UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම ජයන්තියට දඹදිව දී පින්කම්

අවුරුදු අටසියයක් පමණ දඹදිවින් තුරන්ව තිබූ බුදුසසුන නැවත දඹදිවට ලබාදී බුද්ධගයාව ඇතුළු දඹදිව පූජණීය ස්ථාන ලෝක බෞද්ධයින් අතට පත්කර දුන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 143 වන ජන්ම ජයන්තිය දඹදිව සෑම බෞද්ධ සිද්ධස්ථානයකම උසස් අන්දමින් පැවැත්වීමට ඉන්දීය මහබෝධි සමාගමේ මහා ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් විසින් කටයුතු සංවිධානය කර ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කාරුණික අවවාද දෙන තැනැත්තා නිධානයක් පෙන්වන්නකු වැනි ය

නිධීතංව පවත්තාරං
යංපස්සේ වජ්ජ දස්සීනං
නිග්ගයිහවාදිං මේධාවිං
තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමා නස්ස
සෙය්‍යො හෝති නපාපියෝ
(ධම්ම පදය පණ්ඩිත වග්ග 2 )

තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් සැවැත්නුවර ජේතවනාරාමයේදී දේශනා කරණ ලද මෙම ගාථා ධර්මයෙහි සාමාන්‍ය තේරුම නම්, අපේ යම් වරදක් දැක එම වරද තේරුම් කරදී අවවාද දෙන නුවණැත්තා, නිදන් පෙන්වන්නෙකු වැනි බවත්, එබඳු ප‍්‍රඥාවන්තයින් ඇසුුරු කිරීමෙන් සැමවිටම යහපතක් සිදුවන බවත්ය. බුදුරජාණන් වහන්සේ මෙම ගාථාධර්මය දේශනා කිරීමට හේතුවූයේ දිළිඳු බමුණෙකුට පිහිටවීම සඳහාය.

ඉතිරිය»

ශ්‍රී ලංකාවේ ප‍්‍රථම සිල්මාතා අභ්‍යාස ආයතනය විවෘත කිරීම

ශ්‍රී ලංකාවේ ප‍්‍රථම සිල්මාතා අභ්‍යාස ආයතනය මාතර මූලටියන නෙරලම්පිටිය ගම්මානයේ ඉකුත්දා ආරම්භ කැරිණි.

ඉතිරිය»

හෙළ බොදු සටනේ මහ සෙන්පති

ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහණ ය. එහෙත් වීරෝදාර ශ්‍රේෂ්ඨයන්ගේ ප‍්‍රමාණය අල්පය. සැබවින්ම ඔවුන්ගේ සුලභකමක් වේ නම් විශේෂත්වයක් ද නැත. වර්තමාන ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික, අධ්‍යාපනික ආදී විවිධ ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රබෝධයේ පුරෝගාමී වූයේ ශ්‍රී මත් අනගාරික ධර්මපාලතුමා ය. එතුමා සිය වස්තුවද, ජීවිතය ද ඒ සියල්ල වෙනුවෙන් කැප කරන්නට අධිෂ්ඨාන කර ගත්හ. අනගාරික ධර්මපාල තුමාගේ 143 වන ජන්ම සංවත්සරය සැප්තැම්බර් 17 වන දාට යෙදෙයි. එතුමාට උපහාර වශයෙන් පළ වන ලිපියකි.

ඉතිරිය»

රාගම කැන්දලියද්දපාලුවේ ශ්‍රී ධර්මේන්ද්‍රාරාම විහාරස්ථානයේ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ, ඡායාරූපයෙන් දැක්වෙයි. 1982 වසරේ ජූනි මස වත්මන් විහාරාධිපති කැන්දලියද්දපාලුවේ සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම විහාරස්ථානය ඉදිකැරිණි.

නිකිණි
අමාවක පෝය


සැප්තැම්බර් 10 වනදා සඳුදා අපර භාග 05.04 ට ලබයි.
11 වනදා අඳහරුවාදා අපර භාග 06.18 දක්වා
පෝය පවතී.
සිල් සමාදන් වීම 10 වනදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
19 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර්10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 03

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]