ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ ඉල් අව අටවක පෝදා 2024 නොවැම්බර් 23 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මේ සම්බුදු සසුනේ පුහුණු කරන්නට ඕනෑ සීලයයි. මේ ජීවිතයේ දී හොඳට සිල් රැක ගත්තොත් සියලු සම්පත් ලැබෙනවා.
නුවණ තිබෙන කෙනා සිල් රකිනවා. සිල් රකින් කෙනාට සැප තුනක් ලැබෙනවා. ඒ තමා ප්‍රශංසාව, ධන ලාභය වගේම සුගතියේ ඉපදිලා සතුටු වීම. සිල් රකින කෙනාගේ සංවර ජීවිතය නිසා එයාට ගොඩක් හොඳ මිතුරන් ලැබෙනවා. ඒ වුණාට දුෂ්ශීල කෙනා පාපී ක්‍රියා නිසා හොඳ මිතුරන්ගෙන් ඈත් වෙනවා.
මුලින්ම අපට පිහිට වෙන්නේ ශීලයයි. ශීලය කියන්නේ යහපත් ගතිගුණවලට. සියලු ගුණ ධර්මවල ප්‍රමුඛයා ශීලයයි. ඒ නිසා ශීලය පිරිසුදුවට තබාගන්න ඕනෑ. සිත මහ මුහුද නම් ශීලය වෙරළයි. සතුටත්, සංවරයත් ලබා දෙන ශීලය හැම බුදුවරුන්ගේ ම පුණ්‍ය තීර්ථයයි. එනිසා ශීලය පිරිසුදුව තියෙන්න ඕනෑ.
දුශ්සීල කෙනා ලබන්නේ ගැරහීමත්, අපකීර්තියත් විතරයි. සිල්වත් කෙනා හැම තිස්සේ ම ප්‍රශංසාවත් ගුණ කතාවත් ලබනවා.
සීලව තෙරුන් වහන්සේගේ උදාන ගාථා ඇසුරිණි
නොවැම්බර් 22 සිකුරාදා අ.භා. 06.14 අව අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 08.02 ගෙවේ. 23 සෙනසුරාදා සිල්
අව අටවක
නොවැම්බර් 23
අමාවක
නොවැම්බර් 30
පුර අටවක
දෙසැම්බර් 08
පසළොස්වක
දෙසැම්බර් 14
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]