Budusarana Online Edition

UNICODE
[UNICODE]

 www.lakehouse.lk/budusarana | බොදු පුවත් . . . |

පිහිට පතයි

මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ 61 වාට්ටුවේ ප‍්‍රතිකාර ලබන තිදරු මවක් වූ 54 හැවිරිදි ඒ. එස්. බදුරුන්නිසා මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත.
එම තිදරු මව සුවපත් කිරීමට නම් “ ඒ පොසිටිව්” හෝ “ ඕ පොසිටිව්” වර්ගයේ රුධිරය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍ය ඒ. ඩබ්. ඇම්. වසීල් මහතා නිර්දේශ කොට ඇත. ඇයගේ රෝගී තත්ත්වය නිසා සැමියා සහ දරු තිදෙනා අසරණ තත්වයට පත්වී සිටින බවද කියයි. ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ රුධිරය ඇති පරිත්‍යාගශීලියකු 0776419367, 0779415721 හෝ නො .342 , ඔරුලියද්ද, පොල්ගහවෙල යන ලිපිනයට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


Print this Article

|| මුල් පිටුව || බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපිය | පෙර කලාප |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]