සීලය
මේ සම්බුදු සසුනේ පුහුණු කරන්නට ඕනෑ සීලයයි. මේ ජීවිතයේ දී හොඳට සිල් රැක ගත්තොත්
සියලු සම්පත් ලැබෙනවා.
නුවණ තිබෙන කෙනා සිල් රකිනවා. සිල් රකින් කෙනාට සැප තුනක් ලැබෙනවා. ඒ තමා
ප්‍රශංසාව, ධන ලාභය වගේම සුගතියේ ඉපදිලා සතුටු වීම. සිල් රකින කෙනාගේ සංවර ජීවිතය
නිසා එයාට ගොඩක් හොඳ මිතුරන් ලැබෙනවා. ඒ වුණාට දුෂ්ශීල කෙනා පාපී ක්‍රියා නිසා හොඳ
මිතුරන්ගෙන් ඈත් වෙනවා.
මුලින්ම අපට පිහිට වෙන්නේ ශීලයයි. ශීලය කියන්නේ යහපත් ගතිගුණවලට. සියලු ගුණ ධර්මවල
ප්‍රමුඛයා ශීලයයි. ඒ නිසා ශීලය පිරිසුදුවට තබාගන්න ඕනෑ. සිත මහ මුහුද නම් ශීලය
වෙරළයි. සතුටත්, සංවරයත් ලබා දෙන ශීලය හැම බුදුවරුන්ගේ ම පුණ්‍ය තීර්ථයයි. එනිසා
ශීලය පිරිසුදුව තියෙන්න ඕනෑ.
දුශ්සීල කෙනා ලබන්නේ ගැරහීමත්, අපකීර්තියත් විතරයි. සිල්වත් කෙනා හැම තිස්සේ ම
ප්‍රශංසාවත් ගුණ කතාවත් ලබනවා.
සීලව තෙරුන් වහන්සේගේ උදාන ගාථා ඇසුරිණි |