UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

නාරම්මල ගිරිඋල්ල මරදගොල්ල ග්‍රාමයේ ප්‍රදේශවාසීන් ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද බුදුමැදුර මෙම ඡායාරූපයෙන් දැක්වේ. එම බුදුමැදුර වටා දර්ශනීය පහන් වැටක් ඉදිකරන ලද්දේ උතුරේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මිය ගිය රණවිරු කේ.කේ. චන්ද්‍රපාල මහතාට පින් පිණිස භාර්යාව වන ඩබ්.ඒ. නාලනී මහත්මිය විසිනි. එහිදී ඇය සහ ඇයගේ දරුවන් ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව. ඇල් .පී. කරුණාසේන (ගිරිඋල්ල විශේෂ)

හම්බන්තොට සූරියවැව පාරේ සිංහගිරි විහාර නව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට වසරක් පිරීම සහ ජාතික රණවිරු උපහාර සතිය නිමිත්තෙන් පසුගියදා පින්කම් මාලාවක් සූරියවැව ජාතික පාසලේ ආචාර්ය විතාරන්දෙණියේ වජිරවංස හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. එහිදී හම්බන්තොට යුද හමුදා කඳවුරේ රණවිරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් විසින් එම විහාරස්ථානයේ අටවිසි බෝධීන් වහන්සේ රෝපණය කිරීම සඳහා විතාරන්දෙණියේ වජිරවංස හිමියන් වෙත භාරදුන් අයුරු ඡායාරූපයෙන් චක්වේ. යුද හමුදා නිලධාරීන් ඇතුළු ගිහිපැවිදි විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

තිහගොඩ කිතලගම නාගරුක්ඛාරාමාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ වැල්ලේතොට පඤ්ඤාදස්සි හිමියන්ගේ 19 වැනි ගුණ සමරු පින්කම පසුගියදා එම විහාරස්ථානයේ දී සිදු කැරිණි. මහා සංඝරත්නය වෙත දක්ෂිණාවක් පිරිනැමීමෙන් අනතුරුව පඤ්ඤාදස්සි පෙර පාසල් දරුවන් වෙත පාසල් උපකරණ නිල ඇඳුම් බෙදා දීම ද සිදු කැරිණි. තිහගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති නාගරුක්ඛාරාමාධිපති අංගුත්ත බදුල්ලේ ඤාණදස්සි හිමියන් විසින් පෙර පාසල් දරුවන් වෙත නිල ඇඳුම් පාසල් උපකරණ බෙදාදුන් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.

ජාතික සමගියත් ආගමික සහයෝගිතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ගන්දර මුස්ලිම් ජනතාව නොබෝදා ගන්දර විජයරත්නාරාම විහාරස්ථානයේ දී මහා සංඝරත්නය විෂයයෙහි සපිරිකර දක්‍ෂිණාවක් පිළිගැන්වූහ.
දන් පිළිගැන්වීමට පෙර ඉස්ලාමීය බැතිමතුන් බුද්ධ පූජාව රැගෙන බුදුමැදුර වෙත පිය නැගූ® අයුරු.
ඡායාරූපය දෙවිනුර විශේෂ ආරියදාස වීරනායක

සමස්ත බෞද්ධ උරුමයන් සුරැකීමේ පදනම මගින් පසුගියදා අනුරාධපුර රුවන්මැලි මහ සෑ රදුන් අබියස සලපතල මළුවේ දී පැවැති බෞද්ධ උරුමයන් රැක ගැනීමේ අධිෂ්ඨාන පූජාවට මහ සඟරුවන ප්‍රධාන බැතිමතුන් පෙරහරෙන් මහ සෑ මළුවට සාමකාමී පා ගමනින් පැමිණි අයුරු.
ඡායාරූපය - වෝල්ටර් දයාරත්න - අනුරාධපුර දිසා විශේෂ

නක්කාවත්ත ශ්‍රී සුදර්ශනාරාමාධිපති බෝගහපිටියේ ධම්මසිද්ධි හිමියන් විසින් රචිත ‘සසර තරණයට මග‘ නමැති කෘතියේ මුල් පිටපත එම විහාරස්ථානයේ දී පැවැති උත්සවයකදී කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් වෙත පිළිගැන්වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. කුලියාපිටිය විශේෂ, ඩබ්. රණසිංහ

ගිරිඋල්ල මාහරගම ශ්‍රී පඤ්ඤානන්ද මහා පිරිවෙන් විහාරස්ථානයේ අභිනව හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ, පසුගිය දා ශාමෝපාලි වංශික මහනිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක, රාජකීය පණ්ඩිත නියංගොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියන් විසින් විවෘත කරන ලදී. එම අවස්ථාවට මෙසේ සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වූ අවස්ථාව.
ඇල්.පී. කරුණාසේන (ගිරිඋල්ල විශේෂ)

 

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 02 වනදා සඳුදා අපර භාග 05.20 ට ලබයි. 03 වන දා අඟහරුවාදා අපර භාග 03.51 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 09 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]