහත්මියට ද ඒ සඳහා අනුශාසනා ලබා දුන් විහාරාධිපති බද්දේගම පුඤ්ඤරතන නායක ස්ථවිරයන් වහන්සේට ද තව තවත් ලෝසසුන් වැඩ වඩනු සඳහා නිදුක් නිරෝගී සම්පත්ති සහ පූර්ණ මහජනානුග්‍රහය ලැබේවා ! ද යි ප්‍රාර්ථනා කරම්හ .

 

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 02 වනදා සඳුදා අපර භාග 05.20 ට ලබයි. 03 වන දා අඟහරුවාදා අපර භාග 03.51 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 09 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]