UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 මැදකීඹිය ශේලචේතියාරාමය

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති විහාරස්ථාන අතුරින් මැදකීඹිය ශේලචේතියාරාම විහාරස්ථානය වසර 100 ක් පමණ පැරැණි පූජා භූමියකි. දර්ශනීය පරිසරය කින් හෙබි මනහර කඳු ගැටයක් මත පිහිටි මෙම විහාරස්ථානය මැදකීඹිය ගමේ බැතිමතුන්ට මෙන්ම ප්‍රදේශවාසී සැමට ද ආශිර්වාදය ගෙන දෙන පුදබිමකි.

එහෙත් මෙම විහාරස්ථානය ආරම්භයේ තිබූ වටිනාකම ගිළිහෙමින් පැවැතීම කනගාටුදායකය. මීට හේතුව ගොඩනැගිලි කීපයක් හා එකළ ගල්වඩුවන් විසින් නිමකළ දැවැන්ත ගල්බැමි හා විහාර මන්දිරයේ පවතින අලංකාර බිතුසිතුවම් විනාශ වී තිබීමය.

මෙම විහාරස්ථානය රු. කෝටියක් පමණ වටිනා ධර්මශාලා ගොඩනැගිල්ලේ ආරක්‍ෂාවට බැඳ තිබූ අඩි 40 ක් පමණ උස ගල්බැම්මක් බලාපොරොත්තු නොවු පරිදි කඩා වැටුණි. එය රැක ගැනීමට ප්‍රදේශවාසි දායක පිංවතුන්ගේ ආධාර මත නැවැතත් අඩි 30 ක් පමණ උසට බැඳ ඇති නමුත් මුදල් අපහසුතා මැද තාවකාලික ලෙස නතරකර දැමීමට සිදුවී තිබේ. මීට වසර 40 කට පෙර සුවිශාල ධර්ම ශාලාව ඉදිවීමත් සමග ගල්බැම්මද බැඳ ඇති බව දායක පිංවතුන් කියති.

මැදකීඹිය අවට ගම් ප්‍රදේශ කීපයකම දරුවන්ගේ ධර්මඥානය ලබාදීමට පංති පවත්වනුයේ මෙම ධර්ම ශාලා ගොඩනැගිල්ලෙහිය.

මෙම වටිනා ශාලාව කඩා වැටීම වැළකීමට ගල්බැම්ම ඉදිවිය යුතුය. නමුත් එහි වැඩ නිම කිරීමට නොහැකිව අතරමග නතර වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති අඩි 60 ක් පමණ උස ඝණ්ඨාර කුළුන ඇත්තේ මෙම විහාරස්ථානයේය. එවකට මැදකීඹියෝ විසූ සුප්‍රසිද්ධ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකු වන ඩැනියෙල් මුණුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් හා නිර්මානශීලිත්වයෙන් 1939 වසරේදී ඉදිවූවකි. එයද අභාවයට පත්වෙමින් පවතී.

විහාර මන්දිරයේ ඉදිකර ඇති දර්ශනීය බුදුරුව මෙන්ම අනෙකුත් සිතුවම් චිත්‍ර ශිල්පී ඇම්. සාර්ලිස් මහතා අතින් නිම වූ බවත් සඳහන් කෙරේ.

නමුත් විහාරගෙය වහල දිරා පත්වීමෙන් වැසි ජලය කාන්දු වී වටිනා බිතු සිතුවම්හි ආලේප දියවී යමින් පවතී. දැනට දොරටුපාල පිළිමයන්හි තැන තැන සායම් සේදී පතුරු ගැලවෙමින් තිබේ.

විහාරස්ථානයේ ඇති බෝධීන් වහන්සේ එවකට ඉන්දියාවෙන් වැඩම කොට රෝපණය කළ බව පැවසේ.

අඩු පාඩු ඇතත් මෙම විහාරස්ථානයේ නටබුන් මතින් මෙහි පෞරාණික බව පැහැදිලි වේ.

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි 4 වන දා ඉරිදා පූර්ව භාග 5.39 ට ලබයි. 5 වනදා සඳුදා පූර්වභාග 5.3 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 4 වනදා ඉරිදාය

මීළඟ පෝය ජනවාරි 10 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

ජනවරි 25

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]