[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

නිවනින් සැනසිය හැකි මහානීය පින්කම

අනුජානාමි භික්ඛවේ, වස්සං වුත්ථානං භික්ඛුනං අත්ථරිතුං, ‘කඨිනය’ යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද? මෙම වචනයේ අර්ථය ගත් විට හැඩි-දැඩි, කඨෝර, ශක්තිමත් බවක් අඟවයි. මහමෙර සෙලවුණත්, මහ පොළොව කම්පිත වුණත්, වජිර පර්වතය සිඳ-බිඳ දැමුවත් කඨින පූජාවෙන් ලබන ආනිසංස නො සිඳෙයි. ආනන්තරීය පාප කර්මයකට හැර වෙනත් කුසලයකට හෝ අකුසලයකට හෝ යටපත් කළ නොහැකි නිසා ද කඨිනය නමින් හඳුන්වයි. පෙර වස් සමාදන් ව හොඳීන් වස් ආරක්ෂා කර ගෙන මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂුවකට කඨිනයක් ලැබිය හැකි ය. දෙවියකු, මනුෂ්‍යයකු, භික්ෂුවක, භික්ෂුණියක, සාමණේරයකු, සාමණේරියක, ශිෂ්‍යමාණවකයකු යන අය විසින් දෙනු ලබන වස්ත්‍රය කඨිනය සඳහා සුදුසු වෙයි. වස්ත්‍ර යනුවෙන් සඳහන් කළාට සියලු වස්ත්‍ර වර්ග කඨිනය සඳහා ගැනීම කැප නැත. “කඨින” යන වචනය කථ ධාතුවෙන් උපන්නෙකි. කථ ධාතුවෙන් පරව ඉන ප්‍රත්‍ය යෙදීමෙන් කථ ධාතුවෙහි ඇති ‘ථ’ හට ‘ඨ’ වී කඨින යන්න සෑදී ඇත. එසේම විනයත්ථ මංජුසා ටීකාවේ දැක්වෙන්නේ සංගණනාර්ථ කථ ධාතුවෙන් පසු ‘ඉන’ ප්‍රත්‍ය යෙදීමෙන් පසු ‘කථ’ ධාතුවේ ‘ථ’ කාරයට ‘ඨ’ කාරය ආදේශ වීමෙන් කඨින යන්න සෑදුණු බවයි. කථ ධාතුවෙහි අර්ථ දෙකක් ඇතුළත් ව ඇත. එක්රැස් වන සංගණනාර්ථය හා කිසිකලෙක වෙනස් නොවන ස්ථිරාර්ථය ද ඇත. මෙයින් පළමු වැනි අර්ථය මෙසේ සලකා බැලිය හැකි ය. කඨින චීවරය යනු ඉහත දැක් වූ අර්ථ ද්වය ම එක්කළ අවස්ථාවකි. එහි මුල් අවස්ථාව කුසල චිත්තුප්පාදය පාදක කොට ගත් වස් ආරාධනාවයි. එහි මධ්‍ය අවස්ථාවෙහි හා අවසාන අවස්ථාවෙහි එම කුසලය වර්ධනය වී කාමාවචර මහාකුසල සිත්වලින් ම පිරිසුදු වීමෙන් සංග්‍රහ වන්නේ ය.


ඉල් පුර පසළොස්වක

 නොවැම්බර් 15 සිකුරාදා පූ.භා. 06.21 පුර පසළොස්වක ලබා 16 සෙනසුරාදා පූ.භා. 03.00 ගෙවේ. 15 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 15

Second Quarterඅව අටවක

නොවැම්බර් 23

Full Moonඅමාවක

නොවැම්බර් 30

First Quarterපුර අටවක

දෙසැම්බර් 08

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]