UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජපානයේ කියොතෝ නුවර අගොන්ශු විහාරයේ නිර්මාතෘ හා අගොන්ශු නිකායේ මහානායක සෙයියු කිරියමා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්මදිනය හා සමගාමීව පැවති ආගමික වතාවත් වලට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ (SLAFF) විශේෂ නියෝජිත පිරිසක් පසුගියදා ජපානය බලා පිටත්ව ගියහ. ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ අධ්‍යක්ෂ ජනරාල් සෝමසිරි ඒ .පතිරණ මහතාගේ මෙහෙවීම මත එම දූත චාරිකාව සිදුකෙරිණි. කියොතෝනුවර අගොන්ශු විහාරයට සැපත් ශ්‍රී ලංකා දූත පිරිස අගොන්ශු නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක පුකුද සෙයිඅ හිමියන් සුහදව පිළිගෙන සමූහ ඡායාරූපයකට මුහුණදුන් අයුරු. අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ශාස්ත්‍රපති ඕමාරේ කස්සප හිමි, බෝපිටියේ විජිත නාහිමි, ගුලවිට සිරිනිවාස නාහිමි, ඌරුමුත්තේ සුගතානන්ද හිමි, මාකඳුරේ සිරිරතන හිමි, බැදිගම නන්දසිරි හිමි, ලේල්වල සමිත හිමි හා ඌරුගමුවේ අස්සජි හිමියන් ද , අගොන්ශු මිත්‍රත්ව පදනමේ අධ්‍යක්ෂ ජනරාල් සෝමසිරි ඒ පතිරණ, සමලේකම් සුනිමල් චන්ද්‍රසිරි යන මහත්වරු ද ,අසංක දේශපි‍්‍රය රබෙල් , ඩී.එම්. පොඩිමහත්තයා යන නර්තන ශිල්පීන් දෙදෙනා ද අගොන්ශූ® විහාරවාසී හිමිවරු කිහිප නමක් ද ඡායාරූපයේ වෙති.

කොළඹ නවම් මහා පෙරහර පෙබරවාරි 8 – 9 රාත්‍රී

කොළඹ හුණුපිටිය ගංගාරාමයේ වාර්ෂිකව පැවැත්වෙන කොළඹ නවම් මහා පෙරහර පෙබරවාරි 8 සහ 9 යන දිනවල රාත්‍රී 7 ට පැවැත්වේ.

ඉතිරිය»

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 02 වනදා සඳුදා අපර භාග 05.20 ට ලබයි. 03 වන දා අඟහරුවාදා අපර භාග 03.51 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 09 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]