Budusarana Online Edition

UNICODE
[UNICODE]

 www.lakehouse.lk/budusarana | විශේෂාංග . . . |

සිරි දළදා පෙරහර දා

ලෝකනාථ රාජහංස හික්මවන්ට ජන	 කොඳවිල
සිසිල් පවන් රැළි සමාන රුසිරිත් බබළන	   සුනිමල
බුදු සමිදාණන් සව්සත දුක් ගිනි නිවමින්	    වදහළ
දම් රස රැඳි සිරි දළදා නමදිමි නිවනෙහි	 දොරහළ

දළදා සමිඳුන් වැඩ සිටි සුදු දෙසමන	මල්යානේ
කරුණා සීතල සුවඳින් නිවන් සුවෙක	සන්තානේ
නීල පීත ඈ බුදුරැස් ගලයි සිරස		හන්තානේ
සෙංකඩගල පුරවරයට ඉර හඳ වැනි	සමිඳානේ

බුදුන් වඩියි – බුදුන් වඩියි පසතුරු ගොස	පැතිරුණාය
වන්නම් වාරම් තාලෙට වැව්දිය රැළ	පෙරළුනාය
බුදු පෙරහර අනගි සුරල් ඔබ දැක ගත යුතු	     මනාය
පවසන ලෙස සඳ කොමළිය වළා යටින්	හිනැහුණාය

මාර සෙනඟ පැරදුණු රඟ වීතරාගි 	 බුදුගුණයට
කිණිහිරය ද වෙඬරු පිඩක් විය දළදා 	 සමිඳුන්හට
සංසාරේ සරණතුරා දුක් තිමිරය 		දුරු වන්නට
පහන් සිලක් වේවා මා දොළොස් මහේ රන්	     පහනට
ජිනදාස පුහුල්වැල්ල

--------------------------------------------------------------------------------

මැද රට බොදු සැණකෙළිය

සඳ රැස් - දහර තුරු අතරින් සිනහ 	 සලා
මද සිසිලසින් වන මල් පෙති පුබුදු		 කළා
සද හම් සුවඳ ගත දැවැටී සලිත		වෙලා
අද මුළු රටම යයි මැද මහනුවර		 බලා

වික සිත කුසුම් පෙති මෙන් මුව මඩල 	 තනා
රැක ගෙන හෙළ සිරිත දෙස බස සියලු 	දෙනා
දැක ගනු පිණිස දා පෙරහර සිරිය 		 මනා
සැක නැහැ උදයෙ සිට මහ මග සියලු 	දෙනා

සම හරු දිවා - රැය ආහර රැගෙන 	 එතී
තම දරු පවුල හිතවත් අය වැළද 		 ගතී
ගම රට පුරා පෙරහර ඇස කනට	 	දෙතී
ැම ටම නුවර දළදා හිමි පිහිට 		වෙතී

පෙර සිට සිරිත - විරිතට නිසි තැනම 	     දිදී
අර ඹන පෙර හරේ නිලමෙල මුලට 	    හිදී
වෙර දී කසය හඬ නංගා පෙරට 		  ඇදීී
පෙර හර ළඟම බව කාටත් කියන 	   	    ලදී
හොර ණෑ දවුල් - තම්මැට්ටම් හඬ 	දෙනවා
තර ගෙට නැට්ටුවන් තාලෙට රඟ 		දෙනවා
මුර ආයුධ ද -කොඩි - සේසත් ලෙල 	දෙනවා
පුර සඳ වැටී දා පෙරහර ඔප 		වෙනවා

මුතු මිණි පලස් ඇත්තුන් සරසවන 	    විට
මතු වෙයි විදුලි එලියට රැස් කිරණ 	   කැට
සතු ටින් -උඩැක්කිද - කාවඩි එකට 	 කොට
පතු රයි සිරිය දා පෙරහර නුවර 		    සිට

විදුලි බුබුලු – බැලූ බැලූ හැම තැනම 	  පෙනේ
කඳු රට ඇසළ පෙරහර මුළු ලොවට 	   දැනේ
බොදු හෙළ සිරිත් සිංහලයට උරුම	    උනේ
මැදු රින් දා මලුවෙ බව මතකයට		 ගෙනේ

රඟදෙයි පොඩි ළමයි බෙර තාලය 	    අල්ලා
මග දිග සෙනග ඇත එනතුරු ඇස 	    දල්ලා
හැඟගුමින් යුතුව දා කරඬුව නොම 	 සොල්ලා
ළඟ එයි ඇතුන් පෙළ මුතු කුඩයක් 	    අල්ලා


Print this Article

|| මුල් පිටුව || බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපිය | පෙර කලාප |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]