UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මල්වතු මහා විහාරයේ කඨින පින්කම

මහනුවර මල්වතු මහා විහාරයීය කඨින මහා පින්කම නොවැම්බර් මස 4 වෙනි දින මල්වතු මහා විහාරස්ථානයේ දී පැවැත් වේ. මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් 63 වැනි වරටත් සංඝරාජ ගුණානුස්මරණ සමිතිය, එම කාන්තා සමිතිය, සංඝරාජ දහම් පාසල සම්බන්ධ කරගෙන පැවැත්වෙන කඨින පින්කම අවසානයේ දී කඨින චීවර තුනක් මල්වතු මහා විහාරය, පෝයමලුව විහාරය, මාහිමි නිල ආරාමය වෙනුවෙන් පූජා කෙරේ.

ඉතිරිය»

දේශීය අධ්‍යාපනයට පණ දුන් තක්සලාව

පෑලියගොඩ විදුලකර පිරිවෙන

 

1875 නොවැම්බර් මස 01 වෙනිදා ආරම්භ කරන්නට යෙදුණු පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනට 2007 නොවැම්බර් මස 01 දිනට වසර 132 ක් සපිරේ. මෙය ඒ නිමිත්තෙනි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දස ප්‍රසාදනී ධර්මයෝ

 

එවං මෙ සුතං එකං සමයං ආයස්මා ආන‍ෙන්ද්‍රා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දක නිවාපෙ අචිර පරිනිබ්බුතො භගවතී තෙන බො පන සමයෙන රාජා මාගධො අජාත සත්තු වෙදෙහි පුතේතා රාජගහං ආයස්මා ආනනේද්‍රා පුබ්බනහ සමයං නිවාසෙත්වා පතතමීවචරං අදාය රාජගහං පිණ්ඩාය පාවිසි....

මෙම පාලි පාඨය මැදුම් සඟියේ උපරි පණ්ණාසකයට අයත් දෙවදහ වර්ගයේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ  සඳහන්වන පාඨයකි. අද වප් අටවක පොහෝ දින බුදුසරණ පුවත් පතේ ධර්ම දේශනාව සඳහා  මාතෘකාව ලෙස තෝරා ගත්තේ ශීලාදී ගුණ ධර්මයන් පිළිබඳ විස්තර කෙරෙන දස ප්‍රසාදිනීය ධර්මයන් ගැනය.

ඉතිරිය»

දිගු කල් සුව දෙන මහ පින්කම

 

වස්සාන සෘතුවට ඇති මාස හතරෙන් අවසාන මාසය චීවරදාන සමය, කඨිනස්ථාර මාසය ආදී නම් වලින් හඳුන්වනු ලබයි. වස්සානයේ මුල් මාස තුන තුළ වස් ශික්‍ෂාපද ආරක්‍ෂා කරමින් සමථ, විදර්ශනා භාවනා වඩන භික්‍ෂුන් වහන්සේලා අතරින් වැඩි දෙනා ධ්‍යාන අභිඥා මෙන්ම මාර්ග ඵල ධර්මයන්ට පත්වෙමින් ගිහි පින්වතුන්ට ද එවැනි ගුණ පිළිවෙත් පුරා ගැනීමට අවකාශ උදා කරයි. වස් පවාරණ විනය කර්මය කිරීමෙන් ඉක්බිති කඨිනස්ථාරය නම් විනය කර්මය සිදු කිරීමට උන්වහන්සේලාට අවස්ථාව උදාවෙයි. දැන් උදාවී පවතින්නේ ද එම පුණ්‍යවන්ත කාල සීමාව වන නිසා විනය පිටකයේ මහාවග්ග පාලි, පරිවාර පාලි ග්‍රන්ථද්වයේ සහ සමන්තාපාදිකා නම් විනයට්ඨ කථාවේත් තදන්‍යටීකා ග්‍රන්ථ වලත් විස්තර කරන ලද කරුණු අනුව කඨිනස්ථාරය නම් විස්තර කරන ලද කරුණු අනුව කඨිනස්ථාරය නම් විනය කර්මය පිළිබඳ කරුණු දැක්වීම නඟාලීම කාලෝචිත යැයි හැඟේ.

ඉතිරිය»

නුගේගොඩ සුපිරි වෙළෙඳ සැලේ එක්සත් වෙළෙඳ සංගමය මගින් අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ට පින් පිණිස ඉදිකරවන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ.

ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

වප් අව අටවක

 

වප් අව අටවක පෝය නොවැම්බර් මස 01
වන දා බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ට ලබයි. 02 වන දා සිකුරාදා අපරභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 01 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය නොවැම්බර් මස 09 වන දා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]