UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

පමුණුගම බෝපිටියේ අංක 371 / ඒ දරණ නිවසේ පදිංචි 38 වියැති ජේ.ඒ.ඩී. චම්පා ගෞරි නමැති තිදරු මව දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පිරිනැමීමට කැමති අයකු හෝ හිමිනමක් වෙත්නම් ඉහත ලිපිනයට හෝ 011 - 2232790 හෝ 077 - 3879027 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.

ශල්‍ය කර්මය සඳහා විශාල මුදලක් වැයවන බැවින් පරිත්‍යාගශීලින්ගේ ආධාර පතා මහජන බැංකුවේ පමුණුගම ශාඛාවේ ගිණුම් අංක 318 - 2 - 001 - 8- 8357767 දරණ ගිණුමක් ආරම්භ කර ඇති බවද ඇයගේ ස්වාමිපුරුෂයා පවසයි.

*****

නො. 35, එපිටමුල්ල පාර, පිටකොට්ටේ පදිංචි එල්. විජේසිංහ මහතාට බී පොසිටිව් වර්ගයේ රුධිරය ඇති වකුගඩුවක් වහාම අවශ්‍ය වී ඇතැයි ද පරිත්‍යාග කරන්නට හැකියාවක් ඇති අයකු වෙතොත් 0112883104 , 0777375747 , 0777784015 යන දුරකතන වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

*****

හලාවත කොළඹ පාරේ පදිංචි අංක 39 සී.ඩොමිනික් ප‍්‍රනාන්දු මහතා දරුණු වකුගඩු රෝගයෙන් පෙලෙන අතර, ඒ සඳහා ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් බද්ධ කිරීමට අවශ්‍ය බව කොළඹ ඇපලෝ රෝහලේ වෛද්‍ය සුජිත් සෝමයියා මහතා නිර්දේශ කර ඇත. දෙදරු පියකුවන ඒ මහතා ෆාමසි සහායකයකු ලෙස සේවය කළ අතර රෝගී තත්වය හේතු කොටගෙන සේවයෙන් ඉවත් වී ඇති නිසා කිසිඳු ආදායමක් නොලැබෙන බවද කියයි. එම සැත්කම නිම කිරීම සඳහා විශාල මුදලක් වැය වන බවත් ඊට අමතරව සැත්කමෙන් පසුව ඖෂධ ලබා ගැනීම සඳහා විශාල මුදලක් වැය වන බවත් වෛද්‍යතුමා නිර්දේශ කරයි. මුදල් ආධාර කේ. ඩබ්ලිව්. තිලකා කුමාරි නමින් ලංකා බැංකුව හලාවත ශාඛාවේ 1731032 දරණ ගිණුම් අංකයට බැර කලහැකි බවද කියයි.

*****

වලස්මුල්ල , ඕමාර, වැල්ලේකඩේ පදිංචි ආර්.ඒ. සිරිසේන නමැති අය වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් , ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා බී පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. මේ සඳහා බී පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වෙත්නම් ඉහත ලිපිනයට හෝ 071 - 6577460 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස එම රෝගියාගේ පුත‍්‍රයා වන ආර්. ඒ. දීපාල් චමින්ද මහතා ඉල්ලීමක් කරයි.

නිකිණි
අමාවක පෝය


සැප්තැම්බර් 10 වනදා සඳුදා අපර භාග 05.04 ට ලබයි.
11 වනදා අඳහරුවාදා අපර භාග 06.18 දක්වා
පෝය පවතී.
සිල් සමාදන් වීම 10 වනදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
19 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර්10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 03

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]