Budusarana Online Edition

UNICODE
[UNICODE]

 www.lakehouse.lk/budusarana | බොදු පුවත් . . . |

මහනුවර ඇසළ පෙරහර

මහනුවර ඇසළ පෙරහර මංගලය සිවු මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් ඉකුත් 13 වෙනිදා ආරම්භ විය.
අගෝස්තු 19 දින වීදි සංචාරය කිරීමෙන් ඇරැඹි කුඹල් පෙරහර 23 දා තෙක් දින පහක් වීදි සංචාරය කිරීමෙන් පසු ප‍්‍රථම රන් දෝලි පෙරහර 24 දා ආරම්භ වෙයි. අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුර පසළොස්වක පොහෝ දින වීදි සංචාරය කරයි.

පසුදින (29) අලුයම ගැටඹේ තොටේදී දිය කැපීමේ මංගල්‍යය සිදු කිරීමෙන් පසු දවල් පෙරහර පැවැත්වෙයි. අනතුරුව එදින පස්වරුවේ දියවඩන නිළමේ තුමා සිවු මහා දේවාළ බස්නායක නිලමේ වරු සමඟ පෙරහරින් මහනුවර ජනපති මන්දිරය වෙත ගොස් පෙරහර මංගල්‍යය සාර්ථකව නිමකළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සංදේශයක් මගින් දැනුම් දීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වෙයි.


Print this Article

|| මුල් පිටුව || බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපිය | පෙර කලාප |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]