UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අමුණුගොඩ සිරිපැරකුම්බා රජමහා විහාරයේ වාර්ෂික පින්කම ඇරැඹේ

ගම්පහ - අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජ මහා විහාරස්ථානයේ 57 වන වාර්ෂික පින්කම මෙවරත් සියනෑකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක අමුණුගොඩ සෝමානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශාස්ත්‍රපති පරකන්දෙනියේ ධීරානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් ජනවාරි 1 වනදා ඇරැඹුනු අතර එය පෙබරවාරි 3 වනදා දක්වා පැවැත්වේ.

ඒ අනුව ජනවාරි 1 වනදා සිට 7 වනදා දක්වා අසූමහා ශ්‍රාවක පූජා පැවැත්වේ. 07 - 28 දක්වා ප්‍රසිද්ධ දේශකයාණන් වහන්සේ වැඩමවා දිනපතා ධර්මදේශනා පැවැත්වේ. ඒ අනුව ජනවාරි 7 වැලමිටියාවේ කුසලධම්ම නාහිමි , 8 සිවුරළුමුල්ලේ සුමනරතන හිමි, 9 පාතේගම සුමනරතන හිමි 10. දරණාගම කුසලධම්ම හිමි 11. උඩුගම්පල ගුනානන්ද හිමි 12. කුඩගම චන්දානන්ද හිමි 13. රත්මලවිට චන්දානන්ද හිමි 14. උයන්වත්තේ ඤානාලෝක හිමි 15. නැදගමුවේ විජය මෛත්‍රී හිමි 16. ඉදුරාගාරේ ධම්මරතන හිමි 17 . වතුරවිල සුජාත හිමි 18 . මාවරලේ භද්දිය හිමි 19 . උතුරාවෙල ධම්මරතන හිමි 20 . ගෝනහේනේ විමලානන්ද හිමි 21 . පානකාවේ පේමරතන හිමි 22. පිටිදුවේ ධම්මික හිමි 23 . ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමි 24. අක්මීමන ධම්මපාල හිමි 25. අරාවත්තේ නේමින්ද හිමි 26. දේවාලේගම මේධානන්ද හිමි 27. මල්වානේ චන්දරතන හිමි 28 . බොරැල්ලේ අතුල හිමි

ජනවාරි 29 වෙනිදා ආරම්භ කෙරෙන තිස්පැයහතේ පරිත්‍රාණ ධර්ම දේශනාවේ දොරකඩ අස්න සහ අනුශාසනා දේශනාව පවත්වන්නේ පෙබරවාරි 2 රාත්‍රී 10 ටයි.

දොරකඩ අස්න මෙවර පවත්වනු ලබන්නේ ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහ විදුහලේ ඉගෙනුම ලබන කෞශල්‍ය කරුණානායක කුමරුවා වන අතර අනුශාසනාව පවත්වන්නේ සිවුරළුමුල්ල, ශෛලාරාමාධිපති සියනෑ කෝරළයේ ද්විතීය සංඝනායක රාජකීය පණ්ඩිත බණ්ඩාරවෙල සාරද හිමියන් විසිනි. දුරුතු මහ පෙරහර සමගින් සංඝමිත්තා මහ පෙරහර පෙබරවාරි 3 රාත්‍රී වීථි සංචාරය කෙරේ.

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි 4 වන දා ඉරිදා පූර්ව භාග 5.39 ට ලබයි. 5 වනදා සඳුදා පූර්වභාග 5.3 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 4 වනදා ඉරිදාය

මීළඟ පෝය ජනවාරි 10 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

ජනවරි 25

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]