UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අගොන්ශු නිකායේ මහ නා හිමි ජන්ම සමරුවට ලාංකික දූත පිරිසක් ජපානයට යති

ඌරුගමුවේ අස්සජී හිමි

ජපානයේ අගොන්ශු විහාරයේ නිර්මාතෘ සහ අගොන්ශු නිකායේ මහානායක සොයියු කිරියමා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්මදින සැමරුම් උත්සවයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශේෂ දූත පිරිසක් පසුගිය දා ජපානය බලා පිටත්ව ගියහ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ආගමික උපදේශක ශාස්ත්‍රපති ඕමාරේ කස්සප හිමියන්ගේ හා ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ (  SLAFF අධ්‍යක්ෂ ජනරාල් සෝමසිරි ඒ’ පතිරණ මහතාගේ නායකත්වයෙන් යුත් එම දූත පිරිස දෙසැම්බර් 30 වැනිදා සිට සෙයියු කිරියමා මහනාහිමි ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලට සහභාගි වූහ.

ටෝකියෝ සහ කියොතෝ නගර ආශි‍්‍රතව පිහිටි විහාරස්ථානවල දී එම උත්සව පැවැත්විණි.

සෙයියු කිරියමා මහනාහිමියන්ගේ අනුග්‍රහය මත ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනම හරහා මේ වනවිට ලංකාවේ දස දෙසින් තෝරාගත් බෞද්ධ දරු දැරියන් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව 7770 ත් ප්‍රදානය කර ඇති අතර තරුණ තරුණියන් 710 දෙනෙකු සඳහා වෘත්තීය පුහුණු ලබාදී ඇත. ඊට අමතරව විහාරස්ථන නගා සිටුවීම පාසල් හා පිරිවෙන් පුස්තකාල පහසුකම් දියුණු කිරීම ආදී සමාජ සේවා රාශියක් ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනම හරහා සිදු කැරේ.

මෙවර සොයියු කිරියම මහනාහිමි ජන්මදින සැමරුමට ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ සාමාජික හිමිවරුන් වන බෝපිටියේ විජිත නාහිමි, ගුලවිට සිරිනිවාස නාහිමි, ඌරුමුත්තේ සුගතානන්ද හිමි, මාකඳුරේ සිරිරතන හිමි, ඕමාරේ කස්සප හිමි, බැදිගම නන්දසිරි හිමි, ලේල්වල සමිත හිමි හා ඌරුගමුවේ අස්සජී හිමියන් සහ එම පදනමේ අධ්‍යක්ෂ ජනරාල් සෝමසිරි ඒ. පතිරණ, සමලේකම් සුනිමල් චන්ද්‍රසිරි යන මහත්වරුන් හා නර්තන ශිල්පීහු දෙදෙනෙක් ද එම උත්සවයට සහභාගිවීමට නියමිතව තිබිණි.

දුරුතු අව අටවක පෝය


දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සෙනසුරාදා අපරභාග 7.57 ට ලබයි. 18 වන දා ඉරිදා අපරභාග 8.57 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
ජනවාරි 18 වනදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 25 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]