UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 මකුට බන්ධන චෛත්‍යය, අංගාර චෛත්‍යය යන නම් කීපයකින්ම කුසිනාරා නුවර පිහිටි මෙම ආදාහන චෛත්‍යය හඳුන්වයි.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු බුදු සිරුර ආදාහනය කළේ මේ ස්ථානයේදී වීමත්, ශ්‍රී දේහය දැවූ සෑයේ අඟුරු ගෙන සෑදූ චෛත්‍යය නිසාත් මෙය අංගාර චෛත්‍යය නම් විය. බුදු සිරුර ආදාහනය කිරීමේදී නොයෙක් සුවඳ දර, සුවඳ පැන්, සුවඳ වර්ග යෙදූ නිසා මෙම ස්ථානයේ පස් බොහෝ කලක් සුවඳවත් විය. ද්‍රෝණ බමුණා ධාතු බෙදුවේ, මේ ස්ථානයේ සිට ය. ගරාවැටී තිබූ මේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කොට අවට භූමිය අලංකාර ලෙස මල්ගස් ආදිය රෝපණය කොට තබා ගැනීමට ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මහා විහාරය

 

මනරම් වෙල් යායකින් වට වූ සුන්දර කඳු ගැටයක් මත පිහිටි බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරය වසර එකසිය පනස් තුනක් පමණ පැරණි අති පූජනීය සිද්ධස්ථානයකි. බෝධිසත්ව ගුණෝපේත අති පූජ්‍ය මහෝපාධ්‍යාය බෝම්බුවල ශ්‍රී දස්සනසාර මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලද මෙම විහාරස්ථානය එදා සිට අද දක්වා ප්‍රදේශයට හා රටට විශාල ශාසනික සේවයක් ඉටු කරන ස්ථානයකි.

ඉතිරිය»

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග 6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 14 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]